owata ochchara salli nasthi karanna one na mitto. mokak hari cheap shit 3rd party ekak dapan goo bike walata danawa wage
පිස්සුද බං. එහෙම දාලා හොදම එකෙන් කෙලාවගන්න තමා.
Accident එකක් උනොත් උන් උපරිම service එක දෙනවා. Insurance මොකක් ද බලන්නේ නැහැ.
ඔක්කොම ඉවර උනාට පස්සේ දෙන බිල හැබැයි ගෙවන්න ඕන.
PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි. මීටර් 100 ක් ගියත් 5000 යි. වැඩේ කියන්නේ මොකක් හරි උනොත් එනවා, ගන්නවා දාගන්න ව යනවා. හිතන්න වත් වෙලාවක් නැහැ.
දන්න එකෙක් ට බිල ඇවිත් 83,000.00 AUD. 2017. චිත්තෙකට තව ලංකාවේ එකෙක් එක්ක ගහ ගෙන. උගේ කෙල්ල. දෙන්නම අන්තිමටම හොස්පිටල් admit කරළා. අනිත් එකාට insurance තිබ්බා. මූට තිබ්බේ නැහැ.
මූ අන්තිමට ලංකාවේ. උන් report ගන්නවා සෑහෙන්න. Docters ල සෑහෙන්න බලනවා. මූ ගහගෙන ඉදිමිල, ලේ පෙරාගෙන නිසා ඔක්කොම චෙක් කරලා.
මූට insurance නැහැ කියලා දැන ගෙන සමහර ඒව අරගෙනත් නැහැ. සති දෙකක් හොස්පිටල් තියාගෙන. MRI හිටං කරලා.
ඒක නිසා හොඳ එකක් දාගෙන යන්න. නොදන්න පරිසරයක් නිසා අනතුරු වැඩි.
තව එකෙක් ට උනා, පොර රෑ වෙලා ජොබ් කරලා ඇවිත්, මොකක් හරි මුගේ සීන් එකකින් මූ ඉන්න කාමරේ ගිනි අරගෙන. පැයක් යන්න කලිං මුළු ගේම ගිනි අරන් ඔක්කොම අළු වෙලත් ඉවර ලු. දවසෙන් හොයා ගෙන ගිනි අරන් තියෙන්නේ, heat එකට මූ මොකක් ද අටමගලයක් අටව ගෙන. එකෙන්. හොඳ වෙලාවට ගෙදර අයිති කාරය ෆුල් insurance දාලා තිබිලා. මූ දාපු rental එකේ insurance එක expire වෙලා තිබිලා තියෙන්නේ. අනික මූ හිතා මතා කරපු සීන් එකක් නිසා මුගේ insurance එකෙන් ගන්න බැහැ කතා වක් තිබ්බා. අන්තිමට කොහොම හරි ඔක්කොම ට ම හොරෙන් මූ අතුරුදහන් උනා සැබෑ ම ශ්රී ලාංකිකයෙක් වගේ.
ඔය වගේ සීන් නිසා අනිවාර්යෙන් හොඳ සේරම cover වෙන එකක් දාලා යන්න.