හේ හේ හේ..
හා හා හා....
දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලොකේ ඔබ විතර..මයි සිතෙනවා නම්
එය සත්තකයි සොදුරේ
මා මියෙන තාක්..කල්
ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැඟිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවෙන් රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ
සියුමැලි ඇගිළි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙළන හැම වරක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා
හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැඟිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවෙන් රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ
හේ හේ හේ..
හා හා හා....
සෙන්ටිග්‍රේඩ්ස්