මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
කබරගොයත් තලගොයෙක් ලු කන්න ඕන දාක
මනුෂ්‍යකම තුට්ටු දෙකට බැස වලගිය සේක
මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක
අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක
කපුවොත් අපි දෙවියොත් අපි දේවාලෙත් අපේ
නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ
හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නෙ හපේ
විශ්වකර්මයන්ගෙ බෙලිත් දිය රෙද්දෙන් කැපේ
මගේ කියා කිසිම දෙයක් ..............
ඉරිසියාව ආත්මෙට ම අත හරින්න බැරිද
බෙලි කපන්න ගිහින් අපිට වෙච්ච හරිය මදිද
අහස් මාළිඟා හදාන හැමෝම රජවරු වෙයි ද
ඔක්කොම රජවරු වුනහම රටවැසියන් අපි ද
මගේ කියා කිසිම දෙයක් ..............
ගායනය :- දීපාල් සිල්වා
Sira song eka Me song eka nathida musical Ekak Gahapu ekak plz thiyanawanam Denna



