ගිය සතියේ පොඩි දෙන්නා අරන් ක්ලීනික් ගිය වෙලාවේ ත්‍රිපෝශ දීලා තිබ්බා. ස්ටොක් ඉවරකරගන්නද කොහෙද බර හරියට තිබිලත් පැකට් හතරක්ම දීලා. හැබැයි ළමයින්ට දෙන්න එපා කියලා අර පිළිකා කාරක සීන් එක නිසා.(අපි කෑවට ලොකු අවුලක් නෑ, ළමයින්ට බලපෑම වැඩියි කියලා කියන්නේ) කොහොම හරි ඉතින් මාත් ආසාවට පොඩි උන්ට හොරෙන් ටිකක් හදාගෙන කෑවා. යකෝ මෙලෝම රහක් නෑ. පිළිකා කාරකත් තියෙද්දි අඩු ගානේ රසවත් තිබියන්. එහෙමත් නෑ.මේ මළජරාව කන්නේ මොකටද කියලා විසික් කරලා දැම්මා.ඉතුරු ඔක්කොමත් කුණුවලට දාන්න හිතන් ඉන්නේ.උබලට කියන්න බන්, 2019 විතර මට මතකයි නංගිගේ පුතාට ත්‍රිපෝශ හම්බෙලා අපි කනවා, පට්ට කොලිටි. අපේ ළමයින්ට උනත් 2021 වගේ හම්බුනු ඒවත් අවුලක්ම නෑ. දැන් තියෙන්නේ මල ජරාවනේ. පොඩි දරුවන්ගේ අතිරේක පෝශණ ආහාර වේලටත් පිළිකාකාරකයි, මෙහෙම රස නැති මල ජරාවයි දෙනවා නම් මේ රටේ ඉතුරු ඒවා ගැන කුමන කතාද බන්. 





