90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

MacFarlane

Active member
  • Mar 10, 2026
    201
    172
    43
    ඔවු බන් මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් පිට රට කෙල්ලන් ටික එක්ක ලියුම් ගනුදෙනු කළා ඒ කාලේ. එකියක් ඊජිප්තුවේ, අනිකා ඕස්ට්‍රේලියාවේ. උන් මටත් පෙන්නුවා ලියුම්
    ඉතින් මොකද උනේ ඒවට?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,501
    1
    20,664
    113
    35
    Spain
    ඉතින් මොකද උනේ ඒවට?
    එක කෙල්ලක් ඔසී ගියා, අනිත් කෙල්ල ලංකාවේ. මන් දන්නා තරමින් උසස්පෙළ ඉවර වෙනකම් ලිපි ලිවීම කළා. දැන් කොහොමද තත්වේ කියල නම් දන්නේ නැහැ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,674
    1
    4,540
    113
    Matale
    Germany wala kenek set wela hitiya. 2006 passe mama aya lium liuwe na. wife ge yaluwa thawama bd card ewanawa maha gedarata. Germany idala dan americawe inne. masa 4,5 ta sarayak email karanawa visthara
     
    • Like
    Reactions: Pundit

    nidarsha91

    Well-known member
  • කරුමෙ කියන්නෙ ඒ ලමය මුස්ලිම් කියලයි මම දන්නෙ. අම්ම නැහැ. තාත්ත එක්ක උන්නයි කියලයි කිව්වෙ. තාත්ත පොලිසියෙ. ආයෙ ලොකු අම්ම උන්නා. තාත්තට මාරු වීමක් ආව උතුරෙ ඉහලම කොනට. ඊට පස්සෙ එයාල ඉන්දියාවට තීරණය කළා කියලයි කිව්වෙ. පස්සෙ එයාලගෙ ඉන්දියා වල ලිපිනයක් දෙන්නන් කිව්ව ඊලඟ ලිවුමෙ. මට ඒත් ඊලඟ ලියුම ආවෙ නෑ. එතකොට ඒලෙවල් 2වෙනි අවුරුද්දෙ වගේ.

    පස්සෙ තව අවුරුදු 4කින් වගේ පල්ලියෙ නුවාන කාසි එකතු කරන්න උදව්වට එන්න කියල මමත් ගියා. ගිහිල්ල ගෙවල් ගානෙ යද්දි පාරෙ කෙරවලේම වගේ ඇතුලෙ ගෙදරක ෆැමිලි එකක් ඉන්නව. දෙන්න ටිකක් කේස්. සෙපරේට් වගේ. ඒ අයියට වෙන හුටපට වගයක් තිබිල. පස්සෙ ඒ අයියගෙ නම් ලියද්දි මගෙ නමට වඩ පොඩි වෙනසයි තියෙන්නෙ. අපි කියන්නෙ වෙන නමක්. මුළු නමම දන්නෙ නෑනෙ. පස්සෙ අක්කට මම කිව්ව අයියගෙ නමත් මගෙ වගේමනෙ පොඩ්ඩයි වෙනස් කියල. එතකොට අක්ක ඇහුව මල්ලිගෙ නම මේකද කියල. හ්ම්ම්ම්

    අර ලියුම ඇවිල්ල බන්. පෝස්ට්මන් ඒක දීල තියෙන්නෙ අර අක්කට. ඒක අයියට කියල හිතල. මුගෙ ස්පෙයාවීල් කේසස් හින්ද අක්ක කඩල බලල අයියට බැනල ලියුම ඉරල විසික් කරල. එදා වෙනකන් අක්ක හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒක ඌට ආව එකක් කියලලු..... ජීවිතේ හැටි.

    mama lagadi dekka lankawe PenPal.lk kiyala web ekak, eketh podi joliyak tiyenawa..
    mamath dakka
    ------ Post added on Nov 9, 2026 at 9:47 PM
     
    • Wow
    Reactions: NowUCmeNowUDont

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,878
    3,370
    113
    38
    @ katubedda
    කරුමෙ කියන්නෙ ඒ ලමය මුස්ලිම් කියලයි මම දන්නෙ. අම්ම නැහැ. තාත්ත එක්ක උන්නයි කියලයි කිව්වෙ. තාත්ත පොලිසියෙ. ආයෙ ලොකු අම්ම උන්නා. තාත්තට මාරු වීමක් ආව උතුරෙ ඉහලම කොනට. ඊට පස්සෙ එයාල ඉන්දියාවට තීරණය කළා කියලයි කිව්වෙ. පස්සෙ එයාලගෙ ඉන්දියා වල ලිපිනයක් දෙන්නන් කිව්ව ඊලඟ ලිවුමෙ. මට ඒත් ඊලඟ ලියුම ආවෙ නෑ. එතකොට ඒලෙවල් 2වෙනි අවුරුද්දෙ වගේ.

