පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Sparkling grey,
    They are my own veins.
    Any more than a whisper,
    Any sudden movement of my heart.
    And I know, I know I`ll have to watch them pass away

    Just get through this day

    Give up your way, you could be anything,
    Give up my way, and lose myself, not today
    That`s too much guilt to pay

    Sickened in the sun
    You dare tell me you love me
    But you held me down and screamed you wanted me to die
    Honey you know, you know I`d never hurt you that way

    You`re just so pretty in your pain

    Give up my way, and I could be anything
    I`ll make my own way
    Without your senseless hate... hate... hate... hate.

    So run, run, run
    And hate me, if it feels good.
    I can`t hear your screams anymore

    You lied to me
    But I`m older now
    And I`m not buying baby

    Demanding my response
    Don`t bother breaking the door down
    I found my way out

    And you`ll never hurt me again.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෑ නීලම්බරේ සෘංගාර වූ චන්ද්‍රා දිළේ
    ඈ යන්තම් හෙලූ මනමාල වූ බැල්මක් වගේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලොව නිසසල වී නවතින මොහොතේ
    යටි හිත් මතුකොට සිනාසලා
    ලොව දොඩමලූ වී නෙත් මානන කල
    අප දෙදෙනා ඉමු තරහ වෙලා......

    තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු

    බොඳ වී යයි ආදරයක ලස්සන
    හෙමිහින් හිරවී ඇතිවුනු කඳුලයි
    අප දෙදෙනාගේ කථාව ලස්සන...

    අනුන් සිටින විට විමසිලි දෑසින්

    නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
    සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
    දෙතොල් සිරකලා ගොළු කර ගනු මැන...

    ~නිරංජලා සරෝජිනි~
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මගෙ සිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන්
    වෙන කිසිවෙක් ගැන සිතන්න හදවතට ඉඩක් නැහැනේ
    මගෙ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි
    වෙන කිසිවෙකු හෝ දකින්න දෙනුවනට ඉඩක් නැහැනේ...

    අප ලං කරවා කාලය පියඹයි ආලය ගැන විමසයි

    කවුරුන් වේවා හමුවූ මොහොතේ මට ඔබ ගැන පවසයි...

    කඳුළැල් මැදුරේ හසරැල් නැවතී සෙනෙහස ගැන පවසයි

    පීදෙන පියුමන් දළුලන තුරුවැල් මට ඔබ ගැන පවසයි.....

    වසන්තය කියන්නේ ඔබටයි මටයි.....


    ~නිරංජලා සරෝජිනී~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පහණ වගේ පේන හීනේ
    පාට පබළු මාල බැන්දේ
    මාලගිරවි පාර පැන්නේ
    හීන මාවතේ
    සරා සඳකි දෑස අස්සේ
    කෝඩුකාර රෑන මැද්දේ
    පියාසලා හීන වැස්සේ
    අපේ ආදරේ..

    ගණ නිල්වළා අස්සෙ හැංගිලා
    කවිකාර තාරුකා ඇස් මත්වෙලා
    දේදුන්න සේ වළාතීරයේ බොඳවෙලා
    අපේ පෙම් කතා..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසැල් වියේ
    නොදැනීම අපගේම සිත් යාවුනා
    දසුනින්ම හසුනක් මවා....

    උදයේ හවා ඔබ හමුවී එදා

    දෙඩුවා බැඳීලා සෙනේ
    දෙකොපුල් විලේ හසරැල් පිපී
    සතුටින්ම කල් යාවුනා.....

    සසරේ සදා අප බැඳෙමුයි පතා

    වැඩුනා හදේහී සෙනේ
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කඳූලින්ම වෙන්වී ගියා....

    ~සනත් නන්දසිරි~


     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අර මෝදු වෙලා සිනා පුරන සද මඩලෙන් අහන්න
    ඇයි දුක් නොවන්නෙ කියා හිරු කුමරුන් බැස ගියාම
    අතු අගට වෙලා සිනා පුරන මල් යායෙන් අහන්න
    ඇයි දුක් නොවන්නෙ කියා පිපි කුසුමන් පරවුනාම...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ රූසිරියෙන් මන්මත් වී
    මම නොකෙලෙම් අනුවණකම්
    මුලා උනේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
    ඈත එපිට ගිරි කුලකට ගියාදෝ
    මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
    දෑස අඳුරු වී මා තනි වුනාදෝ
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    Light Naththe Home Coming Dawase Indala
    Bila Gewannam Sanduda OT Karala
    Moona Kaethai Nam Kiyanna Pacial Karala
    Naluwa Wage Innam Mama Heta Indala
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
    ඈත එපිට ගිරි කුලකට ගියාදෝ
    මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
    දෑස අඳුරු වී මා තනි වුනාදෝ
    සීත හිමේ ලෙන් වාසය සුදුසු නැත :baffled:
    ඈත එපිට කදු නැගුමට හයිය නැත :P
    හදේ ලඟින්නට එහි තව ඉඩක් නැත :lol:
    දෑස අදුරු වී නුඹ අන්ද වී නැත :rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාළේ ...............
    රජ පෙළපත මාගේ පාවා දීලයි මං ආවේ

