වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,172
    36,183
    113
    කෑගල්ල
    තව ඩිංගෙන් ලීක් වෙලා හැම තැනම පෙරෙනව... 99ට මතක් වෙලා බැලුවෙ...
    මේ... කට ලඟටම ඇවිල්ල..
    රෙදි කැල්ලක් ඔබලා අයින් කරා වගේ මතකයි. ඔක මාරු කරන්න කාලයක් තියනවද? කලින් එක යකඩ ප්ලේට් එකට එනකම් ගෙවෙනකම් දන්නේ නැ. ඇතිල්ලේන සද්දේ නිසා මාරු කරේ. දැන් මන් අලුත් දෙක දාලා 10000 වගේ තමා පැද්දේ දැන් අයෙත් හිටපු ගමන් අර කීන් ගාලා ඇතිල්ලේන සද්දේ එනවා.

    ඒ කට මට්ටමට ආපු ටික තමාත් එහේම්මම තමා. ඔයිල් නම් අඩු වෙලා නැ. සාමන්‍යයෙන් 60000ක් වත් දුවන්න පුලුවන්ද?
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    630
    1,037
    93
    තව ඩිංගෙන් ලීක් වෙලා හැම තැනම පෙරෙනව... 99ට මතක් වෙලා බැලුවෙ...
    මේ... කට ලඟටම ඇවිල්ල..

    Appatahudu!!

    I forgot to check the reservoir when I changed pads (pistons pushed in easily so didn't remove reservoir cap).. cap eka wahala thibbe, leak wenne naa.. Dan duwala gihin check karanna oona.. :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    රෙදි කැල්ලක් ඔබලා අයින් කරා වගේ මතකයි. ඔක මාරු කරන්න කාලයක් තියනවද? කලින් එක යකඩ ප්ලේට් එකට එනකම් ගෙවෙනකම් දන්නේ නැ. ඇතිල්ලේන සද්දේ නිසා මාරු කරේ. දැන් මන් අලුත් දෙක දාලා 10000 වගේ තමා පැද්දේ දැන් අයෙත් හිටපු ගමන් අර කීන් ගාලා ඇතිල්ලේන සද්දේ එනවා.

    ඒ කට මට්ටමට ආපු ටික තමාත් එහේම්මම තමා. ඔයිල් නම් අඩු වෙලා නැ. සාමන්‍යයෙන් 60000ක් වත් දුවන්න පුලුවන්ද?
    කාලයක් කියලනං කොහොමත් 50 පැනල දුවන්න පුලුවන් ඉතිං...

    කොහොමත් ඕක සද්දෙ එන්න හදලතියෙන්නෙ... ඒකෙන් තමයි දැනගන්නෙ බ්‍රේක් ගෙවිල කියල...

    සද්දෙ එනවනං, ගලවල බලන්න පෑඩ් වල හරි රොටර් එකේ හරි කේස් එකක් නිසා ඉක්මනට ගෙවිලද දන්නෑ...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ටික දවසකට කලින් වාහනේ බ්‍රේක් පෑඩ්ස් ටික මාරු කරල දැම්ම...

    ඉතිං ඒ සම්බන්ධව,
    පොඩි ටිප්ස් ටිකකුත් ඇතුලත් කරල නූලක් දිගඅරින්නයි මේ හදන්නෙ...

    වීඩියෝ බලන්න අකමැති අයට මගේ පල් හෑල්ලකුත් එක්ක ෆොටෝ කෑලි ටිකක් තියෙනව,
    ෆොටෝ බලන්න බැරි, @chirantha19890821 වගේ වයසක උන්දැලාට වීඩියෝ කෑල්ලකුත් තියෙනව...

    මගෙනං අදහස,
    ඔයාලට වාහනේ රෝදයක් ගලවල, ස්පෙයා වීල් එක දාගන්න හැකියාවක් තියෙන කෙනෙක්නං..,
    මේ බ්‍රේක් පෑඩ් මාරු කරන වැඩෙත් තනියම කරගන්න පුලුවන් ජාතියෙ සරල වැඩක්...

