පද පේලි .....

Status
Not open for further replies.

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිළී

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

රෝහණ වීරසිංහ

 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සසල වුණත් සිත
    නිසල කෙරේවී
    ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
    කදුළු ගගක් වුව පහන් ටැඹක් සේ
    එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන්...
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...//

    මුදු සිනා සළන සදවත අහසෙම රැදුනාවේ
    ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
    කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

    කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...//


    විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
    ඔරු පාරු ඇවිත් බලායාවී නිල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇදී යන්න බඹරුන් ඕනේ
    සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි

    කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...//


    කිරි සිනහ සලන සඳවත අහසේ රැඳුනාවේ
    නිදිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
    කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

    කසුන් කල්හාර


    :)
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    හමුවී ඇසට ඇසක් නැඟූ පහන්
    නිවී ගියාද නොකල්හී
    සුන්දර රාත්‍රියම මවිත සිතින්
    බලා හිඳීවී නොසෙල්වී

    ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කුමටද
    ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද

    නලමුදු සුවඳ කුමටද ....
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමී
    ප්‍රේමය හැදින්නෙමී
    මේ ලෝ තලයේ .... :)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    නන්නාඳුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව


    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතලවූ අදුරු රැයක
    අඩ සඳ බැසගෙන යන සඳ
    රැහැයි හඩන රැවු අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවී

    :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රුවන් තරු මල් සෙමින් අමුනා
    ගෙනත් පලදා හැඩත් බලලා
    වළාකුළු සේද සළු නෙලලා
    ගතත් සරසා සිතත් පුදලා

    සදේ සද රැස් වලින් පෙරනා
    ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා
    :love:

    §ගිහාන් නිශාන්§
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    රුවන් තරු මල් සෙමින් අමුනා
    ගෙනත් පලදා හැඩත් බලලා
    වළාකුළු සේද සළු නෙලලා
    ගතත් සරසා සිතත් පුදලා

    සදේ සද රැස් වලින් පෙරනා
    ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා
    :love:

    §ගිහාන් නිශාන්§

    MP3 eka nedda meke :nerd:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සයුරක පෙණකැටි
    වෙරළේ වැතිර වැටි
    හැඩුවේ ඔබටයි මටයි
    උරෙනුර ගැටි ගැටි
    ඇවිදන් ගිය හැටි
    මට තවමත් මතකයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තුරුමුදුන් මතින් තුශාර පැන් ගලා හැලේ
    දුරු කරයි ළසෝ තැවුල් හඩින් කොහොල් තොලේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වළාකුළු සේද සළු නෙළලා
    ගතත් සරසා සිතත් පුදලා

    රුවන් තරු මල් සෙමින් අමුනා
    ගෙනත් පළදා හැඩත් බලලා
    සරාගී කීව මට කොදුරා
    මගේ ලෝකේ ඔබයි කුමරී
     
    Status
    Not open for further replies.