    පස්සෙ තව අවුරුදු 4කින් වගේ පල්ලියෙ නුවාන කාසි එකතු කරන්න උදව්වට එන්න කියල මමත් ගියා. ගිහිල්ල ගෙවල් ගානෙ යද්දි පාරෙ කෙරවලේම වගේ ඇතුලෙ ගෙදරක ෆැමිලි එකක් ඉන්නව. දෙන්න ටිකක් කේස්. සෙපරේට් වගේ. ඒ අයියට වෙන හුටපට වගයක් තිබිල. පස්සෙ ඒ අයියගෙ නම් ලියද්දි මගෙ නමට වඩ පොඩි වෙනසයි තියෙන්නෙ. අපි කියන්නෙ වෙන නමක්. මුළු නමම දන්නෙ නෑනෙ. පස්සෙ අක්කට මම කිව්ව අයියගෙ නමත් මගෙ වගේමනෙ පොඩ්ඩයි වෙනස් කියල. එතකොට අක්ක ඇහුව මල්ලිගෙ නම මේකද කියල. හ්ම්ම්ම්

    අර ලියුම ඇවිල්ල බන්. පෝස්ට්මන් ඒක දීල තියෙන්නෙ අර අක්කට. ඒක අයියට කියල හිතල. මුගෙ ස්පෙයාවීල් කේසස් හින්ද අක්ක කඩල බලල අයියට බැනල ලියුම ඉරල විසික් කරල. එදා වෙනකන් අක්ක හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒක ඌට ආව එකක් කියලලු..... ජීවිතේ හැටි.


    mamath dakka
    ------ Post added on Nov 9, 2026 at 9:47 PM
    අඩේ.෴ මෙ ස්ටොරිය දාලා පොස්ට් එකක් හදලා share කරපන් indian groups ටිකක. එ කෙල්ලත් social media ඇති.
     
    • Love
    Reactions: nidarsha91

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,056
    2,406
    113
    Galle
    මන් කීප දෙනෙක්ට ලිව්වා..Thailand, Vietnam, Denmark, UK. පස්සේ මං නැවැත්තුවා...මන් ස්කෝලෙ ගිහින් එක ගැන කිව්වම ටිචත් මට හිනා උනා...එතකොට 8 9 වගේ ඇති..සමාජ අධ්‍යනය පාඩම වෙලාවේ...ලොකු ළමයි කරන වැඩද අහලා.... වේසි එහෙම කිව්වේ නැත්තම් අද මම රට ගිහින්.... බලහං එකෙක් කරපු හරියක්...
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,737
    995
    113
    Mawanella Town
    තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න ඕන, cut, paste, delete කරන්න බෑනේ. අකුරු වැරදුනොත් "අනේ දැන් ඉතින් අලුත් letter එකක් ලියන්න ලැස්ති වෙන්න ඕන " කියලා හිතෙනවා. ඒත් ඒ struggle එකම fun එකක් වුනා.ඒ කාලේ මට පෝලන්තයේ සහා ජපානයේ පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් හිටියා. අපි ඒ කාලේ මුද්දර සහා stickers තැපෑලෙන් exchange කරලා තියෙනවා.

    අද කොල්ලෝ කෙල්ලෝ කතා කරන්නේ WhatsApp, messages වලින්. message එක යවලා තත්පරයකින් reply එකක් ලැබෙනවා. ඒක පහසුයි, ඒත් ලියුම් ලියපු ඒ කාලේ තිබ්බ රසය whatsapp වලින් ගන්න බැහැ.
    e kale athal liwwa koheda 🤭
     

    nidarsha91

    Well-known member
  • අඩේ.෴ මෙ ස්ටොරිය දාලා පොස්ට් එකක් හදලා share කරපන් indian groups ටිකක. එ කෙල්ලත් social media ඇති.
    මට දැන් එහෙම වුවමනාවක් එන්නෙ නෑ මචන්. නමින්වත් මම ඊට පස්සෙ හොයල බලල නැහැ. එදා හිටපු මමයි අද ඉන්න එකයි අහසයි පොලොවයි වගේ

    Lonely Park GIF by Jin Wicked
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,107
    1,488
    113
    තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න ඕන, cut, paste, delete කරන්න බෑනේ. අකුරු වැරදුනොත් "අනේ දැන් ඉතින් අලුත් letter එකක් ලියන්න ලැස්ති වෙන්න ඕන " කියලා හිතෙනවා. ඒත් ඒ struggle එකම fun එකක් වුනා.ඒ කාලේ මට පෝලන්තයේ සහා ජපානයේ පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් හිටියා. අපි ඒ කාලේ මුද්දර සහා stickers තැපෑලෙන් exchange කරලා තියෙනවා.

    අද කොල්ලෝ කෙල්ලෝ කතා කරන්නේ WhatsApp, messages වලින්. message එක යවලා තත්පරයකින් reply එකක් ලැබෙනවා. ඒක පහසුයි, ඒත් ලියුම් ලියපු ඒ කාලේ තිබ්බ රසය whatsapp වලින් ගන්න බැහැ.
    Oka api AL karana kale venakanma tibuna.
    Unge club ekakin magazine ehemath euwwa neda?
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,698
    1,201
    113
    Kottawa
    2003/2004 wagey kale local penpal kello set una Sunday Observer eke kids column ekaka mata mathaka widiyata. Mama thaniyama thamai post kale set ekakata. passe replies awahama gedarin okkoma kadala thibba. ekale wasa lajjawa ithin :sorry: