~ මොන විකාරයක්ද? සිංහලයන් 10 දෙනෙකුට එක පන්සලක්..! කුච්චවේලි ආක්‍රමණයක්..! බෞද්ධයන්ටත් නින්දාවක්..!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    ඔය පුරා විද්‍යා වටිනාකම් තියන තැන් නම් බන් ලොකුවට වැදගත් දේවල් නැත්නම් බොරුවට ලොකු ප්‍රදේශ වෙන්කරන් ඉදල තේරුමක් නෑ .
    එහෙම විශේෂ තැනක් නම් ඒ තැන විතරක් වෙන් කරල අනිත් ප්‍රදේශය ප්‍රයෝජනයට ගන්න ඕනේ.
    හැම තැනකම මොකක් හරි අතීතයේ ජිවත් වෙච්ච, තිබ්බ දේවල් ගැන සාක්ෂි ඇති හරලා බැලුවොත්.
    ඕවට අදාළ ස්ථානය විතරක් නැතුව පලාතක් ම වෙන් කරල නාස්ති කරල තේරුමක් නෑ . පුරාණයේ හිටියෙත් මිනිස්සු දැන් ඉන්නේත් මිනිස්සු.
    දැන් ඉන්න උනුත් තව අවුරුදු 1000කින් විතර පුරාවස්තු තමයි .
    එහෙම වෙන් කළත් ජාතිවාදි දෙමල පක්ෂ කුල්ප්පු කරල එවන සෙට් එක ඒකත් පිලිගන්නෙ නෑ. උන්ට උන්ට ඕන විදියට ඉතිහාසෙ ලියන්න. වැඩිපුර වෙන් කරනව අනාගත කැනීම් වලට. ඒව කැනීම් වලින් පස්සෙ වැදගත්කමක් නැතිනම් කොහොමත් නිදහස් කරනව. ඒව වෙන්න කලින් දෙමල පක්ෂ ටික මේක Tool එකක් විදියට Use කරන එකයි අවුල. ඒකයි ලංකාවෙ ජාති ආගම් වලට වෙන් උන පක්ෂ තහනම් කරන්න ඕනෙ. දෙමල පක්ෂ ඇතිතරම් ඒ කාලෙ ඉඳන් මධ්‍යම රජයෙන් ගත්ත සල්ලි වලට උන දේකුත් නෑ
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    අලුතෙන් හදන්න යන කුච්චවේලි පන්සල හැබැයි අව්රුදු 2000ක් විතර පරණ ඇති පොඩ්ඩක් විතර:lol::lol:



    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය හා ඒ අවට හමුවන නටඹුන් සහිත ප්‍රදේශය වර්ථමානයේ පිච්චමල් විහාරය යන නමින් හදුන්වනු ලබයි.

    මෙම ස්ථානය මුහුදට ආසන්නයේ පිහිටිම නිසා සමුද්‍ර විහාරයන්ට අයත් එකක් විය හැකි බව වියතුන්ගේ මතයයි. පෙර රජ දවස කණිකාරවෙල්ලික විහාරය ලෙස හදුන්වා ඇති මෙම වෙහෙර ආශ්‍රීතව පවතින නටඹුන් දෙස බැලු කල මෙය අනුරාධපුර මුල් යුගයේ දියුණු ආරාමයක්ව පැවැති බව පෙනි යන්නේය.


    බුදුමැදුරක හා සංඝාවාසයන්හි අත්තිවාරම් මෙම නටබුන් පරිශ්‍රයෙන් හමුවන අතර සංස්කෘතික බසින් ලියැවුණ ශිලා ලිපියක්ද හමුවේ එය සංස්කෘතික බසින් රචිත පළමු ශිලා ලිපිය බවට මතවාද ඇතත් මෙරටින් හමුවු පලමු සංස්කෘතික ශිලා ලිපිය මෙය බවට මහාචාර්‍ය සෙනරත් පරණවිතානයන් පවසයි. ක්‍රිස්තු වර්ෂ හය හෝ හත්වන සියවසෙහි මෙම ලිපිය ලියන්නට ඇති බව වියතුන්ගේ පිළිගැනීමයි.

