චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,316
    8,307
    113
    M-Town
    "චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා! එතනින් එහා Original artist ගේ එක නෙමෙයි අහන්න හිතෙන්නේ "

    සාමාන්‍යෙන් ආටිස්ට් කෙනෙක් ගත්තම එයාට කියන්න පුලුවන් සින්දු රේන්ජ් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය රේන්ජ් එක ඇතුලේ තියෙන්නේ ටිකක් එක වගේ සින්දු. එහෙම ආටිස්ට් කෙනෙක්ට වෙන ආටිස්ට් කෙනෙක්ගේ සින්දුවක් ලයිව් කියන්න දුන්නම ගොඩක් වෙලාවට අසරණ වෙනවා මම දැකලා තියෙනවා. ඒක මේ අපි ගොඩක් ගරු කරන අති දක්ෂ ගායන ශිල්පීන්ටත් පොදු දෙයක්.

    හැබැයි චන්දන ලියනාරච්චි කියන්නේ පුදුම මිනිහෙක්. මේ මනුස්සයා ලයිව් ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා ඔරිජිනල් ආටිස්ට්ව එහා පැත්තේ තියාගෙන ඒ ආටිස්ට්ගේ සින්දු කියනවා ඔරිජිනල් එකට වඩා හොඳට.

    මේ හාදයා මේ වැඩේ කරේ එක පාරක් දෙපාරක් විතරක් නෙමෙයි... එඩ්වඩ් ජයකොඩි වගේ පරණ ගායකයින්ගේ ඉඳලා සුපුන් පෙරේරා සංඛ දිනෙත් වගේ අලුත් ගායකයෝ වෙනකනුත්, සමිතා මුදුන්කොටුව වගේ ගායිකාවන්ගේ සින්දුත් effort less කියලා දානවා just another day at Chandana's office වගේ 😂😂😂

    ඕකෙන් මට සෙට්ම වුන එක තමයි එඩ්වඩ් ජයකොඩිගේ නිහඬ කල්පනා සින්දුව. චන්දනගේ වොයිස් එකෙන් ඒක කියනකොට පුදුම ඉනර් පීස් ෆීලින් එකක් එන්නේ

    කොහොමහරි චන්දන ලියනාරච්චි කියන්නේ අපේ කාලේ අන්ඩරේටඩ්ම ගායකයෙක් කිව්වොත් හරි...

    "සියපත විලමත පුබුදනමුත් යස,
    උල්පත හැමදාමත් නිසලයි..."

    නිහඬ කල්පනා :

    ප්‍රාතිහාරී :

    චංචල හැඟුමක :

    පාවෙලා කෝඩු ආකාසේ :
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,374
    8,685
    113
    Kotahena
    Mata chandana liyanarachchi set na ban

    Melo rahak nathi monotonous feeling ekak enne එයාගෙ sinduwalata.

    Patta boring
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,024
    126,336
    113
    දෙහිවල
    කිව්වට විශ්වාස කරපං මේ thread එක දැකලා අද බොන්න හිතුනා
    උඹේ reply එක දැකලා ඒක confirm උනා
    නිරා මොකෝ වෙන්නේ?
    උබ ද කොහේ ඉන්නේ? වාද්දුව? මිරිහාන?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,734
    113
    කෑගල්ල
    මේ හදිසියේ ඔන්වුණ චන්දන ලියනාරච්චි සොමිය නිසා අපිට පරණ ලව් මතක් උණොත් පව් පිරෙනවාද...?
    දේ දුන්නක් වී නිල් අහසට ඔබ එන්න... :lol:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    මේ හදිසියේ ඔන්වුණ චන්දන ලියනාරච්චි සොමිය නිසා අපිට පරණ ලව් මතක් උණොත් පව් පිරෙනවාද...?

    අද රෑ වස්දඬු රාවය
    කියයි සිතේ ඇති ආලය
    තරුමල් සිපගෙන එන පෙම් සිහිනයේ
    නැලවීයන් සංකා හැර ප්‍රේමියේ..

    පරණ ලව් නම් නෑ සින්දුව අහන ගමන් මගතොටේ දැක්ක හිතගිය කෙල්ලො මතක් කරලා හීන මව මව හිටියා
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,769
    869
    113
    ස්වර්ණවිමානේ
    මගේ ප්‍රියතම ගායකයා චන්දන ලියනාරච්චි. අපිට ට්රිලියනයකින්වත් හොයාගන්න වෙන්නෙ නැති දෙන්නෙක් තමා චන්දනයි මාලනී බුලත්සිංහලයි කියන්නෙ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,455
    6,626
    113
    කියල තියන එක ඇත්ත, voice tone සුපිරියටම තියනව colour එකත් හොඳයි. කැමති ගායකයෙක් තමයි.