පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මම කදුළු බිංදුවක්
    සීතලට දැනෙන සිත රිදවන
    කදුළු බිංදුවක්
    මම කදුළු බිංදුවක්

    දරු සෙනේහයෙන් මවකනෙතින් ගලා හැලුන
    ප්‍රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන
    ඒ කදුළු බිදක නමක් ගමක් ලියා තියෙනවද

    රළු පරලු හදක් වෙඩරු වී වැගිරෙන
    ගිනි ගැණුනු දෑල මල් දෙකොපුල රූරාඑන
    මට එකතුවෙන්න ඔබේ ඇසෙත් කදුළු තියෙනවද
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මම කදුළු බිංදුවක්
    සීතලට දැනෙන සිත රිදවන
    කදුළු බිංදුවක්
    මම කදුළු බිංදුවක්

    දරු සෙනේහයෙන් මවකනෙතින් ගලා හැලුන
    ප්‍රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන
    ඒ කදුළු බිදක නමක් ගමක් ලියා තියෙනවද

    රළු පරලු හදක් වෙඩරු වී වැගිරෙන
    ගිනි ගැණුනු දෑල මල් දෙකොපුල රූරාඑන
    මට එකතුවෙන්න ඔබේ ඇසෙත් කදුළු තියෙනවද

    Godak Lassana Sinduwak
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :හොරම හොර බැල්ම: :ඉබ්බ නෑ:


    සදු වලාකුලින් නිති
    වැසෙන සදේ
    ඔබ ගෑන හද මුමුනයි
    අමතක කර ඔබ සෑගවී ගියමුත්
    යළි මතකයට නෑගෙයි

    දගකාර ලෙසින් මගෙ දෑත අරන්
    දෙතොලින් සිපගත්තා
    ආදර සුවදින් හද මල පිපිලා
    සතුටු කදුලු ගෑලුවා

    විහිලුවක් කලා අමනාප වෙලා
    ඈස් රතු කර ගත්තා
    වැළළී ගිය පෙම් පුරාවත කියා
    මා අසරණ වූවා


    Wijayabandara Welithuduwa
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ

    සිතින් මගෙ සිත දරාගෙන ඔබ
    ගෙවා ආ මග ඉතින් නිම වේවි
    කඳූළු ගං තෙර නතර වෙමි මම නම්
    සිනා තොටුපල සොයා යනු මැන
    ලබැඳී මියුලැසියේ

    කිරි සිනාවක සුවඳ කැටිවුණු
    සිහින ගිනි ගත් වසන්තය මිහිරී
    කඳූළු ගං තෙර නතර වෙමි මම නම්
    කඳූළු තොටුපල අතැර යනු මැන
    ලබැඳී මියුලැසියේ

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ.........

    ╗ ලක්ෂ්මන් හේවාවිතාරණ ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ

    සිතින් මගෙ සිත දරාගෙන ඔබ
    ගෙවා ආ මග ඉතින් නිම වේවි
    කඳූළු ගං තෙර නතර වෙමි මම නම්
    සිනා තොටුපල සොයා යනු මැන
    ලබැඳී මියුලැසියේ

    කිරි සිනාවක සුවඳ කැටිවුණු
    සිහින ගිනි ගත් වසන්තය මිහිරී
    කඳූළු ගං තෙර නතර වෙමි මම නම්
    කඳූළු තොටුපල අතැර යනු මැන
    ලබැඳී මියුලැසියේ

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ.........

    ╗ ලක්ෂ්මන් හේවාවිතාරණ ╔


    අඩේ මැක්ස සිංදුව ...දැන් මං ළඟ නෑනෙ දෙනවද? තෑග්ගක් දෙනවා දුන්නොත් :ඕඕ:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
    මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
    මං ඔබට ආදරෙයි
    මගෙ ආදරී නුඹයි.......

    ╗ චාමික සිරිමාන්න ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තියා අතීතය මා ළඟ
    පියාඹා ගියාවද ඔබ
    කුරවි කිරිල්ලී

    කුරවි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට
    හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවි
    කියන්න දේවී

    kapuge

     
    Jan 15, 2009
    9,238
    368
    0

    ජීවිතේ තරුණ කාලේ
    එකසේ නොරැඳේ
    සොයමී සෑම වේලේ
    සිතු දේ පැතු දේ......