    මෙම කාලය තුල කුච්චවේලි ප්‍රදේශයේ බුදුසමය දිප්තිමත්ව පැවැති බවත් දෙස් විදෙස් දහස් ගණන් ජනයා මෙම ස්ථානය වන්දනා මාන කිරිමට නිතර නිතර පැමිණ ඇති බව වියතුන්ගේ අදහසයි. නැගෙනහිර වෙරළ තීරය පුරා ක්‍රිස්තු වර්ෂ හත හා අට වන සියවස් වල ලියන ලද සංස්කෘතික සෙල් ලිපි රැසක් හමුවන අතර ඇතැම් ඒවා මෙම විහාරය ඇතුළු අවට බොදු පුදබිම් වලින් හමුවීම තුලින් මෙම පුදබිම පෙර රජ දවස මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බව ගවේෂකයන්ගේ අදහසයි.


    ථේරවාදය හා මහායානය වශයෙන් මෙන්ම මහා විහාරය හා අභයගිරිය වශයෙන් පලමු වරට මෙරට නිකාය භේදය ඇතිවු අනුරාධපුර යුගයේ වලගම්බා රජුගේ දෙවන අභිෂේක සමයේ මෙරට මහායාන බුදුදහම සදහා රාජ අනුග්‍රහය ලැබි තිබු බවත් අභයගිරි විහාරවාසි නිකායික භික්ෂුන් සංස්කෘතික භාෂාව මුල් කරගත් මහායානික අදහස් දැරූ පිරිසක් වු අතර මොවුන් දකුණු ඉන්දියාව සමග නිරන්තර සබදතා පවත්වනු ලැබීමත් එවකට දකුණු ඉන්දියාව සමග නාවික ගමනා ගමනය පිළිබදව වෙළද සබදතා පුල්මුඩේ වරාය කුච්චවේලි වරායන් ආශ්‍රීතව පැවැති බැවින් ඒවා ආශ්‍රීතව මෙම සමුද්දික භික්ෂු ආරාමය පිහිටවු බව සිතිය හැකිය.

    සංස්කෘතික භාෂාව මුල් බැසගත් මහායාන දහම බල පැවැත්වු භික්ෂු ආරාම සංකීර්ණයක් මෙම ප්‍රදේශයේ එදා දක්නට තිබි ඇති බවත් මේවා සදහා රාජ්‍ය අනුග්‍රහයද ලැබි තිබු බව මෙම විහාරය හා ඒ ආශ්‍රීතව දක්නට ලැබෙන සංස්කෘතික සෙල් ලිපි ඇසුරින් හදුනාගත හැකිය.


    රුවන් වැලි මහ සෑයට වන්දනා කිරිම සදහා දුටු ගැමුණු රජතුමාට පිච්ච මල් ගෙන ගියේ මෙම ප්‍රදේශයෙන් බවත් එම නිසා මෙම විහාරය පිච්චමලී විහාරය ලෙස හදුන්වා ඇති බව ජනප්‍රවාදයන්ට අනුව කියැවේ.

    මෙම පුරාවිද්‍යා ස්ථානය අසම්පුර්ණ කැණීමකට ලක්වු ප්‍රදේශයක් බව එහි තිබෙන මෑත කාලින ගොඩනැගිලි දෙස බැලු කල පෙනි යයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1978. 11. 18 වන දින පලමුව මෙම ස්ථානයේ වැඩ ආරම්භ කරනු ලැබීය. මෙහි අවට භූමියේ කරණ ලද කැණීම් වලදි පිළිම ගෙවල් දෙකක නටඹුන්ද ඒ අවට ප්‍රාකාර බැම්මක්ද හමුවී ඇත. එම බැම්ම අසල ඇති තානායම් ගොඩනැගිල්ල 1984 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගනු ලැබීය.

