


රෑ පහන් වෙලා යයි
නුබේ නිදි දැහැන්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රෑ නිතින්
රාත්‍රිය උදා වුනා නින්ද ඇයි නොනඑන්නේ ???
නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
ඕ ...නින්ද නේන රාත්‍රියේ
කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා සැතපෙන් රෑ නිසංසලේ
ඕ ...නින්ද නේන රාත්‍රියේ
අරුනෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිනි පතින් සනහන් මට පවන් සලා
ඕ ...නින්ද නේන රාත්‍රියේ
අමරණීය ජෝති
දෙතොල් තෙලිතුඩින් රස හැඟුම් තවරලා....
කොපුල් තල දිගේ හෙමින් අතුරලා.....
මගෙ ළයට තුරුලු වී...හිතේ ඉඩ අරන්...
පෙම් සිතුවමක් මැවූ...සුපෙම් සිත්තරී...
නුවන් කැල්මකින් නුරා වරණදී....
ජීවිතේ කලා අසපුවක් කෙරූ....
සොදුරී........
රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී
රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
පාලු යහන් හැරදා සෝ සුසමන් පලවා
මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
සුරේන්ද්‍ර පෙරේරා















සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සදකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ රැදෙන්න දෙනවාද
සුළං රැලක් සේ පාවී ආවත්
සුළං රැලක් සේ ආපසු යන්නට බෑ
සුසුම් පොදක් සේ රහසේ රැදුනත්
තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ
ජීවිතයේ නව සුවද සදා දෙන සැමදා
ඔබ වන් සුවදක් කිසි මල් උයනක නෑ
මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
ඔබ වන් සිසිලක් හිමගත අරණක නෑ
§නිරෝෂා විරාජිනී§


පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායවක්දෝ බැඳුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
නිදි යහනේ මා නින්දට වැටුනා
කවුදෝ සිහිනෙන් අමතනු ඇසුනා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව දැනුනා
-ප්‍රියා සූරියසේන-