පද පේලි .....

Status
Not open for further replies.
චන්ද්‍ර කින්නර ජාතකේ කිදුරිය ලෙසින්...
උඹ පෙම් බැඳන් මට ලන් උනා...
පෙම් ඹැදන් ආ කින්නරාවී.....
මගේ ලගින් ඉඳ වෙන්වුනා.....

ගෙට එන්න පෙර කළ කී කතා...
උඩු ගම් බලා ගියෙදො මේදා....//
විස හී සරේ පපුවට හෙලා...
උඹ ජාතකේ වෙනසක් කලා....

චන්ද්‍ර කින්නර ජාතකේ....

අතදරුවො ගෙන මහගිරි ඳඹේ...
තනිවන නගින්නද පෙම් කලේ...
කලු කාසියට හදවත් වැසේ....
උඹ සොයනවද බරණැස් පුරේ....

~~~~~~~~~~~~~~කරුණාරත්න දිවුල්ගනේ
 

nwnbs

Member
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත//
දොළ මත දිදුලන පෙණ පිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතා බහ//
එනමුදු එදවස් සඟවනු හැකි වේ
ඉරට හඳට ඇළ දොළට කතා බැහැ
 
Jan 15, 2009
9,238
368
0
තිසරවිලේ පියුම නෙලූ සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ සැඟවුණාවේ
පෙර ඔබත් මමත් පෙලූ කඳූළු දුමාරේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ
මාත් එක්ක නම්
සෙල්ලක්කාරෙට් හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

:eek::rofl:
 
Jan 15, 2009
9,238
368
0
රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
මේ වේදනා දෑත පාවි ගියාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ

අනන්තේ දිගන්තේ සුළංරැල් ඇඳේ
උදාවූ වසන්තේ මිහිරී නොවේ
දිවා රෑ ගෙවීයයි ලොවේ හී මෙසේ
සරාගී වියෝ ගීත රාවේ ඇසේ
මේ කල්පනා සෝක සංකා මවන්නේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ

සුසුම්වැල් ගලාලා පැතුම් සුන්වෙලා
රුවන් තාරකාවෝ මොකෝ හැංගීලා
ඍංගාර ගංගා දිලෙයි සාගරේ
දුරස්වෙන්නෙ ඇයි මා පැතූ ආදරේ
බලා ඉන්නවා මා හුදකලාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ

රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
මේ වේදනා දෑත පාවි ගියාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ...

╗ අමරණීය ජෝති ╔
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දපනෙ වැටෙන බැල්මෙන්
    දිගටි නයන කැල්මෙන්
    ලොවම මගුල් සක්වලක් වෙලා.....:rofl::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදියි ලඳුනේ
    නිතරම කඳුළෙනි මා පසු‍ව‍න්නේ
    මට අයිතිය කඳුළයි

    පාලුව තනිකම මට වධදෙන විට
    කෙලෙස ද ඉවසන්නේ
    කියන්න සොඳුරිය කියන්න සොඳුරිය
    ඇයි මට මෙහෙ ම වුණේ

    මා සතුටින් බව ...................

    මා අමතක කොට ඔබ ගත් නව මඟ
    ඔබ හට සුව දේ නම්
    කුමක් වුවත් මට ඒ ගැන කම් නැත
    තනිව ම මා ඉන්නම්

    මා සතුටින් බව ...................


    ගායනය :- දුෂාන් ජයතිලක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හැඟුම් දහරින් පැතුම් සිතුවම් මැවී සිත සසැළේ
    සුපෙම් වදනින් බිදේ සැනසුම් මතක විල කැළඹේ

    තුරුණු උයනේ උමතු දැහැනින් මිදෙන මං සොයමී
    කඳූළු යහනේ සැලෙන සිහිනේ නොපිපි මල් නෙළමී
    සුවද රොද බදිමී....

    සිහින මන්දාකිණියේ..........
    ගලන තරු නෙතු දහරේ.......
    සිත ගලායයි...
    දිලෙන තරුවක සැලෙන තරුවක දෙනෙත පැටලේදෝ ..
    සිත වසන් වේදෝ...

    ජීවිතේ පද අරුත් විමසමී ...
    වදන් මුතු ඇහිදිමී...
    පැතුම් හර පලදිමී...

    ප්‍රේමයේ අඳුන ඇස තවරමී...
    සතුට මුව අතුරමී..
    ළමැඳ ඔබ සතපමී..
    ඔබ නමට කැප වෙමී..

    සිහින මන්දාකිණියේ...
    ගලන තරු නෙතු දහරේ....
    සිත ගලායයි ...
    දිලෙන තරුවද සැලෙන තරුවද ආදරය අයදින්නේ
    ජීවිතය සරසන්නේ...


    -- ලෙස්ලී තෝමස් ,මරියසෙල් & දීපිකා
    --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
    පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදූනේ
    ගැලූ මා ඔයේ පෙණ හිනා මල් පිපේ
    ඔබේ ආදරෙන් හිත ප්‍රමෝදෙන් පිරේ

    මිණි මිණී පොද ඉහිලා
    මී අඹ මල් සැළුනා
    ඔබ එන වග දැනිලා
    හිත ඉවසුම් නැතුවා..

    යොවුන් ආදර වසන්තේ
    කොහෙන්දෝ ඔබ ගෙනාවේ
    මදාරා සුගන්දේ
    දසන්තේ සරන්නේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මමත් ගත්තා ........ තෑන්ක්ස්
    11.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තිසරවිලේ පියුම නෙලූ සිනාවේ
    එළිය මගේ අරණ දොවා ගලා ඒ
    ඒ සිනාවේ සැඟවුණාවේ
    පෙර ඔබත් මමත් පෙලූ කඳූළු දුමාරේ
    mp3 තියේද ? :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුවද මට දී... පාට තැවරූ...
    මල අරන් පිටවී...
    මා රැවටුවා මල වී.. ඒ මලත් මැලවී..
    ආදරේ මල් ආයෙමත් පරවී..

    කුරුලු ගීතය වී.. පෙම් ස්වරය මට ඇසුනී..
    කුරුලු සර ගොලු වී.. මිහි මතේ තුරු කඩා වැටුනී..

    ගඟට නාදය වී..ඔබ ගලනවා ඇසුනී..
    සයුර නොම හමුවී..අතරමග සිදෙනවා දුටිමී..
     
    Last edited:
    Status
    Not open for further replies.