    මෙම ස්ථානයෙන් හමුවන එක් පිළිමගෙයක බැම්ම සදහා යාපනය අර්ධද්වීපයට ආවේණිකවු හුණුගල් යොදා ගෙන ඇති බව පෙනියයි. මෙම පිළිමගෙයට බටහිරින් පදනාගරයක් යැයි බොහෝ දුරට නිගමනය කල හැකි ගොඩනැගිල්ලක නටඹුන් හමුවිය. නටඹුන් වලට අයත් ගල් කණු කිහිපයක් කුච්චවේලි පොලිසිය පවතින භුමිය තුල දක්නට ලැබේ.

    හුණු ගල්වලින් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල අසල පොලවේ කැනීම් කිරිමේදී මතුපිට පොලවෙන් අඩි හයක් පමණ ගැඹුරින් වැළලී තිබු බුදු පිළිමයක් හා සිරස් දෙකක් හමුව තිබේ. මෙම පිළිමය හිටි පිළිමයකි. කොණ්ඩයෙන් උඩ ශ්‍රීවයෙන් පහල කොටසය එහි සිවුරු රැල්ල මනාව නිරූපණය වේ. දකුණු අතෙහි කොටසක් දක්නට නැතත් එය කලාත්මක ප්‍රථිමා නිර්මාණයකි.


    එම ස්ථානයෙන්ම මතු කරගත් ප්‍රථිමා ශීර්ෂ දෙකෙන් පළමු වැන්නෙහි කණ සහිත ශ්‍රීවයෙන් පතුරක් ගැලවි ගොසිනි. නාසය අගින් කැඩි තිබේ. ශිරෝජාල තරමක් විනාශ වි ඇතත් ඌර්ණ රෝම ලක්ෂණය සුරක්ෂිතව තිබේ. දෙවන ප්‍රථිමා ශිර්ෂය නාසය බොහෝ සෙයින් විනාශ වි තිබේ. ශිරෝජාල හා ඌර්ණ රෝම සළකුණ මුළුමණින්ම විනාශවි ඇත. මෙම ප්‍රථිමා කැබලි ඒ මේ අත විසිරි පොලව යට තිබි සොයා ගැණිනි. මෙම ප්‍රථිමා නිර්මාණ කලාව දෙස බැලු කල එය ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බව නිගමනය කල හැකි බව පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි.

    එම පිළිම අසලින් රෝම කාසි කිහිපයක් හා වළං කැබලි කිහිපයක්ද සොයා ගැනීමට හැකිවිය. රෝම කාසි ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසට අයත් ඒවා බව කියැවේ. මෙම පිළිමය හා මෙයට ප්‍රථම 1950 වසරේදී සොයා ගත් පිළිමය නිර්මාණයෙන් එක හා සමාන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රථිමා නෙලා ඇති ආකාරය අධ්‍යයනය කිරිමේදි ඒවා ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බව සිතිය හැකිය.

    නටබුන් සහිත බිම පුරා ගඩොලු හා ගල් කැබලි දක්නට ඇති අතර මතුකර ගත් ප්‍රාකාර බැම්ම ගඩොලු භාවිතයෙන් කර ඇති බව පෙනි යයි. මෙහි ඇති ගොඩනැගිලිද එකම කාලයට අයත් වන අතර මෙම ස්ථානයෙන් කැණීම් කර මතුකරගත් සියලු දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙහි පවත්වාගෙන යන අබලන් කෞතුකාගාරයේ තබා ඇත. කැණිම් කර මතුකරගත් සියලු පුරා වස්තු අනාරක්ෂිතව මෙම ස්ථානයෙහි පවතින අතර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනිමට කෞතුකාගාරය අලුත්වැඩියා කිරිම වගකිව යුත්තන්ගේ යුතුකම වන්නේය.

