දැනටමත් වෙලා තියෙන ටික තමයි කිව්වේ.
මන් කියනවට මේවා අහන්න එපා. උබ පොඩ්ඩක් රට යන විදිය, මිනිස්සු දැන් ජීවත් වෙන විදිය, බඩු වල ගනන්, උබලගේ job security එක, ජොබ් එකේ උඩටම යන්න ක්‍රම තියෙනවද (පඩිය වැඩි කරගන්න විදි), මාසෙට එන බිල් වල ගනන්, ඉස්සරහට එන tax එක, බැන්දම කොහොමද හම්බෙන පඩිය බැලන්ස් කරගන්නේ, බැදලා ලමයෙක් හම්බුනාම කොහොම වියදම් ටික බැලන්ස් කරගන්නේ, වාහනයක් ගත්තොත් කොහොමද බැලන්ස් කරගන්නේ,ලෝන් එකක් ගත්තොත් කොහොමද බැලන්ස් කරගන්නේ, ගෙයක් හැදුවොත් කොහොමද බැලන්ස් කරගන්නේ,අම්මලාට අසනීපයක් වුනොත් කොහොමද බැලන්ස් කරගන්නේ කියලා උබම හිතලා බලපන්. උබට ගන්න පඩියෙන් ඉතිරිත් කරලා ඔය ටික ඔක්කොම මැනේජ් කරගන්න පුලුවන්නම් අවුලක් නෑ ඉතින්. ඒක උබේ අතේ තියෙන්නේ. මන් මේ කිව්වේ දැනටමත් වෙලා තියෙන ඉස්සරහට වෙයි කියලා හිතෙන දේවල්. මේවා මෙච්චර ඉක්මන්ට හරි මෙහෙම්ම නොවුනත් මේ දේවල් කොයි වෙලේ හරි පත්තු වෙලා එනවා. මෙහේ ඉන්නවනම් ඕවත් ඔලුවේ තියන් තමයි ඔක්කොම බැලන්ස් කරගන්න වෙන්නේ
------ Post added on Nov 27, 2023 at 12:38 PM