පද පේලි .....

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
    කබරගොයත් තලගොයෙක් ලු කන්න ඕන දාක
    මනුෂ්‍යකම තුට්ටු දෙකට බැස වලගිය සේක
    මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක

    කපුවොත් අපි දෙවියොත් අපි දේ‍වාලෙත් අපේ
    නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ
    හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නෙ හපේ
    විශ්වකර්මයන්ගෙ බෙලිත් දිය රෙද්දෙන් කැපේ

    මගේ කියා කිසිම දෙයක් ..............

    ඉරිසියාව ආත්මෙට ම අත හරින්න බැරිද
    ‍බෙලි කපන්න ගිහින් අපිට වෙච්ච හරිය මදිද
    අහස් මාළිඟා හදාන හැමෝම රජවරු වෙයි ද
    ඔ‍ක්කොම රජවරු වුනහම රටවැසියන් අපි ද

    මගේ කියා කිසිම දෙයක් ..............


    ගායනය :- දීපාල් සිල්වා

    Sira song eka Me song eka nathida musical Ekak Gahapu ekak plz thiyanawanam Denna
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අළුත් වැස්සක් වහින්නට සැරසේ
    පුරුදු ආකාසේ
    දිගු කලක් නිහඩ වී සිටි නුඹ වගේ
    අළුත් වැස්සක් වහින්නට සැරසේ
    වළාකුලක් ගෙන මුවා කරමු
    හිරු ගිණිගෙන වියරුව
    නලියන වැලි කතරේ
    රත්වුණු වැලිකැට පුපුරණ
    මැදපෙරදිග වැලි කතරේ

    වතුර මලෙන් නා දොළ අමතක කර
    දූලි සුළං විඳ වෙළ අමතක කර
    විදුලි පහන් මැද සඳ අමතක කර
    දෙපා අබියසට ගමු අපි සුර පුර
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    පිපුනු මලේ රුව එමල දනීදෝ
    මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
    කටු මැටි බිත්තිය හැඩ කර කර අදිනා
    රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතලන් සිත මා ආදර දියනියනේ.. ආදර දියනියනේ..
    පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි
    කන්නඩි කැඩපත බිම දැම්මේ
    ලිදේ අඩිය හිරු නොබලන පින්නෙ
    එබී ලිදට නුඹ ඈයි හිනැහෙන්නේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඉස්සර මන් ගිය පාසල ඇරිලා
    පුන්චි පැටව් පෙරහැරෙ එනවා
    හේවිසි ගහගෙන හූ හඩ දීගෙන
    ලන්ද පුරා දුව පැන එනවා
    මේ දරු දැරියන් නොදුටුව දෑසින්
    එක දරුවෙක් තනි වී එනවා
    ගහ කොල සෙලවී ඔහු දෙස බැලුවා
    බිම් මල් හිනැහී හිස වැනුවා
    ඒ දඩු මන්කඩ තිත්ත පැටව් රැල
    ඔහුගේ සුවදට ඉව කෙරුවා
    මේ විසිතුරු හැර කොතැනක යන්නද
    පුන්චි දෙපා එක තැන රැදුනා
    ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ

    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසැල් කාලේ
    ආයෙත් එනවානම් මගෙ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිපුනු මලේ රුව එමල දනීදෝ
    මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
    කටු මැටි බිත්තිය හැඩ කර කර අදිනා
    රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතලන් සිත මා ආදර දියනියනේ.. ආදර දියනියනේ..
    පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි
    කන්නඩි කැඩපත බිම දැම්මේ
    ලිදේ අඩිය හිරු නොබලන පින්නෙ
    එබී ලිදට නුඹ ඈයි හිනැහෙන්නේ

    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවද සදන
    එනමුදු සිපගන්නට තහනම්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසැල් කාලේ
    ආයෙත් එනවානම් මගෙ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ...
    රන් සමනලයෝ
    පුංචි කැකුළියෝ
    දේදුන්නේ නැගිලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    පිපුනු මලේ රුව එමල දනීදෝ
    මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
    කටු මැටි බිත්තිය හැඩ කර කර අදිනා
    රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතලන් සිත මා ආදර දියනියනේ.. ආදර දියනියනේ..
    පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි
    කන්නඩි කැඩපත බිම දැම්මේ
    ලිදේ අඩිය හිරු නොබලන පින්නෙ
    එබී ලිදට නුඹ ඈයි හිනැහෙන්නේ


    පිපුනු මලක රුව දැස වසා...
    සිතුම් විහග කැල වසග කලා....
    මග තොට රැදි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කලා.....
    .


    mata hariyata lyrics mathaka na.mathaka thiyena widiyatai liwwe.waradinam ganan ganna epa.
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසැල් කාලේ
    ආයෙත් එනවානම් මගෙ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ...

    පාසැල් බිමේ හමුවු..සුරකුමරියේ
    සිප්සතර සේ ඉඩදෙන් මට නුබෙ ලයේ
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ
    නෙත් ඔයලෙසෙ නාරින් මට මගෙ ප්‍රියෙ...
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවද සදන
    එනමුදු සිපගන්නට තහනම්

    නිල් නුවන් පෙගෙන අදුර ගලා… නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුලග නීල වලා… තුලට ගුලි වෙවී
    සද හොරෙන් සිනා සී නිල් දිය මතට පාවෙමන්
    හදේ දොරටු විවර කලෙමි සොදුර නුඹෙ නමින්….
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     
    • Like
    Reactions: 1118lakmalkumara

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රන් සමනලයෝ
    පුංචි කැකුළියෝ
    දේදුන්නේ නැගිලා

    ඔබ දේදුන්න ආකාසයේ
    හන්ගා තබා යන‍ තෙක් විත් බලා
    එය සේදෙන්න වැහි මීදුමෙන්
    හැංගී හබා එමි කදුලැල් සලා
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    පිපුනු මලක හැඩ දැස වසා...
    සිතුම් විහග කැල වසග කලා....
    මග තොට රැදි නෙත් දහස් වසා
    මතකද අප නෙත් කතා කලා.....
    .


    mata hariyata lyrics mathaka na.mathaka thiyena widiyatai liwwe.waradinam ganan ganna epa.
    පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
    ආදර හසරැලි මුවට නැඟෙයි දෝ
    සවනට කොඳුරා පවසන වදනින්
    ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ
     
    Status
    Not open for further replies.