    සටහන : ලක්මාල් කේ. බදුගේ
    Stupa at the top of the rocky hill at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli Ruins of the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    The unique engraving of stupas not found anywhere else at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    View from top of the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    View from top of the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    The Sanskrit Inscription at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    finely crafted Buddha Statue which dates back to 2nd century at Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    At the Samudragiri Pichchamal Viharaya at Kuchchaveli
    ජාතිවාදී ගොබ්බයන්ටයි මහජාතිය එක්ක තියන ඇරියස් එකට උන්ට උල් පන්දම් දෙන වෙන්න ලිබ්බොන්ටයි ඕව කියල වැඩක් නෑ 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,786
    1
    60,558
    113
    Mother Earth
    චූටි කාලෙ අපි වැස්සෙ නානකොට..
    බුදු අම්බෝ කියපු නැන්ද මාමලට..
    ආච්චි පුංචිලට මම්ම පප්පලට..
    ආයුබෝවන් වැන්දා සන්තෝ..

    අපි වැස්සෙ නෑවා තමයි
    ලෙඩ උනා තමයි
    මැරෙන්ට හදලයි ආවේ
    මොකො එහෙ ඉන්නයි ආස
    සීයා ආච්චි ළග
    අඩි හයක් යට සැපේ

    අයියෝ හිනා යනවනේ
    ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
    අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
    දන්සැල් පෝලිමේ
    මල්ලි දන්නැත්තං අහපංකො
    විස්තර කියපංකො
    හංගන් ඉන්නෙ මොකො අස්සේ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
    එන්ටකෝ බලන්ට අනේ

    Artist - Arjuman -
    Song - කනත්ත පාර
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    එහෙම වෙන් කළත් ජාතිවාදි දෙමල පක්ෂ කුල්ප්පු කරල එවන සෙට් එක ඒකත් පිලිගන්නෙ නෑ. උන්ට උන්ට ඕන විදියට ඉතිහාසෙ ලියන්න ඕනෙ. වැඩිපුර වෙන් කරනව අනාගත කැනීම් වලට. ඒව කැනීම් වලින් පස්සෙ වැදගත්කමක් නැතිනම් කොහොමත් නිදහස් කරනව. ඒව වෙන්න කලින් දෙමල පක්ෂ ටික මේක Tool එකක් විදියට Use කරන එකයි අවුල. ඒකයි ලංකාවෙ ජාති ආගම් වලට වෙන් උන පක්ෂ තහනම් කරන්න ඕනෙ. දෙමල පක්ෂ ඇතිතරම් ඒ කාලෙ ඉඳන් මධ්‍යම රජයෙන් ගත්ත සල්ලි වලට උන දේකුත් නෑ
    ජාති ආගම් ගැන නෙවෙයි කිව්වේ. පුරා විද්‍යා ස්ථාන.
    ඉතුරු වෙලා තියන නටබුන්, සෙල් ලිපි වගේ තැන් වල අයිතිය තියෙන්නේ පුරා විද්‍යා එකට.
    එතන උන්ට ඕන දේවල් හොයන්න , කැනීම් කරන්න වැදගත් තැන් ටික විතරක් වෙන් කලාම ඇති.
    නටබුන් තියන තැන වල අලුතෙන් පන්සල් කෝවිල් ගහනන ඔන නෑ ඒවා හම්බන නිසාම.

    ගොඩක් උන් කෑගහන්නේ පුර විද්‍යා වටිනාකමටම නෙවෙයි. ආගමික ස්ථානයක් කියන තේරුමෙන්.
     
