පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මා හටනම් පුරුදුයි හැමදා ම
    ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නටනම් අහිමිවු ආදරයෙන් මෙලෙස
    ඉවසම් ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදා ම
    ආදරයක ඇති වේදනාව ‍දැනෙනවු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරියෙ බිඳුවක් යලි මතක

    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා වෙනුවෙන් එක කඳුළක් හෙළන්න
    කිසිදා නාඩන ඔබේ ඇසින්
    මිනිසුන් අතරේ මිනිසුන් නැති බව
    වටහා ගන්නම් ඒ කදුළින්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඉස්සර බැදිපෙම හිත් වල සුවදයි
    යලි පුබුදන්න බැරි
    එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න හැකී

    ඔබ පියමන් කල සමනල මාවත
    මට යා ගන්න බැරී
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී

    ඉස්සර බැදිපෙම..

    මගෙ අසරන ලොව අද මා පමනකි
    එය සඟවන්න බැරී
    එක්කල දැඟිලි වෙන්නොම වේවා
    පතනෙමි සුභාසිරි...

    ඉස්සර බැදිපෙම..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිකුරු තරුව පායා නෑ හිත් ආකාසේ
    තනි මංසල නෙතු කඳූලේ
    හිරිමල්යාමය දියවේ
    මගේ ජීවිතේ....
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ලස්සන ලෝකෙට පා ඔසවාලා
    හනමිටි හැරමිටි පැත්තක දාලා

    මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
    හැගීමකට පොඩ්ඩක් ඉඩ දීලා.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රෑට තරු ඉසිනා අහසට
    අදුරු සිත් ලැබුණේ කොහොමද
    නේක මල් සදනා පොළවට
    නපුරු සිත් කොයිදින් ලැබුණිද...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පිපෙන ඉසව්වට
    අඳුර පිරේවිද ආදරයක් හින්දා
    නිල් දෙනෙත තුරුල්ලට
    කඳුළ පිරේවිද ඔබහට මා හින්දා

    ප්‍රදීප් රංගන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑට තරු ඉසිනා අහසට
    අදුරු සිත් ලැබුණේ කොහොමද
    නේක මල් සදනා පොළවට
    නපුරු සිත් කොයිදින් ලැබුණිද...
    නීල ඉඳුවර පෑ අහසට
    කඳුළු වැසි දෙන්නේ කවුරුද
    පළා පෑ ඉසිලූ මිහිමත
    නියං ඇතුරූවේ කවුරුද
     

    nwnbs

    Member
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස් යට මී වැහි වැහැලා...
    බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
    මට තනියක් දැනෙනවා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    දෑස නිලුපුල් තෙමා
    කදුලු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා
    හඩනු මල් මාලියේ

    නිහඩ හදවත් පොතේ ලියැවුනූ
    සොදුරු ගීවැල් නැතේ මා තැනූ
    ඔබෙ කදුලැලි මා සිතේ
    නිබද පද වැල් ඇදේ

    පබලු මිනි මුතු නැතේ මා සතූ
    කදුලු මුතු ඇට ඔබේ මා පැතූ
    තුසර පිනි ලෙස මල් මතේ
    කදුලු කොපුලේ රැදේ...


    [ ගුනදාස කපුගේ මහතා ]
     

    nwnbs

    Member
    නීල ඉඳුවර පෑ අහසට
    කඳුළු වැසි දෙන්නේ කවුරුද
    පළා පෑ ඉසිලූ මිහිමත
    නියං ඇතුරූවේ කවුරුද
    අහස නුඹ මෙතරම් සැඩ යැයි
    හැඟුනෙ මහ වැසි වැටුනාමයි
    පොළව නුඹ මෙතරම් රළු යැයි
    හැඟුනෙ නියඟය ආවාමයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අහස නුඹ මෙතරම් සැඩ යැයි
    හැඟුනෙ මහ වැසි වැටුනාමයි
    පොළව නුඹ මෙතරම් රළු යැයි
    හැඟුනෙ නියඟය ආවාමයි

    රෑට තරු ඉසිනා අහසට
    අදුරු සිත් ලැබුණේ කොහොමද
    නේක මල් සදනා පොළවට
    නපුරු සිත් කොයිදින් ලැබුණිද

    නීල ඉඳුවර පෑ අහසට
    කඳුළු වැසි දෙන්නේ කවුරුද
    පළා පෑ ඉසිලූ මිහිමත
    නියං ඇතුරූවේ කවුරුද

    දීපිකා ප්‍රියදර්ශනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද
    මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනවද

    සඳට දැනෙනදා සද මා නමින් හඩාවී
    හිරුට දැනෙන දා හිරු ඒ සොවින් හඩාවී
    ඒසඳට වඩා හිරුට වඩා ඔබට පෙම් කළා
    අද මගේ දුකට ඔබේ හිතේ නෑ අනුකම්පා

    නාමල්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසැලේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ තැති ගැනී බලනවා
    රැය තනිකමින් හඩනවා
    ඔබ නොදොඩාම ඉන්නවා
    හිත අමනාප වුනත්
    රත්තරනේ නපුරු වෙන්නෙපා


    නිරංජලා|| නිලාර් එම් කාසිම්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කතා කියයි හෙමින්
    හිරු එබෙයි එළිය දෙයි
    කුරුළු ගී ඇසෙයි


    රිදී කලෙත් අරන් උදේ
    කොහේද යන්නෙ මේ
    කොහෙ සිටන්ද එන්නෙ කවුද
    මව්පියන් ඔබේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
    මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ
    නංවා ප්‍රභා ලෝතුරා රශ්මි මාලා
    හෙළදෙරණ ජන ජයතු ජය මංගලානී


    10,000


    හුයට දායක වූ සැමට මගේ හද පිරි ප්‍රණාමය!!

    ජය ශ්‍රී !!!
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බුද්ධානුභාවේන සිත් මෙත් පහන් වී
    මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ
    නංවා ප්‍රභා ලෝතුරා රශ්මි මාලා
    හෙළදෙරණ ජන ජයතු ජය මංගලානී

    10 000

    ~ CongratzZ All ~
     
    Status
    Not open for further replies.