පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් උනා
කෙත්තාරාමෙට එනකොට අපි හොඳටම හවස් උනා
සෙක්කු වීදියේ කම්බා දැක නුඹ මට මතක් උනා
MC එක ලඟ ඉඳපන් මං එනතුරු ධනංජනා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි
තවරා ආදර රේඛා
ඔබෙ රුව සිහිනෙන් හද ඇදි රේඛා
 
Jan 15, 2009
9,238
368
0
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා
අන්ද මන්ද ගණ අඳූරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා

ගහේ පිපුණු මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳීයි ගසක් ඔහේ සුළඟේ හිනැහීලා
බඹරු එතත් දෙබරු එතත් ගහ නෑ කැලඹීලා
ඔහේ සිනාසෙනු මිස විහඟුන්ගේ ගී අසලා

කුණාටු සුළි සුළං වැදී ගහකොළ පෙරළාවී
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවි
ගහේම මල් බුදුපුදටත් නෙළා රැගෙන යාවී
ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා
අන්ද මන්ද ගණ අඳූරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා
...
 
  • Like
Reactions: cmanimations
Jan 15, 2009
9,238
368
0
බොල්පිණී වෑහෙන වෙලාවේ
ඔබගෙන් සමුගෙන යායුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ

ගැලපිට නැගලා ඈත ගම්බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ


ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම් කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ


බොල්පිණී වෑහෙන වෙලාවේ
ඔබගෙන් සමුගෙන යායුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ

බොල්පිණී වෑහෙන වෙලාවේ. . .
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ දන්නවනම් එක කඳුළු බිදක්
    හිත යටට වෙලා දුක් විඳින තරම්
    ඒ කඳුල වුණත් නෙතු අගට ඇවිත්
    යළි ඔබේ පයට පෑගෙනවා නම්.....
     
    • Like
    Reactions: cmanimations

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙතු දැහැන් බිඳී
    හද විමන් වදී
    සුරඟනක් වගෙයි කුමරී
    සෙනෙහසින් බැඳී
    සිත ගිමන් නිවී
    පෙම් කවක් ලියයි මිහිරී...
    .
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
    ඔබේම දෑතයි නිබද පතන්නේ
    ඔබේම වදනයි සවන රැදෙන්නේ.....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දුටුදා ඉඳලා ලුහුබැන්ඳා
    දන්නවාද මම පෙම් බැන්ඳා


    රහසේ බැඳි පෙම් හෙළිවූදා
    පෙම් සැපේට වෙයිදෝ බාධා


    බාධක අවහිර හිරිහැර නොමැතී
    ආලයෙ රස නැත සීදේවී

    දුටුදා ඉඳලා ලුහුබැන්ඳා
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබේ සිනා ළග නෙත නැවතුනු දා
    ඔබේ කතා ළග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි
     
    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
    ඔබේම දෑතයි නිබද පතන්නේ
    ඔබේම වදනයි සවන රැදෙන්නේ.....


    ඔබේ දසුනම නෙත සෙවූවත්...
    ඔබේ දෙනෙතම සිත් සැනසුවත්....
    ඔබේ දෑතම නිඹඳ පැතුවත්.....
    මා සිටීවිද සිතක කොනවත්.....

    සමාවෙන්න මගේ නිර්මානයක්
     
    • Like
    Reactions: m3pium

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    image.php




    || EK LYRICS THREAD ||
     
    • Like
    Reactions: m3pium
    Jan 15, 2009
    9,238
    368
    0
    ජීවිතයේ හොඳම හරිය අවුල්වෙලා යද්දී
    තමා අතට තම අතවත් සෙවණක් නැති වෙද්දී
    විරිත්තන්න දහස් ගණන් මගබලාන ඉද්දී
    නුඹට සැපක් දෝ මේ ඇස් කඳූලින් තෙත්වෙද්දී
    ...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වාලුකා තලේ රැඳි දිය බිඳුව මට ඔබයි
    සීත රැයේ ඝනදුර නිල් තරුව මට ඔබයි
    අඳුරු කුටිය තුළ දිදුලන එළිය මට ඔබයි
    මගේ හදේ පොපියන මල් කැකුළ මට ඔබයි
     
    • Like
    Reactions: m3pium

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ආදරේ කුරුටු ගෑ.. නෙත පුරා කඳුලු අතුරලා..
    හසඟනාවියේ ඔබ ගියා
    නෙතු මානයේ දුක තියා


    Kasun Kalhara
     
    • Like
    Reactions: m3pium
    ජීවිතයේ හොඳම හරිය අවුල්වෙලා යද්දී
    තමා අතට තම අතවත් සෙවණක් නැති වෙද්දී
    විරිත්තන්න දහස් ගණන් මගබලාන ඉද්දී
    නුඹට සැපක් දෝ මේ ඇස් කඳූලින් තෙත්වෙද්දී
    ...

    මේ මොකක්ද බන් මේ .......
    මොකද අවුල ...... මම දවස් දෙක තුනක්ම බැලුවා.....
    මොකෝ සීන් එක
     
    Status
    Not open for further replies.