    • Like
    Reactions: SupiriKollek

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,018
    1
    28,406
    113
    උතුරු නැගෙනහිර දෙමළ නිජ බිම කියන්න තියෙන ලොකුම බාධකය තමයි ඒ පළාත් වල තියෙන ඉපැරණි බෞද්ධ නටබුන්. ඒ පළාත් වල ඉන්න දෙමළ, මුස්ලිම් ජාතිවාදීන්ගේ පලමු වැනි ඉලක්කය තමයි මේ ඉතිහාසයේ සාක්ෂි වෙච්ච බෞද්ධ නටබුන් ඉවත් කරනු එක. ඊට පස්සෙ තමන්ගෙ කෝවිලක් අටවාගෙන බොරු ඉතිහාසයක් හදා ගත්තාම ඒක තමන්ගේ ඓතිහාසික නිජ බිම කියන්න පුලුවන්. ත්‍රිකුණාමලය ගෝකන්න විහාරය, මුහුදු මහා විහාරය, කූරගල හැමතැනම කරන්න හැදුවේ මේක.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    ජාති ආගම් ගැන නෙවෙයි කිව්වේ. පුරා විද්‍යා ස්ථාන.
    ඉතුරු වෙලා තියන නටබුන්, සෙල් ලිපි වගේ තැන් වල අයිතිය තියෙන්නේ පුරා විද්‍යා එකට.
    එතන උන්ට ඕන දේවල් හොයන්න , කැනීම් කරන්න වැදගත් තැන් ටික විතරක් වෙන් කලාම ඇති.
    නටබුන් තියන තැන වල අලුතෙන් පන්සල් කෝවිල් ගහනන ඔන නෑ ඒවා හම්බන නිසාම.

    ගොඩක් උන් කෑගහන්නේ පුර විද්‍යා වටිනාකමටම නෙවෙයි. ආගමික ස්ථානයක් කියන තේරුමෙන්.
    ආගමික ස්තාන උඩින් පෙන්නන්න හදන අරමුණ. මැද අරමුණ නිජ බිම. ඒත් Root එකේ තියන අරමුණ පක්ෂ ටිකක් Try කරනව කුට්ටිය පිටින් චන්දෙ කඩාගන්න නිජබිම ඉස්සරහට දාල බෙදීමක් කැලඹීමක් ඇති කරල උන්ගෙ බලේ තියාගන්න. නිජබිම් සංකල්පය බොරුවක් කියල ඕක ගේන උනුත් දන්නව. ඒත් හොඳ Tool එකක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,626
    1
    57,742
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උතුරේ පුරාවිද්‍යා ස්ථාන දකුණෙන් යන ශ්‍රමනවේශධාරී හොරු අල්ලනවා වෙන්න බැරිද?

    Think About It GIF by Dayglow
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    අලුතෙන් හදන ඒව නෙවෙයි පරණ ඒවම තමා ආයේ අලුත් කරන්නේ. කුරුන්ධියේ සිංහලෙන් ලියපු සෙල්ලිපිත් තියෙනවා.
    පරණ ඒවා අලුත් කර එකත් තේරුමක් නෑ නේ බන්.

    හිතපන් පරණ චෛත්‍ය කොටසක් , සෙල්ලිපි, ගල් කණු තියන තැනක් තියනව කියලා මෑත කාලේ පන්සලක් නොතිබ්බ.
    එතන කරන්න ඕනේ පුරාවිද්‍යා වටිනාකමක් තියන තැනක් විදියට පුරා විද්‍යා එකෙන් වෙන් කරල තියාගන එක.
    අලුතෙන් දේවල් එකතු කරල අලුතෙන් මෑතක තිබ්බේ නති පන්සලක් හදන්න ඕන නෑ . එතකොට එතන තියන වටිනාකමත් නැති වෙන්ව.

    දැනටත් පන්සලක් තියන තැනක් අලුත් කරාට කමක් නෑ .
    එහෙම නැතුව තේරුමක් නෑ . ඒවා පුරාවිද්‍යා එක යටතේ තියන්න ඕන.

    උතුරේ පුරාවිද්‍යා ස්ථාන දකුණෙන් යන ශ්‍රමනවේශධාරී හොරු අල්ලනවා වෙන්න බැරිද?
    මෙහෙම දෙයකුත් වෙන්න ඉඩ තියනව.

