ක්රිකට් ලෝක කුසලාන ඉතිහාසයෙ ලොක කුසලාන තරඟ වලදි ඔසියො ෆයිනල් ඇවිත් පැරදිලා තියෙන්නෙ දෙවතාවයි .
ඒ 1975 දි බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ 1996 දි ශ්රි ලංකාවට. අනික් සැම වතාවකම ඔසියන් ජයග්රහනය කොට ඇත.
ඒ 1996 දි තමා ලකුණු හඹා ගිහින් ජයග්රහණය කරපු ප්රථම වර්ල්ඩ් කප් එක .එකත් ඔසියන්ට එරහිව . එහෙම හිටිය සිංහළු තමා අද මෙ බළු වෙලා තියෙන්නෙ මෙම්බර්ශිප් එකත් නැතුව.
ඒ වගෙම ඉන්දියාව මෙ world cup එකට කලින් ෆයිනල් තුන් වතාවක් ඇවිත් තියෙනවා.
එකෙන් දෙවතාවක් ජයග්රහණය කරලා තියෙනවා.
ඒ 1983 දි එතෙක් එකදිගට පලමු සහ දෙවන world cup දෙකම ජයග්රහණය කරපු කොදෙව්වන් පරදවලා.
ඒ වගෙම අනික් දිනපු මැච් එක තමා 2011 දි සිංහළුන්ට එරහිව.
ඒක නම් මන් ටිකක් පැහැදිමක් නැහැ මොකද තනිකරම අපි දිනන්න තිබ්බ ගේම් එක වික්ක සීන් එකක් තමා තිබ්බෙ.
හැබැයි ඉන්දියාව එක්ක තියෙන සාම්ප්රදායික තරහ පැත්තකින් තියලා කතා කරොත් මෙ වර්ල්ඩ් කප් එකෙ ඉන්දියාව අපරාජිත ටීම් එකක් .
අපරාජිත උන පලියටම ෆයිනල් දිනයි කියන්නත් අමාරුයි .
මොකද 2015 වර්ල්ඩ් කප් එකෙ අපරාජිත නිව්සීලන්ඩ් ෆයිනල් ඔසියන්ගෙන් කෑවා .
ඉතිං ක්රිකට් එහෙම තමා .
ඉතිං මෙ world cup එකෙ ෆයිනල් කතා කරොත් ඉහත logics අනුව ඔසියො දිනන සම්භාවිතාව වැඩි