    රාළෙ පැල්කවි කියපන්නේ
    කන්නෙ අස්වනු නෙලපන්නේ
    කාසිද සේරම මට ඕනේ
    රාළෙ මං උඹගෙනෙ රාළේ

    රාළෙ රන්බඩු තනපන්නේ
    මාල මුතුපට මට ඕනේ
    මේ ගේ මගෙ නමටම ඕනේ
    රාළෙ මං උඹගෙනෙ රාළේ

    නෑදෑ සනුහරෙ හඹපන්නේ
    දුක නොව සැප මට බෙදපන්නේ
    ඉර හඳ පාමුල තබපන්නේ
    රාළෙ මං උඹගෙනෙ රාළේ

    රාළේ ...............
    රජ පෙළපත මාගේ පාවා දීලයි මං ආවේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිලුපුලේ නිල දෙන්න මට
    මම කඩුපුලක් පුබුදුවමි දවාලක

    සෙනෙහසේ රස මවාගන්න මට
    උරහිසේ හිස තියාගන්න ඔබ......

    විලේ විල්දිය රැලේ රැලිපිට
    හිතේ සිතිවිලි පාවෙන්නට හැර
    ඔබේ සුසුමෙහි මුසුවෙන්නට මට
    ගහක් ගලක්සේ නොසැලී ඉනුමැන
    සෙවනක සෙවනැලි ගලපන දවසක.....


     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපිදෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
    යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී
    අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
    ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී....
    :lol::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

    කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
    පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්
    රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්
    එගිණි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්

    ගිනි ගන්නා රටක කෙළින මීහරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරැවෙකි සිරගෙයි මළ මගේ පුතුන්
    කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්


    - නන්දා මාලිනී

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    10zmofk.jpg
    :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දැයම පුබුදුවාලූ නිමල පහණ නිවුණා
    අවිඳු අඳුර දුරලූ නුවණ පහණ නිවුණා
    සසුනඹර දිලුණ අපෙ සෝම සමිඳ ඔබ
    රහසෙම නික්මී තිබුණා

    දෝර ගලාගිය දහම් ගඟුල සිඳූණා
    මහකරුණාවෙන් මග නොමග ගියෝ
    දහම් ගඟුල සිඳූණා
    අකලට දහම් ගඟුල සිඳූණා

    ලොවේ දසත ගිය පිරිත් ස්වරය මැකුනා
    මහකරුණාවෙන් සිත සුවය සැදූ
    පිරිත් ස්වරය මැකුනා
    අකලට දහම් ගඟුල සිදුණා

    දැයම පුබුදුවාලූ නිමල පහණ නිවුණා
    අවිඳු අඳුර දුරලූ නුවණ පහණ නිවුණා
    සසුනඹර දිලුණ අපෙ සෝම සමිඳ ඔබ
    රහසෙම නික්මී තිබුණා..

    - දයාන් විතාරණ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නුබේ නෙත් තරු යැයි උවම් කොට
    මා එදා ලිවූ කවි පදම අද මගෙන් විමසාවී
    දෙනෙත් තරුනම්
    ඇයිද ගිනිගෙන දවන්නේ
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    2003 අප්‍රියෙල් මස 3 වැනිදා, අද වන් දිනක, ඉතා අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය, ගුණදාස කපුගේ නමැති විශිෂ්ඨ සංගීතවේදියා කෘතගුණ පූර්වකව සිහිපත් කරමු. ඔහුගේ මුල්ම ගීතය වූයේ 1973 වර්ෂයේ ගායනා කල " දෑස නිලුපුල් තෙමා " නමැති ඉතාම සුන්දර ප්‍රේම ගීතයයි.
    " දක හාදු දෙන රැයේ " ඔහුගේ හඬටම ගැලපෙන ශෝක ගී රාවයේ කම්පනයයි.


    gunadasa1.jpg




    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල් මාලියේ //

    නිහඬ හදවත් පොතේ ලුයැවුනු
    සොඳුරු ගීවැල් නැතේ මා තැනූ
    ඔබේ කඳුලැලි මා සිතේ
    නිබඳ පදවැල් ඇඳේ //

    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතුවැල් සලා
    දෙතොල සුසමින් පුරා ඉකිබිඳ
    හඬනු මල් මාලියේ //

    පබළු මිණිමුතු නැතේ මා සතූ
    කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
    කුසඟ පිණි ලෙස මල් මතේ
    කඳූළු කොපුවේ රැඳේ //

    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතුවැල් සලා
    දෙතොල සුසමින් පුරා ඉකිබිඳ
    හඬනු මල් මාලියේ //


    විශාරද ගුණදාස කපුගේ

     
    • Like
    Reactions: amila_90210

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා

    ගහ කොළද මල් පිපේ
    ඇල දොල නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ
    ඒ රුවට රැවටුනේ

    දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා

    නන්නාඳුනන ලෙසේ
    මඟ තොට යලිත් හමු වෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා
    දුක හාදු දෙන රැයේ....


    විශාරද ගුණදාස කපුගේ
     
    Status
    Not open for further replies.