දැන් මේ අපි හැමෝම ඔය දැල්වෙන ඉටිපන්දම් වගේ කියල දැනගත්තේ සෑහෙන කාලයක් ගිහින් නේ නේද?? (දැනටත් එහෙම පිලි නොගන්න උදවිය ඇති!! ඒක මෙතනට අදාළ නැහැ!!) ඒත් අපි හුඟ දෙනෙකුට මෙලෝ මලදානයක් නොතේරුණත්, ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළ ධර්මය කෑලි කෑලි හරි අහල, සංසාර ගමනක් කියල දෙයක් ගැන, පුනරුප්පත්තියක් කියල දෙයක් ගැන, දැනගන්න, එහෙමත් නැත්නම් අඩුම ගනනේ 'මෙහෙම එකකුත් තියනවලු!' කියල හරි දැනගන්න ලැබිල තියනවා!! ඒත් බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙලා දේශනා කරන ධර්මයත් කාලෙකදී ලෝකයෙන් සහමුලින්ම අතුරුදන් වෙලා යනවා!!! එතකොට 'සංසාර ගමන්', 'පුනරුප්පත්ති' කියන ඒවා ගැන නමටවත් අහන්න දැනගන්න ලැබෙන්නේ නැහැ!!!
හැබැයි ලෝකයේ බුදුකෙනෙකුන්ගේ ධර්මයක් තිබුනත් නැතත්, කාලයෙන් කාලයට නිදහස් / සැහැල්ලු මනසක් තියන, යම් පමණකට හරි දියුණු කරගත් හිත් තියන උදවිය උපදිනවා!! එහෙම කෙනෙක් හුදකලාවේ තමන් ගැනම කල්පණා කලොත්, එයාත් මේ 'මම' කියන්නේ කවුද? 'මම' ඉන්නේ කොහෙද කියල තමන්ගේ ශරීරය ගැනම කල්පණා කලොත්, ඔය ඉටිපන්දම් දැල්ලක් වගේ ක්‍රියාකාරිත්වයක් නේද මෙතන තියෙන්නේ... කියල අනිවාර්යයෙන් අවබෝධ වෙනවා!!! මොකද මේ ශරීරය 'අවයව' වශයෙන් වෙන්කර කර බලන්න ඕනෙම කෙනෙකුට පුළුවන්!! (බලන්නේ නැතුව මිසක්). ඉතින් දැන්, බුද්ධ දේශනා නාමයක් වත් නැති කාලෙක කවුරුහරි ඔය බව 'දැක්කොත්' මොකක් වෙයිද???
හෙණ ලෙඩක් වැටෙනවා!!!
ඇයි?? තමන් දැල්ලක් වගේ කෙනෙක්! කියල දැනගත්තට, පටන් ගනිද්දිම දැක්කේ දැල්ල හටගන තියනවා විතරනේ? ඉතින් කොහොමද මේක දැල්වුනේ? කොහොමද පටන්ගත්තේ?? මාර අවුලක් නේ!! මොකද සාමාන්‍ය මනුස්සයෝ කාටවත් මේ ජීවිතයට කලින් දේවල්, ඉස්සරහට වෙන දේවල් පෙන්නේ නැහැ නේ... අනික මේ 'මම' මේ 'මගේ ආත්මය' කියල බදාගෙනමනේ වැඩේට බහින්නේත්!! නිකමට හිතල බලන්න කොයි කොයි වගේ නිගමන වලට ඒවිද කියල??
1) 'මම', 'ආත්මය' හැදුනේ අලුතෙන්මයි! ඒ වගේම මැරෙණකොට සේරම ඉවර වෙලා යනවා! එතනින් ඉවරයි!!
2) කවුරුහරි මහා බලගතු කෙනෙක් ඉඳලා 'මම', 'ආත්මය' මවන්න ඇති! මැරුණම 'මම', 'ආත්මය' එහෙම්මම අවකාශයට මුසුවෙලා යනවා ඇති!!
3) කවුරුහරි මවන්න ඇති! මැරුණාම ආයේ එයා ගාවටම යනවා ඇති!!
ඇත්තටම නම් 'මම' නැතිවෙනවට කවුද කැමති?? දන්නේ නැහැනේ ඇත්ත කතන්දරය!! අන්න ඒක හන්ද හුඟ දෙනෙක් ඔය තුන්වෙනි විදියට හිතල හිත හදාගන්නවා!!! ඔය විදියට මනුස්සයෝ අතරේ ප්‍රචලිත වෙච්ච කතන්දර වලට තමයි දැන් ලෝකේ පුරාම ඉන්න බහුතරයක් අහුවෙලා ඉන්නේ!!!
හැබැයි බුද්ධ දේශනා කියල නාමයක් වත් ලෝකේ නැති කාල වලත්, කවුරුවත් විශ්වාස නොකලට, කාටවත් කියන්න බැරි උනාට, තව අමුතුම දෙයකුත් සිද්ධ වෙනවා!!! ඒ තමයි, ඔය දැනටත් සිද්ධවෙන විදියට සමහරුන්ට තම තමන්ගේ පෙර ආත්ම මතක් වීම!! මොකද මේ, ලෝකයේ පවතින ස්වභාවික කතාවක් මිසක්, බුදුවරු කියන, බුදුවරු කරවන කෙහෙල්මලක් නෙවෙයි නේ... ඒත් ඉතින් එහෙම මතක් උනත් ඒ කාටවත් ගැලවෙන්න කිසිම ක්‍රමයක් නැහැ!!! මොකද මේ නැවත නැවත ඉපදෙන එකෙන් ගැලවෙන ක්‍රමය තියෙන්නේ බුදුකෙනෙක් දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ විතරයි!!! ඒ ධර්මය ලෝකයේ නැති කාලෙට මිනිස්සු පුදුම විදියට අසරණ වෙනවා!! අන්න ඒකයි මේ අපිට ලැබිලා තියන වාසනාවන්ත අවස්ථාවේ වටිනා කම!!!