නිකන් ගෙවල්වල ඉන්න උන්ව දානවනම් අපිත් යනවනෙ බං දාන්න පුළුවන් ලෙවෙල් එකේ උන් ගැන තමයි කියන්නේ උන්ගෙන් සාපේක්ෂව ක්‍රිකට් පුළුවන් උන්වද සාපේක්ෂව ෆිට්නස් හොඳ උන්වද ගන්න ඕන
පින්තෝගේ ෆිට්නස් හොඳයි හැබැයි ඌ ප්ලේ කරන පොසිෂන් එකේ උගේ රෝල් එක හරියට කරනවා කියලා උඹ හිතෙනවද ඌ කොහොම ප්ලේ කරත් ඌව කැපෙන්නේ නෑ භානුකයාගේ ෆිට්නස් හොඳ කාලේ පින්ටෝට දෙනවා වගේ චාන්ස් දුන්නා කියලා උඹ හිතෙනවද ඌට එදත් කැපිල්ල අදත් කැපිල්ල
ඉතින් බන් අසලංක කියන එකා භානුකට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නේ .. අරු කොච්චර කල් ක්‍රිකට් ගැහුවත් වැඩක් නෑ තාම කිසි ෂුවර් එකක් තියන්න බෑ . අසලංකයා හොදට චේස් කරල තියනවා මැච් දිනන්නම. අනික ඌට 6 ඒවා හොදට ගහන්න පුලුවන්.
උබ ඔය කියන භානුක කියන එකා T20 වල inning ගානට වත් 6 ඒවා ගහල නෑ . ඌ වැදුනොත් එළියේ. නැත්නම් අවුට් ගොඩක් වෙලාවට.
ලකුණු එක දෙක දාන්න දන්නේ නෑ . ඉක්මනට ලකුණු දෙක තුනක් දුවාගන්න බෑ . සමහර bowlersලට ඌ ට ගහන්නම බෑ . බවුන්ස් වගේ දැම්මොත් ටිකක් හයියෙන් දාන එකකේ හරි ඉතින් . ඌ ට පුලුවන් අර බබා වගේ ස්පින් එක උගේ තැනට වැටුනොත් 6ක් ගහන්න තමයි.. නැත්නම් ඔව්ර්පිච් ටිකක් ඈතින් වැටුනොත් හරි කකුලට ෂෝර්ට් ආවොත් පුලුවන්. ස්පින් එකත් හරි හමන් එකෙක් ආවොත් ගහන්න බෑ . මොකද ඌ තනි පාරක් බලාගෙන ඉන්නේ ගහන්න . ස්පින්ර් ට එහෙට මෙහෙට ගැප් වලට ගහාල ලකුණු දුවන්න බලාගෙන නෑ . අර තනි උඩ ස්ලොග් ස්වීප් එක ගහල ගෙඩිය දෙනවා හරියට ටර්න් වෙන විකට් එකක . ඌට 6 ඒවා ගහන්න හැකියාවක් තිබ්බට එක දිගට ෂුවර් කරල ලකුණු ගන්න බෑ .
එහෙනම් ඉතින් ඊට වඩා ලොකු 6ඒවා තිසරය ගහනවා. තේරුමක් නෑ . ෂුවර් කරල ලකුණු ගන්න බෑ . එහෙනම් මෙහෙන් වැදුනොත් තමයි.
------
Post added on Jul 26, 2024 at 6:30 PM