    මුලින්ම වාහනේ ජැක් කරල, රෝදෙ ගලව ගන්න...
    ජැක් ස්ටෑන්ඩ් නැත්තං වාහනේ රෝද වලට ෆික්ස් වෙන්න අඩ තියල, ගලවපු රෝදෙ වාහනේ යටට දාන්න...
    නැත්තං හදිස්සියෙ ජැක් එක ස්ලිප් වුනොත් ජැක් ස්ටෑන්ඩ් එකේ කර්තව්‍ය ඔයාට කරන්න වෙයි...

    දැන් හිමිහිට බ්‍රේක් ෆෑඩ් එකට ඇහැ දාල බැලුවම,
    අපිට බලාගන්න පුලුවන් මේක ගෙවිල තියෙන විදිහ...

    ඔය පින්තූරෙ තියෙන මෙටල් පතුරුකෑල්ල තමයි බ්‍රේක් පෑඩ් වෙයා ඉන්ඩිකේටර්එක...
    බ්‍රේක් පෑඩ් ගෙවුනම ඔය කෑල්ල බ්‍රේක් රොටර් එකේ ගෑවෙනව... එතකොට, බ්‍රේක් කරන වෙලාවට ගුත්තිලගෙ වීනා වාදනය වගේ කන්කලු නාදයක් එනව...

    ඒකෙන් අපිට දැනගන්න පුලුවන් බ්‍රේක් ගෙවිල තියෙන්නෙ කියල...

    ඔය කෑල්ලෙනුත් එහාට යන විදිහට පෑඩ් එක ඕනවට වඩා ගෙවිල තිබුණොත්, රොටර් එක ඩැමේජ් වෙලා ෆේස් කරන්න වෙන තත්වෙටම වැඩේ ඩල් වෙන්න පුලුවන්...

    දැන් කැලිපරේ යට බෝල්ට් එක ගලවගන්න...

    ගොඩක් වාහන වල 14mm බෝල්ට් එකක් තමයි එන්නෙ,
    මේ ඇණේ ටිකක් තදයි.. ඒ නිසා ඕපන් රිංච් පාවිච්චි කරන්න එපා,
    බොක්ස් ස්පැනර් හෝ රිං ටයිප් ස්පැනර් එකක් පාවිච්චි කරන්න...

    ("🔧" ඒ කියන්නෙ මේ වගේ යතුරු වල කට ඇරුන පැත්ත නැතුව, මුද්ද වගේ තියෙන පැත්ත පාවිච්චි කරන්න... මේ චූටි ඉමෝජියෙ තියෙන්නෙ කම්බිනේශන් ස්පැනර් එකක්)

    දැන් කැලිපර් එක උඩ පැත්තට උස්සගන්න පුලුවන්....

    දැන් කැලිපර් ස්ප්‍රින්ස් දෙක,
    සහ බ්‍රේක් පෑඩ් දෙක හිමිහිට ලොක් වලින් අයින්කරගන්න...

    අලුත් පෑඩ් දාන්න කලින් අපිට, අලුත් පෑඩ්ස් වල ඝණකමට හරියන විදිහට බ්‍රේක් පිශ්ඨන් එක පස්සට තල්ලු කරන්න වෙනව....

    මේක ඉස්කුරුප්පු නියනකින් ලිවර් කරල යවන්නත් පුලුවන්,,
    හැබැයි බ්‍රේක් පිශ්ඨන්, අත පය ඩැමේජ් කරගන්නෙ නැතුව ඒ වැඩේ කරන්න පුලුවන් සරල උපකරණයක් මම හදාගත්ත..

    මේ වගේ පට්ටමකට පොටක් කපල, ඇණයක් දාගත්තම වැඩේ හරි පහසුයි...
    මේ විදිහට කැලිපරේට අටෝල, ඇණේ තදකරනකොට පිශ්ඨන් එක ඇතුලට තදවෙනව.

    IMG-20230724-070249.jpg

    පිශ්ඨන් එක පස්සට යනකොට, බ්‍රේක් ඔයිල් ලෙවල් එක වැඩිවෙනව... ඒක උතුරන්න එනවද කියල ඇහැ දාගෙන ඉන්න...

    දැන් අලුත් බ්‍රේක් පෑඩ් දෙක ක්ලිප් වලට වැටෙන විදිහට, හරි පැත්ත බලල දාගන්න...

