හැඟුම් දහරින් පැතුම් සිතුවම් මැවී සිත සසැළේ
සුපෙම් වදනින් බිදේ සැනසුම් මතක විල කැළඹේ
තුරුණු උයනේ උමතු දැහැනින් මිදෙන මං සොයමී
කඳූළු යහනේ සැලෙන සිහිනේ නොපිපි මල් නෙළමී
සුවද රොද බදිමී....
සිහින මන්දාකිණියේ..........
ගලන තරු නෙතු දහරේ.......
සිත ගලායයි...
දිලෙන තරුවක සැලෙන තරුවක දෙනෙත පැටලේදෝ ..
සිත වසන් වේදෝ...
ජීවිතේ පද අරුත් විමසමී ...
වදන් මුතු ඇහිදිමී...
පැතුම් හර පලදිමී...
ප්‍රේමයේ අඳුන ඇස තවරමී...
සතුට මුව අතුරමී..
ළමැඳ ඔබ සතපමී..
ඔබ නමට කැප වෙමී..
සිහින මන්දාකිණියේ...
ගලන තරු නෙතු දහරේ....
සිත ගලායයි ...
දිලෙන තරුවද සැලෙන තරුවද ආදරය අයදින්නේ
ජීවිතය සරසන්නේ...
-- ලෙස්ලී තෝමස් ,මරියසෙල් & දීපිකා --