    කවුද ඔය ප්‍රතිසංස්ක්ර්ණ කරනවා කියන්නේ ?
    පුරාවිද්‍යා එකෙන් ද ? බුද්ධ ශාසන එකෙන්ද ?
    ------ Post added on Aug 30, 2023 at 8:44 AM
     
    • Like
    Reactions: topkollek

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පෙරහැරේ අලියා හිර වෙලා කරන්නෙත් ඔය ජාතියේ ණයක් ගෙවන එකද අස්ලිය ? 🥴
    සියල්ල සිද්ධ වෙන්නෙ සර්ව බලධාරි දෙවියන්වහන්සේගේ කැමැත්තට
    දෙවියන් වහන්සේගේ ක්‍රියා ප්‍රශ්න නොකරව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,222
    99,949
    113
    පරණ ඒවා අලුත් කර එකත් තේරුමක් නෑ නේ බන්.

    හිතපන් පරණ චෛත්‍ය කොටසක් , සෙල්ලිපි, ගල් කණු තියන තැනක් තියනව කියලා මෑත කාලේ පන්සලක් නොතිබ්බ.
    එතන කරන්න ඕනේ පුරාවිද්‍යා වටිනාකමක් තියන තැනක් විදියට පුරා විද්‍යා එකෙන් වෙන් කරල තියාගන එක.
    අලුතෙන් දේවල් එකතු කරල අලුතෙන් මෑතක තිබ්බේ නති පන්සලක් හදන්න ඕන නෑ . එතකොට එතන තියන වටිනාකමත් නැති වෙන්ව.

    දැනටත් පන්සලක් තියන තැනක් අලුත් කරාට කමක් නෑ .
    එහෙම නැතුව තේරුමක් නෑ . ඒවා පුරාවිද්‍යා එක යටතේ තියන්න ඕන.


    මෙහෙම දෙයකුත් වෙන්න ඉඩ තියනව.

    කවුද ඔය ප්‍රතිසංස්ක්ර්ණ කරනවා කියන්නේ ?
    පුරාවිද්‍යා එකෙන් ද ? බුද්ධ ශාසන එකෙන්ද ?
    ------ Post added on Aug 30, 2023 at 8:44 AM
    අගත අනගත චතුදිශ ශගශ

    කියලනෙ පූජා කරල තියෙන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    සියල්ල සිද්ධ වෙන්නෙ සර්ව බලධාරි දෙවියන්වහන්සේගේ කැමැත්තට
    දෙවියන් වහන්සේගේ ක්‍රියා ප්‍රශ්න නොකරව
    අප්පටසිරි , පොරගේ පුතාට ඇන ගැහුවෙත් එයාගේ කැමැත්තට ද ?

    අගත අනගත චතුදිශ ශගශ

    කියලනෙ පූජා කරල තියෙන්නෙ
    දැන් ඕවා ප්‍රතිසංස්කරණය කරන්නේ කවුද කියලා උබ දන්නවද ?
    ------ Post added on Aug 30, 2023 at 8:54 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,222
    99,949
    113
    අප්පටසිරි , පොරගේ පුතාට ඇන ගැහුවෙත් එයාගේ කැමැත්තට ද ?


    දැන් ඕවා ප්‍රතිසංස්කරණය කරන්නේ කවුද කියලා උබ දන්නවද ?
    ------ Post added on Aug 30, 2023 at 8:54 AM
    ඒක අදාලද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,626
    1
    57,742
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද ඔය ප්‍රතිසංස්ක්ර්ණ කරනවා කියන්නේ ?
    පුරාවිද්‍යා එකෙන් ද ? බුද්ධ ශාසන එකෙන්ද ?
    ඔය කියන රජයේ ආයතන වලින් නෙවෙයි මේවා කරන්නෙ. NGO වලින්.