පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සදක් නම් බැසයන්න තිබුණා
හඬන අහසට අඳුර දී
මලක් නම් පර වෙන්න තිබුණා
අතු අගට ලස්සන නොදී
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිත සිරකොට බැඳි දඩු වැට බිඳුනා වේ...
සිත සිත යා කල සෙනෙහස හැමුවා වේ...

පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
යුග දුර යුධ දුම සැනෙකින් නිමුණාවේ..
හිමිදිරියේ ..සීතල සිහිනෙක තැවරීවත්
පරවි පියාපත ඇසුණාවේ

අසංග
 

nwnbs

Member
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...//

තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා...///

මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා...///


-ක්‍රිශාන්ත එරන්දක-
මන්දාරම් අඳුර මැදින්
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වැළි කැටයක් වත් වැටෙනා හඩ නෑසී
මට තනිවෙන්නට ඇත්නම් මං කැමතී

පිපුණු මල වගෙයි පරවුණ හිත තවම
හිනා වෙන්නේ හිනා නොවී බැරි කමට

අසංග
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සද දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට විසිරී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ
 

nwnbs

Member
සද දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට විසිරී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ
ඔළුවෙ අත ගහගෙන ඉන්න විදියටනම් ටිකක් රිදෙන්න වැදිල වගේ...:rofl::rofl::rofl:
 
Jan 15, 2009
9,238
368
0
පාන්කිරිත්තී පොල් අඹරනවා
පාන්කිරිත්තා බෙරේ ගහනවා
උන්ගේ පැටියෝ කඹේ නටනවා
කංකොට නිලමේ කුඹුරු කොටනවා
කංකොට නිලමේ කුඹුරු කොටනවා

නංගි ටිකක් හිටපන්
බුලත්විට කන්න ටිකක් හිටපන්
බොලං පොඩි නංගි ටිකක් හිටපන්
බුලත්විට කන්න ටිකක් හිටපන්

කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ
නැන්දයි මාමයි රණ්ඩු කරන්නෙ
මොකටද මොකටද රණ්ඩු කරන්නේ
දුංකල නැට්ටට.. රණ්ඩු කරන්නේ

දුංකල නැට්ටට.. රණ්ඩු කරන්නේ

ගිංතොට මාමගෙ අං කොට මීමා
මුං ඇට හේනට රිංගා ගත්තා
පන්සල වත්තේ ගම්පලෙ නැන්දා
පුංචි කඹේකින් ඌ බැඳගත්තා
පුංචි කඹේකින් ඌ බැඳගත්තා

පාන්කිරිත්තී පොල් අඹරනවා
පාන්කිරිත්තා බෙරේ ගහනවා
උන්ගේ පැටියෝ කඹේ නටනවා
කංකොට නිලමේ කුඹුරු කොටනවා
කංකොට නිලමේ කුඹුරු කොටනවා

නංගි ටිකක් හිටපන්
බුලත්විට කන්න ටිකක් හිටපන්
බොලං පොඩි නංගි ටිකක් හිටපන්
බුලත්විට කන්න ටිකක් හිටපන්....

- ලයනල් රන්වල

ස්තුතියි අමා නංගි ....
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අයියා හිනා වෙන්නෙ මොකෝ කියලා හිතාගන්න පුළුවන් (වෙන මොකකට හරි හිනා උනාද දන්නෙත් නෑ)

ඔළුවෙ අත ගහගෙන ඉන්න විදියටනම් ටිකක් රිදෙන්න වැදිල වගේ...:rofl::rofl::rofl:
මොකො?...... මට පිස්සු නටන්න ඔළුව කොහෙ හරි වදින්නම ඕනි නෑ :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී
ඒ පෙති එක්කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණී
 
Jan 15, 2009
9,238
368
0
පරවුණු මල් වල සුවඳ අතීතේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
එළිය වැටෙන් හෙට දවස උදාවේ....

 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
    සංසාරෙ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
    මෙතේ බුදුන් ලඟට බුදුන් වේවා මගෙ අම්මා
    අම්මේ ඔබ බුදු වන දා මා පොඩිපුතු වෙම්වා ..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මටම පෙම්කර නෙතඟ නිවසන
    සදා නොසිඳෙන සුනිල උල්පත
    කඳූළු බිංදුව....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මටම පෙම්කර නෙතඟ නිවසන
    සදා නොසිඳෙන සුනිල උල්පත
    කඳූළු බිංදුව..

    සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
    නුඹව පලවා හැරියදා මං
    උන් හිටිය තැන් අහිමි වීමෙන්
    උන් හිටිය තැන් අහිමි වීමෙන්
    මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
    කඳූළු බිංදුව...

    නිදැල්ලේ ඔහේ ඉගිල ගිය ඇය
    මගේ විජිතෙන් වහන් වුණු සඳ
    කොහේදෝ හිඳ ජීවතුන් මැද
    කොහේදෝ හිඳ ජීවතුන් මැද
    මවෙත පෙම්බැඳ පැමිණී සකිසඳ
    කඳූළු බිංදුව.....

    මටම පෙම්කර නෙතඟ නිවසන
    සදා නොසිඳෙන සුනිල උල්පත
    කඳූළු බිංදුව.......

    - සේනානායක වෙරලියද්ද

     
    Status
    Not open for further replies.