පද පේලි .....

Status
Not open for further replies.

sudunone

Member
May 23, 2009
3,781
121
0
ශාන්ත මේ රෑ යාමේ
දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
අද අඬනව හිමියෙනි යසෝදරා
මේ ප්‍රේම රැජිණී රාජ විමානේ තනිකර දාලා
අහෝ ගියා
අද අඬනව හිමියෙනි යසෝදරා

කිව් ප්‍රේම රස කථා සිහිවේවී
හද දැවී දැවී අළුවී යාවී
නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ
අද යන්න ගියේ මා තනිකරදා
අද අඬනව හිමියෙනි යසෝදරා

හෝ ... කාලය යාවී මාගේ සෝකෙන්
ජීවිතෙ හානී වේවී මා
හා ශ්‍රී වත නොබලා ඉන්න බැහැ .... ඉන්න බෑ
හා ශ්‍රී වත නොබලා ඉන්න බැහැ
මුළු ලොවම අනේ ගිනි ගොඩකි මහා
අද අඬනව හිමියෙනි යසෝදරා

සිටි කාලෙ අහෝ මා සිහිවේවී
මා ප්‍රියා සමීපේ ආලේනී
මා නේත්‍ර පැලී උණු කඳුළු බහී .... ස්වාමිණී
මා නේත්‍ර පැලී උණු කඳුළු බහී
හිමි බුදු වේවා ඔබ බුදු වේවා
අද අඬනව හිමියෙනි යසෝදරා

මේ ප්‍රේම රැජිණී රාජ විමානේ තනිකර දාලා
අහෝ ගියා
අද අඬනව හිමියෙනි යසෝදරා ///


රුක්මණී දේවී ( නොහොත් ඩේසි ඩැනියෙල්ස් )


මා දුටුවා එක්තරා thread එකක කව්ද ඉතාමත් අශිෂ්ඨ භාශාවෙන් ඉංග්‍රීසියෙන් අහලා තිබුනා රුක්මණී දේවී කියන්නෙ කව්ද කියලා. දන්නෙ නැත්නම් සොයලා, අහලා, දැනගන්න ඕනෙ. අපගේ අග්‍රගණ්‍ය කලාකාරිනියට කුණුහරුපයෙන් ඇමතීම ගැන මා තුල ඇතිවුනේ දුකක් නොවෙයි, කෝපයක්. අපේ තරුණ පරපුර පිරිහිලා තිබෙන තරමක හැටි. ඉතාම ලැජ්ජයි. :angry::angry::angry:
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    තරු මල් යායම පොඩිකර අහස් විලේ
    ඉර හද මිරිකා දියකර සාගරයේ
    අදුරේ උන්නෙමි ලොවම එපා වි
    මා හැරදා ඈ ගිය දවසේ....
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
    අහස්ගැබෙන් මරු කතරට වහින වැස්ස අම්මා
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මාලතී නුබයි
    නුබටත් ආදරේ හිතෙයි
    ජීවිතේ දුකයි
    ගලන්නෙ කදුලු මල් තමයි.......
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    කවුරුවත් නෑ
    කවුරුවත් නෑ
    එගොඩට යන්නට - මෙගොඩට එන්නට
    ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුළට
    ලන්තෑරුම කෝ - ඔහෙ
    තිබුණාවේ......
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනේම අතිනත් මවා
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මගේ ම චිතකය ඇවිලී හළුවෙයි
    මගේ ම දෙනුවන් අභිමුවෙනි
    හඬනගා තැවෙනා කිසිවකු නෑ
    මගේ ම තනියට අද මා පමණයි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පායා සීත රැයේ …පාවී නිල් අඹරේ
    දිලෙනා තරුවේ ..තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ.......

    තනි තරුවේ ඔබ විලසින්
    තනිවී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නො එනා ඔබේ ලොවේ.......

    මඳ පවනේ රැඳි විලසින්
    හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ.......

    ගී පද: කුලරත්න ආරියවංශ
    සංගීතය : සනත් නන්දසිරි
    ගායනය: විජය කුමාරණතුංග
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි......

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුලුකර මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි.....

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි........

    ගී පද: සුනිල් ආර්. ගමගේ
    සංගීතය: ගුණදාස කපුගේ
    ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හඬන පණ නළ යදින සැනසුම දැවීයයි හද චිතකයේ
    කඳුළු බිඳුවක සිසිල පමනකි වියළි කතරට හිමිවුනේ

    යොවුන් සිතිවිලි විපිලිසර වී මහළු ලොව තුල මිය ඇදේ
    සයින් පීඩිත හඬන සුරගුරු යදී සිඟමන් මාවතේ

    රකුසු පියසක පිපුනු කුසුමට මලවි හමුවන පින නැතේ
    දෑස නැතිවිට නුහුරු මංපෙත සරන පා යුග පටලැවේ

    ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
    සංගීතය - ලක්ෂ්මන් විජේසේකර
    ගායනය - සුනිල් එදිරිසිංහ

    (මේ ගීතය හරිම සුමධුර ගීතයක් හැමෝම ඇසිය යුතුම.. අහපු නැති අය අහලම රස විඳින්න.. sloldhits වලින් ගිතය ඉල්ලලා බලන්න...තියෙන කෙනෙක් ලබා දෙයි)
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කඳු පාර ඈත අයිනේ
    සඳ රෑක ඈ සිනා සේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා.......

    යාළු වී දෙවටේ එදා
    කී කතා අසා
    පාලු වී හැඬුවා සදා
    මාරුතේ පවා.......

    ගං ඉමේ මාදං කැලේ
    පාසැලේ පුරා
    මා සොයා ආවා වගේ
    වෙන් වෙලා ගියා........


    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මංකඩ ලඟ හැන්දෑවේ දියබුං හඬ නඟනා
    දංගොල්ලේ පන්කොටුවට යාන්තමින් පෙනෙනා
    බිම්කළුවේ හෙවනැල්ලට හීන්සැරේ මැකෙනා
    මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා......

    තුංතුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
    රන්ඩුවෙවී මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
    හීං හුළඟ මා තනිකර කන්දට දිවයන්නා
    ගංඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා......

    රන්පාටින් ආකාසේ මගෙ සිතිවිලි අඳිනා
    හීං හිනා පොදවැස්සේ මගේ ලොවම තෙමනා
    යාන් ඇලේ ඒදණ්ඩෙන් මා එගොඩට කරනා
    මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා.......

    ගී පද: කරුණාදාස සූරිආරච්චි
    සංගීතය:කලණි පෙරේරා
    ගායනය:ඉන්ද්‍රාණි බෝගොඩ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ මාතෘභූමියයි
    ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
    සාරවූ උදාරවූ මාතෘභූමියයි........

    මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී
    ඇත්තෙ ඒ අභීත දූපුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි..........

    සින්දූපමාන වැව්තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධවී
    රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණවායුවයි.......

    ගංගා තරංග රාව දී රිදී වණින්
    මල් පිපී කුලින් කුළේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැඟී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    ගේය පද - මහගම සේකර
    සංගීත රටා - පණ්ඩිත් අමරදේව
    ගායනය: - පණ්ඩිත් අමරදේව
     
    Status
    Not open for further replies.