    ╗ අමරණිය ජෝති ╔
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තෙයියත් තෙයියත් තෙයියත් තාම්

    දෙව්ලොව වෙසෙනා
    දෙවියන් පැමිණා
    මනුලොව රගනා
    ලෙස ඉපදී

    මිනිසත් කම්මා
    පොහොසත් වෙම්මා
    දුක අත්විදිනා
    ගනු සැනසී

    මනු ලය පෙලනා
    දුක දැන හදුනා
    නෙතු අග රදනා
    කදුලු පිසී

    තෙයියත් තෙයියත් තෙයියත් තාම්

    දෙවියන් නොවනා
    මිනිසුන් ***
    මෙලොවට වඩිනා
    අසනි වැසි ///

    දෙව්ලොව වෙසෙනා
    දෙවියන් පැමිණා
    මනුලොව රගනා
    ලෙස ඉපදී

    ඉෂානි රංගනාථ - අසනි වැසි
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ජීවිතේ තරුණ කාලේ
    එකසේ නොරැඳේ
    සොයමී සෑම වේලේ
    සිතු දේ පැතු දේ......

    ╗ අමරණිය ජෝති ╔

    මදුවිත ක්‍රමයෙන් හිස් වෙනවා
    දිවි තවලම කතරක යනවා

    යෞවන බව හෙට නැති වෙනවා
    කල් බැලු අය හිද ළතැවෙනවා


    ජීවිතෙ පිනි බිංදුවක් වාගේ....

    මිල්ටන් මල්ලවාරච්චි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඇයි **** කියලා දාලා තියෙන්නෙ...

    කියන්න බැරි නරක දෙයක් ද :shocked:
    :lol: අපොයි නෑ..... පැහැදිලි නෑ මොකද්ද කියන්නෙ කියලා..... ලස්සන සිංදුව හැබැයි.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහසෙ ඉන්නවලු
    ගහේ ඉන්නවලු
    කුටියෙ ඉන්නවලු
    නොදැක වදිනවලු

    පිම්මෙ නටනවලු
    බෙර පදට නටනවලු
    නටල වදිනවලු
    පව් පිහිට පතනවලු

    ඩෙන්න ඩෙනා ඩෙනෝ
    නා ඩෙන ඩෙන ඩෙනෝ

    මෝල් ගහේ දළු එනතුරු
    කළු කපුටා සුදු වනතුරු
    යදින යැදිලි වදින වැදිලි
    ගල් හදවත් උණුවන තුරු

    පොතක් පතක් ලීවෙත් නෑ
    ගහක් කොලක් හැදුවෙත් නෑ
    අසවල් හොද කරලත් නෑ
    අනේ අනිච්චං

    අහසෙ ඉන්නවලු.....

    පෙරලි පෙරලි වදින ගානෙ
    දුක හිතෙනවා මට
    බණ දහමක් වත් නෑ මම
    දෙසුවේ කිසිදින

    හේනක් කුඹුරක් වත් නෑ
    වගා කලේ මම
    අනේ එපා මට ලැජ්ජයි
    නටලා වදිනකොට

    අහසෙ ඉන්නවලු

    - රන්වල -
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    i saw the flowers die
    grand beauty turn to dust
    under wings of cold white death
    winter came into my sleep
    i had left myself once again
    covered with grey despair
    my fallen memories lay bleak and bare
    untold misery had awaken

    come, enlight my dream
    with your forever smile
    linger here awhile
    and be with me in my sleep
    come, return the sun
    for it is growing dark
    and i am bleeding dry
    from this open wound

    i wear the face of a dying wish
    seeking beyond the gate of my delusion
    where she is dancing with the dead
    clad in a shroud of eternal peace
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හදිස්සියේ හණි හණිකට පය තබනා
    රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා

    දෑ
    ත සලා කිංකිණි නද දෙවන්නී
    දෑස සලා මොන මොනවද කියන්නී
    යටින් හොරෙන් එබිකම් කර බලන්නී
    ළදේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී

    රෑන කිතුල් මල පිට මැද හෙලන්නී
    සිහින් පබලු වැල් ගෙල වට බදින්නී
    කෝල නැවුම් සිනහ දැලක් එලන්නී
    ළදේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී

    ~T.M.ජයරත්න~
     
    Status
    Not open for further replies.