වාහනේ අනුව වෙනස් වෙනවා නේ බං. වෙසල් එකක් ගන්න එලිජිබල් වෙන්න මේ තරම් ආදායමක් තියෙන්න ඕන කියලා එකක් නෑ. අනික වාහනේ අවුරුද්ද අනුව ගාන වෙනස්. 2023 Z එකක් 155කට වගේ පුළුවන්. 2024 X එකක් ගන්නව නම් 153ක් වගේ වෙනවා. උඹේ අතේ දැනට තියන ගාන සහ උඹ ෆිනෑන්ස් එකකට යන ගාන අනුව තමා උඹේ ඉන්කම් එක ඇතිද/ මදිද තීරණය වෙන්නේ.
මම ගත්තේ 2023 Z එකක්. සම්පූර්ණ ගාන ඉන්ශුවරන්ස් එකත් එක්ක 155-160 වුණා. ලක්ෂ 25ක් වගේ තමා ලීස් කලේ. 10.5 පොලිය. ලීසිං දානව නම් වාහනේ වටිනකමින් 50% ක් අතේ තියෙන්න ඕන. 10.5 පොළිය අනුව අවුරුදු 5කට වාරිකේ හැදුවොත් මාසෙට වාරිකේ ලක්ෂෙකට රුපියල් 2000ක් වගේ වැටෙන්නේ.
වෙසල් X එක ගන්නව නම් ලක්ෂ 5ක් විතර Z එකට වඩා අඩු වෙනවා. ඒත් ප්රශ්නෙ තියෙන්නේ ලංකාවෙ උන් වාහන වල හොයන කැටයම් එක්ක විකුණන්න ගියාම අරක නෑ, මේක නෑ කියලා ගාණ කන්ඩෙම් කරනවා.
X eka thama hoda machan options adu unata Z ekata wada X comfy Tyre size eka nisa.
