නිබ්බානං පරමං සුඛං
මෙය අද කාලයේ අසන්නට ලැබෙන්නේ කයට. කයේ ලෙඩ ගැනද, කයේ සතුට ගැනද, පේන්න ඉන්න ඥාතියා ගැනද අද කාලයේ මේ දම් පදයෙන් ගොඩක් දෙනා ප්‍රසිද්ධියේ අර්ථකථනය දෙති.
එදා බුදුන් මෙය දෙසූයේ කයට නොව සිතටයි. මෙන්න ඒ පරමාර්ථය
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
ආරෝග්‍යා පරමා ලාභා - සංතුට්ටි පරමං ධනං
විශ්වාසා පරමා ඤාති - නිබ්බානං පරමං සුඛං
උතුම් ම ලාභය නිරෝගී භාවයයි. උතුම් ම ධනය සතුටයි. උතුම් ම නෑයා විශ්වාසයයි. ඒ සැම අතරින් උතුම් ම සැපත නිර්වාණයයි.
මෙය අද කාලයේ අසන්නට ලැබෙන්නේ කයට. කයේ ලෙඩ ගැනද, කයේ සතුට ගැනද, පේන්න ඉන්න ඥාතියා ගැනද අද කාලයේ මේ දම් පදයෙන් ගොඩක් දෙනා ප්‍රසිද්ධියේ අර්ථකථනය දෙති.
එදා බුදුන් මෙය දෙසූයේ කයට නොව සිතටයි. මෙන්න ඒ පරමාර්ථය
ආරෝග්‍යා පරමා ලාභා - සංතුට්ටි පරමං ධනං
විශ්වාසා පරමා ඤාති - නිබ්බානං පරමං සුඛං
උතුම් ම ලාභය නිරෝගී භාවයයි. ඒ කෙලෙස් වලින් ලෙඩ වූ සිත නිරෝගී කර ගැනීමයි.
උතුම් ම ධනය සතුටයි. ප්‍රථම වරට සෝවාන් මාර්ගඵල නිවන දකින්නාගේ සිතෙහි ඇති වන ප්‍රීතිය.
උතුම් ම නෑයා විශ්වාසයයි. සෝවාන් මාර්ගඵල ලබා උච්ච කරගත් එනම් ප්රභාෂ්වරකරගත් සිත උතුම්ම ඥාතියයි. තමාට තමා විශ්වාසවන්ත වීම.
ඒ සැම අතරින් උතුම් ම සැපත නිර්වාණයයි. සෝවාන් මාර්ගඵල නිවනට පත්වූවෝ නිවනම උතුම් සුඛය යැයි අවබෝධකරගෙන ඒ කරාම ගඟක් මහමුහුදට ගලනවාක් මෙන් ඒ නිවන් සුඛය කරාම ගමන් කරයි.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

. නැත්තන් අර Make-Up දාන සධුගේ චක් ගෝලයෙක්ද කොහේද. උඹ ඕවා ගනන් ගන්න එපා Noble. මේකා තමයි NGO. මේකට ඇත්ත විස වගේ.