මේකේ දාලා තියන සමහර ප්‍රතිචාර ගැන යමක් කියන්නම්.
@-333-
//PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි.මීටර් 100 ක් ගියත් 5000 යි. //
සාමාන්‍ය road ambulance එකක අඩුම ගාස්තුව ඩොලර් 1200 වගේ. ඒ වගේම, පී ආර්, සිටිසන් නොවන අයට විශේෂ මිලක් නැහැ (ඒක පහල පැහැදිලි කරන්නම්)
@SupiriKollek
//Accident එකක් වගේ උනොත් බඩු බනිස් නෙහ්//
අපි සිංහලෙන් ඇක්සිඩන්ට් එකක් කියන්නේ වාහන අනතුරකටනේ. වාහන අනතුරකට ප්‍රතිකාර ලබන්න හෝ ඇම්බියුලන්ස් වල යන්න පුද්ගලිකව health insurance හෝ ambulance membership උවමනා වෙන්නේ නැහැ. ඒක වාහනයේ ලියාපදිංචි ගාස්තුවට ඇතුලත්වන TAC (VIC), CTP (SIRA/NSW) වගේ ආයතන වලින් "සම්පූර්ණයෙන්ම" ආවරණය වෙනවා.
වැඩ කරන තැනකදී වෙන අනතුරකටත් workcover වගේ ආවරණ ලැබෙනවා.
@ NaiRobi
//anyways... Ambulance PR/ Citizen kiyalath free neha... //
අඩු ආදායම් ලාභී PR හෝ Citizen අයටත් (health care card holders) විශ්‍රාමික අයටත් ( pensioner concession card holders) ඇම්බියුලන්ස් නොමිලේ ලැබෙනවා.