පොප් ගායක එකෝන්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලූ රජය ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකිරීමට තීරණය කළ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ සංදර්ශනයක් පැවැත්වීම සඳහා එම්.ටී.වී. හා එම්.බී.සී. ප්‍රධාන සිරස මාධ්‍ය ජාලය මෙරටට කැඳවා ඇති එකෝන් නමැති ජාත්‍යන්තර ගායන ශිල්පියා ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ළඟ තබා ගැනීම හා බාල වයස්කාර තරුණියන් දූෂ්‍ය කිරීම සම්බන්ධ චෝදනාවලට දෙවතාවකදී පස්වසරක් දක්වා සිර දඬුවම් ලැබූවෙකු බව අනාවරණය වී තිබේ.
බුද්ධාගමට අපහාස වන ආකාරයේ දර්ශන සහිත ගීත ඇල්බමයක් ඉදිරිපත් කළ කළු අපි‍්‍රකානු සෙනගල් සම්භවයක් සහිත අමෙරිකානුවකු වන මොහු මෙරටට කැඳවා සංගීත ප්‍රසංග සංවිධානය කිරීමට විරෝධය පෑම සඳහා විරෝධතාකරුවන් පිරිසක් සිරස මාධ්‍ය ජාලයට අයත් ප්‍රධාන කාර්යාලයට ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබේ.
අපරදිග සංගීතයේ ප්‍රසිද්ධ ගායකයකු වන ඔහු ගායකයකු ගීත රචකයකු සංගීත රචකයකු සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකුද වෙයි. ඔහු විසින් පසුගිය වසරේ නිෂ්පාදනය කරන ලද ගීත ඇල්බමයක එන ගීතයක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට දක්වන අඩ නිරුවත් රැඟුම් සහිත වූවකි.
එම රංගනය බෞද්ධ බැතිමතුන්ගේ දැඩි පිළිකුලට ලක්වී තිබේ. එවැනි ගායකයකු මෙරටට ගෙන්වීම මෙරට පමණක් නොව විදේශගතව සිටින බෞද්ධයන්ගේද දැඩි විරෝධයට යොමුවී ඇත.
එම පිළිකුල් සහගත දර්ශන ඇතුළත් ගීතය ඊබ්සා බාර්සලෝනා ස්පාඤ්ඤය හා ස්වීඩන යන රටවලදී පසුගිය වසරේ ජූලි මාසයේ රූගත කරන ලද්දකි. එය පටිගත කර ඇත්තේ ප්‍රංශ ජාතික නිෂ්පාදකවරයකු විසිනි.
ඒකොන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් “ෆේස්බ්රක්” අඩවි හරහාද ප්‍රදර්ශනය වෙමින් පවතී. ඒ තුළ ඒකොන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් කර ඇත. එහි මෙසේ සඳහන් වෙයි.
“සිරස ටී.වී. අලුත්ම කුමන්ත්‍රණය : එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ ඡන්දයේදී සෙනගාලය ඇතුළු රටවල් අපට විශාල සහයෝගයක් ලබා දුණි.
මෙවැනි ගායකයකු ලංකාවට ගෙන්වා ඔහුට එරෙහිව මතවාද ඇතිකරවා කලබගෑනියක් ඇති කරවීමට සිරස මාන බලාගෙන සිටී. ඒ මගින් ලංකාවේ මානව හිමිකම් කඩවන බවට ප්‍රචාරය කරවා විදේශ මැදිහත්වීමක් ඇති කරවීම සිරස ඉලක්කය බවද එහි සඳහන් වෙයි.
අමෙරිකානු පොප් ගායක එකොන්ගේ සංගීත කණ්ඩායමේ අඩනිරුවත් කාන්තාවන් බුදුදහමට අපහාස වන අයුරින් බුදුරුවකට පසුපස හරවාගෙන සිටින අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙයට විරෝධය පළ කරමින් සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින්ට පෙරේදා (22) සිරස ආයතනයේ සේවකයින් විසින් පහර දී ඇති බවටද වාර්තා විය.
AKON wa witharak ma balanna aasawen hitiya ayata ithn sorry thama..
bt anik kattiya enawane..
ticket gatthu aya yae ayyo aparade kiya kiya hehehe


mu enneyma nathi eka hodai
awilla monawa karaida danne naha
mey yaka karumeta hari bomba paarak kaaowth evarai
lanakwa charter wenawath ekka koi ekatath mu enney nathi eak hodai
ඔව් බන්,,,, මුන්ට ඕනේ ලංකාවට කෙළවන්න........
අපේ සමහරක්ට ඔනේ පැය 2-3 කට ආතල් එකක් ගන්න.... රටට ආගමට කෙළ කරලා හරි......
නොදෝමකින් මේ වගේ කාළකණ්නි.....
බලු කපුටු දානයක් දුන්නා කියලා හිතාගනින්.......
balla nathi balu kaputu danayak

BALLONAM ONATARAM INNAWA KAPUTO THAMAI NATTE![]()
well said ,දවසෙ කතාව ,බල්ලො බුරති අපි බලා සිටි