ඕකනම් වැරදියි මචං. මොකද මොලයක් තියන මිනිස්සු නම් ලමයෙක් හදන්න කලින් ප්ලෑන් කරන්න ඕන හරියට. ලමයි ඇප්ලිකේශන් දාලා එන්නෙ නෑනෙ? ලමයෙක්ව මේ ලෝකෙට ගේන්න තීරණය කරනවනම් ඒකට සුදුසුකම් තියෙන්න ඕන. දැන් ලංකාවෙ තත්වෙ එක්ක නම් අනිවා තමන්ටම අයිතිය තියන ගෙයක්, අඩුම ඇල්ටො වගේ කාර් එකක්, අවම ලක්ෂ එක හමාරකවත් මාසික ආදායමක් නැති පවුල් ලමයි හදන්න සුදුසු උන් නෙවෙයි. හදන එකා දෙන්න පුලුවන් උපරිම සැප දීලා හදන්න බලාගෙන තමා ප්ලෑන් කරන්න ඕන. ඒක අනිවාරෙන්ම දෙමව්පියන්ගෙ වගකීම. කන්න ටික දුන්නා කියලා, අතපය නොකඩා හැදුවා කියලා, රජයෙ ඉස්කෝලෙට ගිහින් දාලා පොත්පත් ටික අරන් දුන්නා කියලා විතරක් හරිම දෙමව්පියො කියලා ලමයින්ගෙ ආදරේ ගෞරවේ ලබන්න දෙමව්පියො සුදුසු වෙන්නෙ නෑ.
එහෙම තමන්ට ලමයෙක් හදන්න අවශ්‍ය ආර්ථික, සමාජීය හැකියාව හොදට තියන කපල් එකක් හොදට ප්ලෑන් කරලා ලමයෙක් හදලා පොඩි කාලෙ ඉදන් ඌට ඔක්කොම සැප දීලා, ඉන්ටර්නැෂනල් ස්කුල්/ ලංකාවෙ ජනප්‍රියම පාසල් 25න් එකකට වගේ දාලා English මීඩියම් උගන්වලා, ලමයට ඉගෙනගන්නම දුවවන්නෙ නැතුව හොදට ස්පෝර්ට්ස් එහෙම කරන්න තරුණ ජීවිතේ විදින්නත් සපෝට් කරලා, ඒලෙවල් ඉවර උනාම ගවර්මන්ට් කැම්පස් එකක ලමයා කැමති ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙලා නැත්තං කෙලින්ම හොද ප්‍රයිවට් කැම්පස් එකකට දාලා අවුරුදු 23/24 වෙද්දි ඩිග්‍රී එකත් තමන් කැමති පැත්තෙන් කරවලා දීලා, ලමයට ගෙවල්/ ඉඩම් වගේ දේපල ටිකකුත් ඉතුරු කරලා දෙන දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයෙකුයි
ඔහේ වැලේ වැල් නැතුව පොඩි ජොබ් කරලා අමාරුවෙන් රෝල ගහන් යන, හරිහමන් ඉන්න හිටින්නවත් තැනක් නැති ඩබලක් කිසිම ප්ලෑන් එකක් නැතුව ලමයෙක් හදලා, ඔහේ ලගම රජයෙ ඉස්කෝලෙට දාලා යන්තන් 4 වසරට ආව ගමන් තෝ කොහොම හරි ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට පලයන්. නැත්තං තෝ ඉවරයි කියලා පොඩි එකාට ප්‍රෙශර් කරලා ක්ලාස් 3කට විතර යවලා මරවලා ශිෂ්‍යත්වෙ කරවලා, කොහොමහරි ඌ මීටරයක් වෙලා ටවුන් එකේ සාමාන්‍ය ඉස්කෝලෙකට හරි සිලෙක්ට් උනොත් ඒකට යවලා, ඒකෙත් දුප්පත්කම් අගහිගකම් හින්දා සෑහෙන දුක්, අපහසුතා විදලා කොහොමහරි ඕලෙවල් හොදට කරගනින් කියලා ප්‍රෙශර් කරලා ක්‍රීඩාවක්වත් කරන්න දෙන්නෙ නැතුව පොතටම කොටුකරලා අන්තිමට ඒලෙවල් කරන්න ගියාම අපිටනම් සල්ලි නෑ උබට වෙන මොනවත් කරලා දෙන්න කොහොමහරි ඒලෙවල් කරගෙන කැම්පස් පලයන් නැත්තං තෝ ඉවරයි කියලා ප්‍රෙශර් කරලා ඌට තරුණ ජීවිතයක් නැති කරලා, ආසාවට හොදම නව යොවුන් කාලෙ ලස්සනටම ආදරේ දැනෙන කාලෙ කෙල්ලෙක් දිහාවත් බලන්න නැති කරලා, යන්තන් උක ඉරාගෙන පාඩම් කරලා ඌ මීටරයක් නිසා ගවර්මන්ට් කැම්පස් එකක ඉන්ජිනියරිංම හරි යන කොල්ලෙක්ගෙයි ජීවිත දෙල ගැන හිතපන්කො උන්ට අවුරුදු 25 උනාම.
උඩම කිව්ව කොල්ලා පුංචි කාලෙ ඉදන් හැම සැප සම්පතක්ම විදලා ජීවිතෙත් විදලා ලොකු මහන්සියක් නොවී ඌට හැමදේම ලැබිලා English හොදටම හැදිලා effortless, හොද ඉස්කෝලෙකට ගිය නිසා හොද තැන්වල යාලුවො කන්ටැක්ස් ඉබේම හැදිලා, 23 වෙද්දි ඩිග්‍රී එක කම්ප්ලීට් නිසා 25 වෙද්දි ජොබ් එකෙත් හොද තැනක. ඉඩමක්/ ගෙයක් දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා ඌට හෙමීට වාහනයක් අරගෙන (මේකෙත් ගානෙන් 1/3ක් වත් දෙමව්පියො දෙයි) 27න් විතර ලස්සන කෙල්ලෙකුත් බැදලා ආතල් එකේ ඉන්න පුලුවන්. වෙඩින් එකෙත් වියදමින් 3/4ක් වත් දෙමවිපියො දායි.
එතකොට අනිත් කොල්ලා ගැන ගත්තොත් ඌ කොච්චර මහන්සිවෙලා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගියත්, අමුම කට්ටක් කාලා ෆර්ස්ට් ක්ලාස් එකක් ගත්තත් ඉන්න හිටින්නවත් තැනක් හරියට හදාගන්නෙ නැතුව තව නංගිලා මල්ලිලත් 3ක් විතර හදලා තියන මහ උන් දෙන්නා එක්ක පවුලමත් ඇදගෙන හැම දේම කිසිම සපෝට් එකක් නැතුව තනියම කරගෙන අර උඩ කිව්ව කොල්ලා ගානට එනකොට අවම ඌට වයස 35 වත් වෙනවා. ඒත් ඌ පට්ට වැඩ්ඩෙක්නම් සහ අමුම අමු කට්ටක් කෑවොත් විතරයි. (ටියුෂන් කරලා බිස්නස් කරලා නම් පොඩි වයසෙන්ම කෝටිපතියො වෙන උන් නම් ඉන්නවා 1/10000ක් විතර උන් ලක් එකත් සෙට් වෙන උන්ව පැත්තක තියමුකො. මේ කතාකරන්නෙ සාමන්‍යෙ ජොබ් කරලා ගොඩ යන එකෙක් ගැන නිසා) උගෙ ජීවිතේම කට්ටක් පොඩ්කාලෙ ඉදන්, හරියට ස්පෝට් එකක් කරලා නෑ, ජීවිතේ විදලා නෑ, ස්ට්‍රෙස් ප්‍රෙශර් කටු විතරයි කාලා තියෙන්නෙ 25ත් පනිනකම්ම. කොච්චර වැඩ්ඩෙක් උනත් English නිසා හැලෙනවා. English ගොඩ දාගන්න අමුම ගේමක් දීලා කට්ටක් කන්න ඕන. හරිහමන් කන්ටැක් එකක් නෑ වැඩක් කරගන්න. අඩුම රටවත් යන්න බෑ ගොඩක් වෙලාවට පවුලෙ අය නිසා.
ඔය කේස් දෙක කම්පෙයා කරලා බලපන්කො