එහෙම නන් හොදයි.
මහින්ද ගේ සංවර්ධන නිලධාරී කියලා දාලා ස්ථිර කරා නේ සෙට් එක පස්සේ
මං දන්න විදිහට සංවර්ධන නිලධාරී කියන තනතුර ඊටත් කලින් ඉඳලම තිබ්බ බන්. මහින්දය හදපු තනතුරක් නෙවෙයි. අවධානය යොමු වුනේ ලොකු බල්ක් එකක් එක සැරේ ගත්තු හින්ද. 2019ද 2020දත් වුනේ ඕකම තමයි. ඒ වුනාට පස්සෙ උන් හැම එකාටම කරන්න වැඩ තිබ්බ. මම ඉඳහිට ඔය ඔෆිස්වලට යැවෙනව. හැම එකාටම වැඩ තියෙනව. සමහර division තියෙනව මුලු division එකම පට්ට busy. වසම්වල ඉන්න උන් තමයි පිස්සු කෙලින්නෙ.
කොහොමත් උන් යටත් වෙන ක්‍රමවේදයක් තියෙනව. අලුතෙන් නීතියක්, ගැසට් එකක්, චක්‍රලේකයක් ගහල වෙනස් කලේ නැත්තං, පවතින ක්‍රමය යටතේ උන්ගෙ ප්‍රධානිය වෙන්නෙ ඔය ප්‍රාදේශීය ලේකම්ල, දිසාපතිල හරි වෙන සේවාවල ඉන්න ලොක්කෙක් තමයි. සමහරවිට උන්ට පුලුවන් ඇති duty list එකක් හරි ලියුමක් හරි ගහල ඔය දාන උන්ටත් report කරපන් කියන්න. ඒත් පාලන බලතල නං ඔය අලුතෙන් දාන උන්ට දෙන්න්න කැමති වෙන එකක් නෑ බලය නැතිවෙන හින්ද. අනික ඔය සංවර්ධන නිලධාරී union වලින් කේස් අදී ලොක්කො කීප දෙනෙකුට වගකියන්න බෑ, එකෙකුට විතරයි කියල.