    බ්‍රේක් පෑඩ් ස්ප්‍රින් තියානවනං ඒවත් බලල දාන්න... මේව එක එක වාහන වල එක එක විදිහට එන්න පුලුවන්. සමහර වාහන වල මෙහෙම ස්ප්‍රින් එන්නෙ නෑ... ස්ප්‍රන් එන වාහනයක්නං අනිවාර්යයෙන් බලල දාන්න...

    මේ ස්ප්‍රින් ගොඩක් වෙලාවට කැඩිල තියෙන්න පුලුවන්. මොකද මේව රත් වෙනව, ෆැටිග්ෆේලියර් වෙන්න, ඉඩ කඩ වැඩියි... මක බාස්ල ගැලෙවුවම ඕව ආයෙ දාන්නෙ නැතුව තියෙන්නත් පුලුවන්...

    මේ වාහනේ එක පැත්තක ස්ප්‍රින්ස් කැඩිල තිබුණ, මේ තියෙන්නෙ ඒ කැඩිල තිබුණ පැත්තෙයි, අනික් පැත්තෙ රෝදෙයි බ්‍රේක් පෑඩ් ගෙවිල තියෙන විදිහ... අඩුවෙන් ගෙවිල තියෙන්නෙ ස්ප්‍රින් තිබුණ පැත්තෙ පෑඩ් එක..
    දැක්කනෙ වෙනස..

    දැන් ඉතිං කැලිපර් එක හයි කරල, රෝදෙ හයිකරගත්තම වැඩේ අහවරයි... වාහනේ පාරට දාන්න කලින් රොටර් එක අතින් කරකවල බලන්න අවුලක් නැතුව කැරකෙනවද කියල...
    බ්‍රේක් පැඩ්ල් එකත් දෙතුන් පාරක් පැඩ්ල් කරන්න... එතකොට තමයි ඔයිල් ප්‍රෙශර් වෙන්නෙ...

    වැඩේ අහවරයි...
    මෙන්න තියෙනව වීඩියෝව,

    බලන්නකැමති අයට, මම මීට කලින් කරපු මැකනිකල් වැඩ...

    https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්‍රිබියුටරේ-ගලවමුද.2030805/

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

    https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/

    තැන්කූ ඈ වීඩියෝ කෑල්ලට.. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    Appreciate this bruh. (y)

    Anyone
    👇
    ගලවන්න කලින් තියන විදියට පොටෝ ටිකක් ගහගන්න බය නන්.
    machan brake disk eka tikak kapila wage neda? mage disk dekath me photo eke wage. nikan kapila wage parawal thiyenawa, eth aththatama kapila na wage allala baladdi.

    ලාවට කැපිල තමා, එක තද ඉරක් තියනව.
    This is normal given the age of this car.

    හොදටම කෙල උනාම තද ඉරි ලයින් යන්නෙ, පෑඩ්ස් වලත් කානු වගෙ හෑරෙනව. අල්ලල බලනකොට කානු වගෙ දැනෙනේව හොදට

    එතකොට ෆෙස් කරන්න ඕන, ඒකත් දිගටම කරන්න බෑ
    ඩිස්ක් එකම දාන්න ඕන.

    ගාන බලන්නෙ නැතුව කොලිටි පෑඩ්ස් දාන්න. නැත්නන් පෑඩ්ස් තියෙද්දි ඩිස්ක් එක ගෙවෙන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,172
    36,183
    113
    කෑගල්ල
    කාලයක් කියලනං කොහොමත් 50 පැනල දුවන්න පුලුවන් ඉතිං...

    කොහොමත් ඕක සද්දෙ එන්න හදලතියෙන්නෙ... ඒකෙන් තමයි දැනගන්නෙ බ්‍රේක් ගෙවිල කියල...

    සද්දෙ එනවනං, ගලවල බලන්න පෑඩ් වල හරි රොටර් එකේ හරි කේස් එකක් නිසා ඉක්මනට ගෙවිලද දන්නෑ...
    අපරාදේ මේ මාසේ ක්ලච් ප්ලේට් ගහන්න ගලවපු වෙලේ බලවන්න තිබ්බේ. අයේ ලබන මාසෙත් ගලවන්න වෙයි එතකොට බලාගන්නවා. T belt දාන්න වෙනවා. එක්කෝ මෙක බලාන තනියම ගලවලා බලන්නත් පුලුවන්නේ. :lol:
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    පිශ්ඨන් :ROFLMAO:

