SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

netnet

Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    මෙම පැහැදිලි කිරීම වඩාත් සරලව මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්:

    1. ප්‍රධාන නීතිය (Billing Logic)

    SLT බිල් සාමාන්‍යයෙන් හැදෙන්නෙ පාවිච්චි කරල ඉවර වුණාට පස්සෙ (Postpaid). හැබැයි Unlimited පැකේජ් වලදී ඒ මාසයට අදාල ගාස්තුව කලින්ම අය කරනවා (Advance payment).

    2. බිල වැඩි වෙන්න හේතුව

    ඔබ Unlimited පැකේජ් එකකට මාරු වූ මුල් මාසයේ බිල වැඩි වෙන්නෙ මේ නිසයි:

    පරණ මාසයේ පාවිච්චිය: ගෙවී ගිය මාසය සඳහා වන සාමාන්‍ය ගාස්තුව.

    අලුත් මාසයේ ගාස්තුව: ඉදිරි මාසය සඳහා Unlimited පැකේජයේ මුළු ගාස්තුව කලින්ම එකතු වීම.
    අපි දැන් ජනවාරි එන බිල් එක ගෙවන්නේ පෙබරවාරි එකත් එක්කනේ එතකොට පෙබරවාරි අන්තිමේ එන්න ඔන මාරුතු මාසේ බිල විතරයි නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    අපි දැන් ජනවාරි එන බිල් එක ගෙවන්නේ පෙබරවාරි එකත් එක්කනේ එතකොට පෙබරවාරි අන්තිමේ එන්න ඔන මාරුතු මාසේ බිල විතරයි නේද?

    Ow

    January 01 bill --> December bill + January advanced payment

    February 01 bill --> February advanced payment

    March 01 bill --> March advanced payment

    So on and so forth
     
    • Like
    Reactions: zid2021 and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    Ow

    January 01 bill --> December bill + January advanced payment

    February 01 bill --> February advanced payment

    March 01 bill --> March advanced payment

    So on and so forth
    අන්න ඒකයි මම කිව්වේ ලෝකේ කවදාවත් හිතාගන්න බැරි දේවල් තුනක් තියෙනවා කියලා
    1. විස්වයේ විසාලත්වය
    2. සාගරයේ ගැබුර
    3 ඒස් එල් ටී බිල හදන විදිය
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අපි දැන් ජනවාරි එන බිල් එක ගෙවන්නේ පෙබරවාරි එකත් එක්කනේ එතකොට පෙබරවාරි අන්තිමේ එන්න ඔන මාරුතු මාසේ බිල විතරයි නේද?
    image.png

    ඔව් මේ බලන්න, ඔය ප්‍රශ්නෙ වෙන්නෙ එක මාසයක බිලකට විතරයි, ඊට පස්සෙ හැම මාසෙකම හැදෙන ඒව නෝමල් වෙනව, ඒත් සර්විස් එකට බිල් වෙන්නෙ ඉදිරි මාසයට, ඒ කියන්නෙ අපි සර්විස් එකට කලින්ම ගෙවල වගේ දෙයක්.
    මේ නෝමල් බිල් එකක්, බලපං වැඩේ තේරෙයි.

    මේ බිල් එකත් මුං වරද්දල තිබ්බෙ, Static IP එකක් දාල, මම කෝල් කරල ඇමතුවම ඕක Adjust කරල දුන්න, මුංගෙ සිස්ටම් හොඳටම අවුල්, ඔය බිල් ආවම හොඳට බලපං චෙක් කරල.
     
    • Sad
    Reactions: netnet

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601
    113
    Masayak inna wena ekak naha wenada bill ena dawasatama ei

    old bill amount + new package advanced payment = January bill
    නෑ නෑ ඒක නෙවෙයි සීන් එක ඕකුංගෙ මොනව හරි සැගවුනු ලිමිට් එහෙම තියෙනවද කියල බලලම මාරු කරනව.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    image.png

    ඔව් මේ බලන්න, ඔය ප්‍රශ්නෙ වෙන්නෙ එක මාසයක බිලකට විතරයි, ඊට පස්සෙ හැම මාසෙකම හැදෙන ඒව නෝමල් වෙනව, ඒත් සර්විස් එකට බිල් වෙන්නෙ ඉදිරි මාසයට, ඒ කියන්නෙ අපි සර්විස් එකට කලින්ම ගෙවල වගේ දෙයක්.
    මේ නෝමල් බිල් එකක්, බලපං වැඩේ තේරෙයි.

    මේ බිල් එකත් මුං වරද්දල තිබ්බෙ, Static IP එකක් දාල, මම කෝල් කරල ඇමතුවම ඕක Adjust කරල දුන්න, මුංගෙ සිස්ටම් හොඳටම අවුල්, ඔය බිල් ආවම හොඳට බලපං චෙක් කරල.
    මෙහෙමයි. අන්ලිමිටඩ් පැකේජ් හැම මාසෙම එන්නේ ෆික්ස් ගානක්නේ මොකද ඔකට ඇඩ් ඔන් දාන්න බෑ ඉතින් ටෙලිකොම් එකෙන් ඔය ෆික්ස් ගාන මාසේ මුලම ගන්නවා අර ප්‍රී පේඩ් වගේ. ගොඩක්ම පොල්ල තියල කනෙක්සන් අයින් කරන කේස් නිසා වෙන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    මෙහෙමයි. අන්ලිමිටඩ් පැකේජ් හැම මාසෙම එන්නේ ෆික්ස් ගානක්නේ මොකද ඔකට ඇඩ් ඔන් දාන්න බෑ ඉතින් ටෙලිකොම් එකෙන් ඔය ෆික්ස් ගාන මාසේ මුලම ගන්නවා අර ප්‍රී පේඩ් වගේ. ගොඩක්ම පොල්ල තියල කනෙක්සන් අයින් කරන කේස් නිසා වෙන්න පුලුවන්.

    SLT හෝ ඕනෑම ටෙලිකොම් ආයතනයක් මෙලෙස Advance Payment (කලින් ගෙවීම්) ලබාගැනීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා:

    1. ආයතනයට ඇති අවදානම අවම කරගැනීම (Risk Management)

    Unlimited පැකේජ් වලදී ඔබ කොපමණ ඩේටා ප්‍රමාණයක් පාවිච්චි කරනවාද යන්නට සීමාවක් නැහැ. යම් හෙයකින් පාරිභෝගිකයෙකු මාසයක් පුරා අධික ලෙස ඩේටා පාවිච්චි කර, මාසය අවසානයේ බිල නොගෙවා සේවාව අත්හැර ගියහොත් එය සමාගමට පාඩුවක්. ඒ නිසා එම මාසයේ ගාස්තුව (Monthly Rental) කලින්ම ලබාගැනීමෙන් ඔවුන්ගේ අවදානම අඩු කරගන්නවා.

    2. ස්ථාවර ආදායමක් සහතික කරගැනීම (Cash Flow)

    Unlimited පැකේජ් කියන්නේ ස්ථාවර මාසික ගාස්තුවක් ඇති සේවාවන්. සමාගමට තම නඩත්තු කටයුතු සහ මෙහෙයුම් වියදම් සඳහා මාසය ආරම්භයේදීම නිශ්චිත ආදායමක් ලැබීම මූල්‍යමය වශයෙන් වාසිදායකයි.
     
    • Love
    Reactions: netnet

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මෙහෙමයි. අන්ලිමිටඩ් පැකේජ් හැම මාසෙම එන්නේ ෆික්ස් ගානක්නේ මොකද ඔකට ඇඩ් ඔන් දාන්න බෑ ඉතින් ටෙලිකොම් එකෙන් ඔය ෆික්ස් ගාන මාසේ මුලම ගන්නවා අර ප්‍රී පේඩ් වගේ. ගොඩක්ම පොල්ල තියල කනෙක්සන් අයින් කරන කේස් නිසා වෙන්න පුලුවන්.
    මට මේක හිතුනෙ වෙනම දෙයක්, මුං එකපාර Advance billing වලට මේව දැම්මෙ, මේකෙ Telephone rental එකක් වදින්නෙ නෑ නේ, රෙන්ටල් එක 400 ගානක් නේ, Advance payment අරගෙන, අර රෙන්ටල් එක නැතිවෙන ලොස් එක රිකවර් කරනව වගේ දෙයක් ඒකෙන්. මොකද කෙනෙක් වැඩිපුර ලොකු ගානක් ගෙව්වම, 400 කෑලි කීයක් එතැන තියෙනවද බලපං.
    මුං ඔය වගේ සූක්ෂම විදියට තමයි සල්ලි හූරගෙන කන්නෙ. අපි හිතනවට වඩා ගොඩක් දුර ඕකුං හිතනව. නැත්නම් මොන මගුලකටද මේ ප්‍රොසෙස් එක නිකං Complicated කරගන්නෙ Advance මගුලක් දාල.
     
    • Sad
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    මම ඔය අන්ලිමිටඩ් එකට යන්න තවත් හේතුවක් තමයි අඩොන් රන් වෙන එක. ගොඩක් මාසවල දිගටම රන් වෙලා තිබ්බා කැන්සල් කලත්. හැම මාසේම කම්ප්ලේන් කරන්න එපා වෙනවා. අනික ඩෙටා මදි. දැන් මෙකට ඇඩ් වෙන්න දෙයක් නෑ. රෙන්ට් එකයි ටැක්ස් එකයි බිලේ එන්නේ.
     