    පොඩිකාලෙ පිශ්ඨය වැඩි වෙලා

    පිස්ටන් හුත්තො
    ඔවු නේ මචං... කියවෙන්නෙ එහෙම්මමනෙ මට...
    එඩිට් කරා...👍👍

    වීඩියෝ එකෙත් "පිශ්ඨන්" ද දන්නෑ කියල තියෙන්නෙ... ලැජ්ජාවෙ බෑ...
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඔවු නේ මචං... කියවෙන්නෙ එහෙම්මමනෙ මට...
    එඩිට් කරා...👍👍

    වීඩියෝ එකෙත් "පිශ්ඨන්" ද දන්නෑ කියල තියෙන්නෙ... ලැජ්ජාවෙ බෑ...
    විහිලුවක් බං කරේ (y)
    පිස්ටන් තමා හරි වචනෙ
     
    • Love
    • Like
    Reactions: NRTG and PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,155
    25,528
    113
    Fantasy
    🚗 එකේ flat පාරවල් වල බ්‍රේක් සුපිරි. කඳු පල්ලම් බහිද්දී brake අඩුයි හොඳටම. යකඩ ඇතිල්ලෙන සද්දෙ හෙනම කන්දොස්කිරියාව. 20kmph විතර බස්සන්නේ බ්‍රේක් කරගෙන. ඒහෙමත් එකේ පාරේ යන උනුත් හැරි හැරී බලනවා මේ මොන බඩකඩිත්තුවක්ද කියලා.
    ආයෙත් තැනිතලාවට ආවම ගිනිකසයා වගේ බ්‍රේක්. Brake liners ehemath lagadi maaru karee.
    Case1 mokakda???
     
    ගුරුත්වජ ත්වරණය :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    🚗 එකේ flat පාරවල් වල බ්‍රේක් සුපිරි. කඳු පල්ලම් බහිද්දී brake අඩුයි හොඳටම. යකඩ ඇතිල්ලෙන සද්දෙ හෙනම කන්දොස්කිරියාව. 20kmph විතර බස්සන්නේ බ්‍රේක් කරගෙන. ඒහෙමත් එකේ පාරේ යන උනුත් හැරි හැරී බලනවා මේ මොන බඩකඩිත්තුවක්ද කියලා.
    ආයෙත් තැනිතලාවට ආවම ගිනිකසයා වගේ බ්‍රේක්. Brake liners ehemath lagadi maaru karee.
    Case1 mokakda???
    පල්ලමේදි එක දිගට බ්‍රේක් වෙනවනෙ.. එතකොට රොටර් එක රත් වෙනකොට වෙන අවුලක් මට හිතෙන්නෙ...

    ඔර්ජිනල් නොවන තායිවාන්, මැලේසියන් වගේ පෑඩ් වල ඔය වගේ සද්දෙ එන කේස් තියෙනව... ටිකක් චෙක් කරල බලන්න වෙයි. නැත්තං ඩිස් එකත් කැපෙන්න පුලුවන්...
    චැනල් එකට ස්බ්ස්කරිබ් කර මචන් මිස්.
    තෑම්ස් කොලුවෝ...
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,155
    25,528
    113
    Fantasy
    ඔර්ජිනල් නොවන තායිවාන්, මැලේසියන් වගේ පෑඩ් වල ඔය වගේ සද්දෙ එන කේස් තියෙනව... ටිකක් චෙක් කරල බලන්න වෙයි. නැත්තං ඩිස් එකත් කැපෙන්න පුලුවන්...
    Ammatasiri denne mthk une. Ganna giyapu brand eka tibbe nethuwa rear brake pads demme malaysian. But front japan. Mta hithenne nm sadde enne issarahin. Sure ne.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    Ammatasiri denne mthk une. Ganna giyapu brand eka tibbe nethuwa rear brake pads demme malaysian. But front japan. Mta hithenne nm sadde enne issarahin. Sure ne.
    ඉස්සරහ දාල කොච්චර කල්ද...?
    ඉස්රසහින් සද්දෙ එනවනං පෑඩ් ගෙවිලද දන්නෙ නෑ...
    පල්ලමේදි එක දිගට බ්‍රේක් වෙන නිසා මෙටල් පතුරු කෑල්ල ඩිස් එකේ වදිනව ඇති... රත්වෙනකොට ඕක එක්ස්පෑන්ඩ් වෙනවත්නෙ...