    • Like
    Reactions: msan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම ඔය අන්ලිමිටඩ් එකට යන්න තවත් හේතුවක් තමයි අඩොන් රන් වෙන එක. ගොඩක් මාසවල දිගටම රන් වෙලා තිබ්බා කැන්සල් කලත්. හැම මාසේම කම්ප්ලේන් කරන්න එපා වෙනවා. අනික ඩෙටා මදි. දැන් මෙකට ඇඩ් වෙන්න දෙයක් නෑ. රෙන්ට් එකයි ටැක්ස් එකයි බිලේ එන්නේ.
    image.png

    මේ සමහර මාස වල මම ඇඩෝන් දාපු තරම්, ටැක්ස් එක්ක රුපියල් 3000කට එහා ඇඩෝන් දාල තියෙනව. මේ යක්කු හොඳට ගසාගෙන කෑව. මම Starlink වලට මාරු උනාට පස්සෙ මාර Freedom එකක් තියෙන්නෙ දැන් නම්. කිසිම ලිමිට් එකක් නෑ, රුපියල් 9200යි ගෙවන්නෙ. Full Unlimited, Speed එකත් මෙයිට වඩා 4ගුණයක් විතර වැඩියි.
    මේ පරණ බිල් බලද්දි හිතෙනව ඇයි මේක මෙයිට කලින් ලංකාවට ආවෙ නැත්තෙ කියල, රුපියල් 20,000කට කිට්ටු බිල් තමයි මෙච්චර දවස් ගෙවල තියෙන්නෙ මුංට
     
    • Like
    Reactions: thushana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    image.png

    මේ සමහර මාස වල මම ඇඩෝන් දාපු තරම්, ටැක්ස් එක්ක රුපියල් 3000කට එහා ඇඩෝන් දාල තියෙනව. මේ යක්කු හොඳට ගසාගෙන කෑව. මම Starlink වලට මාරු උනාට පස්සෙ මාර Freedom එකක් තියෙන්නෙ දැන් නම්. කිසිම ලිමිට් එකක් නෑ, රුපියල් 9200යි ගෙවන්නෙ. Full Unlimited, Speed එකත් මෙයිට වඩා 4ගුණයක් විතර වැඩියි.
    මේ පරණ බිල් බලද්දි හිතෙනව ඇයි මේක මෙයිට කලින් ලංකාවට ආවෙ නැත්තෙ කියල, රුපියල් 20,000කට කිට්ටු බිල් තමයි මෙච්චර දවස් ගෙවල තියෙන්නෙ මුංට

    https://software-static.download.pr..._svc_refresh_CLIENT_CONSUMER_x64FRE_en-us.iso

    IDM ekata dala gif ekak danna balanna download speed :unsure:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    මුලින්ම කියපං gif එකක් දාන්නෙ කොහොමද කියල මේකට. මම කලින් අරගෙන නෑ gif ekak

    Using the Windows Snipping Tool (Windows 11)

    This is the easiest built-in method if you have the latest updates.
    1. Launch Snipping Tool: Press Win + Shift + S or search for "Snipping Tool" in the Start Menu.
    2. Select Video Mode: Click the video camera icon or toggle to video mode.
    3. Define Area: Drag to select the part of your screen you want to record.
    4. Record: Click "Start" (or the red circle) and perform your actions, then click "Stop" when done.
    5. Export as GIF: In the preview window, click the "Export GIF" button, choose quality (low/high), and save.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    image.png

    මේ සමහර මාස වල මම ඇඩෝන් දාපු තරම්, ටැක්ස් එක්ක රුපියල් 3000කට එහා ඇඩෝන් දාල තියෙනව. මේ යක්කු හොඳට ගසාගෙන කෑව. මම Starlink වලට මාරු උනාට පස්සෙ මාර Freedom එකක් තියෙන්නෙ දැන් නම්. කිසිම ලිමිට් එකක් නෑ, රුපියල් 9200යි ගෙවන්නෙ. Full Unlimited, Speed එකත් මෙයිට වඩා 4ගුණයක් විතර වැඩියි.
    මේ පරණ බිල් බලද්දි හිතෙනව ඇයි මේක මෙයිට කලින් ලංකාවට ආවෙ නැත්තෙ කියල, රුපියල් 20,000කට කිට්ටු බිල් තමයි මෙච්චර දවස් ගෙවල තියෙන්නෙ මුංට
    uba ethakota fiber ain kalada? dan nam Starlink therumak naha neda except speed?
     
    • Like
    Reactions: DXB2021

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    False claim detected
    ඇයි එහෙම කියන්නෙ, 50MBps කියන්නෙ, 50*8=400Mbps
    SLT Unlimited එක 100Mbps නේ

    uba ethakota fiber ain kalada? dan nam Starlink therumak naha neda except speed?
    නෑ ෆයිබර් එක Trio Vibe package එකකට Downgrade කරල බැක් අප් කනෙක්ෂන් එක විදියට තියාගෙන ඉන්නව. ඒක යූස් කරන්නෙම නෑ. නිකං තියල තියෙනව.
    ------ Post added on Jan 2, 2026 at 12:56 AM

    image.png

    මේ තියෙන්නෙ මගේ ෆයිබර් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක Trio Vibe පැකේජ් එක. දැන් ගත්තෙ මේ ස්ක්‍රීන්ෂොට් එක. 300Mbps දෙනව කියන එක තමයි මේ ගානෙන් යන්නෙ, Unlimited Family එක 100Mbps නේ, මෙයිට වඩා තුන්ගනයක් ස්ලෝ, ස්ටාර්ලින්ක් එකට වඩා 4ගුණයක් ස්ලෝ

    @Hyaenidae
     
    Last edited: