'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~මොලය මැරිලා, එත් හදවත වැඩකරනවා...

    අයියෝ... ඒක හෙණ simple case එකක්! මනුස්සයෙක් සාමාන්‍ය විදියට කතා බහ නොකළ පලියට, දැනෙන දේවල් වලට ප්‍රතිචාර දැක්වුයේ නැති පලියට, 'මලා' කියනවා නම් පිස්සුවක්!! ඔය කියන situation එක technically කියනවා නම්, vital BIOS routines විතරක් දුවන PC එකක් වගේ!! මොකක් හරි defect එකක් හන්ද full boot වෙන්නේ නෑ!! එහෙම උනාම PC's නම් හදන්න පුළුවන්... ඒත් සත්වයෙක්ට මොනවා කරන්නද?? බබෙක් ඉන්නවා නම් එයාව එලියට අරන් බේරගන්න try කරන එකයි, අනික් එක්කෙනා 'auto off' වෙනකම් ඉන්න හරින එකයි තමයි කරන්න පුළුවන් එකම දේ!! මොකද off කරන්න try කලොත් ඒකත් ලෝක ලෙඩක්!!

    මේ... හැබැයි මේ අපි කතාකරන මාතෘකාවට අදාළ නැති case ගැන කල්පණාකර කර කාලේ නාස්ති කරන්න එපා!
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    සෑහෙන්න බොන්න ඔන පරස්නයක්...............
    000200D5.gif
    00020443.gif
    0002072E.gif
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බුදු දහමේ දී මනස කිව්වේ සිතට මිස මොලයට නෙවෙයි ද?
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බුදු දහමේ දී මනස කිව්වේ සිතට මිස මොලයට නෙවෙයි ද?

    කායෙන සංවුතා ධීරා
    අථෝ වාචාය සංවුතා
    මනසා සංවුතා ධීරා
    තේචේ සුපරි සංවුතා


    ධෛර්යවන්ත පණ්ඩිතයෝ කයින් සංවර වෙත්. වචනයෙන් සංවර වෙත්. සිතින් සංවර වෙත්. එසේ වූවෝ ඒකාන්තයෙන්ම මනාව සංවර වූවෝ බවට පත් වෙත්. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාලේ එම කාරණයයි.

    එතකොට මනස කියන්නේ මොකක්ද?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදු දහමේ දී මනස කිව්වේ සිතට මිස මොලයට නෙවෙයි ද?

    dakke nadda??

    බුදුහාමුදුරුවෝ සත්වයාව ආයතන 6ක එකතුවක් (සලායතන) හැටියට දක්වද්දී, ඇස/කණ/නාසය/දිව/කය/මොලය කියල කියන්නේ නැතුව ඇස/කණ/නාසය/දිව/කය/මනස කියල කිව්වෙත් 'වැඩ කරන මොලයක්' වෙන්න ඕනේ නිසයි!!! ඒ ක්‍රියාකාරිත්වය තමයි 'මනස'!!! හැබැයි මනස, සිත, විඥාණය, ප්‍රඥාව කියන වචන සමූහයක්ම මේ මොලගෙඩිය අස්සේ වෙන 'යුද්ධෙ' විස්තර කරන්න බුදුහාමුදුරුවෝ යොදාගෙන තියනවා. මේවා අර්ථ වශයෙන්, යෙදෙන තැන් අනුව තමයි හරියටම තේරුම්ගන්න ඕනේ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කායෙන සංවුතා ධීරා
    අථෝ වාචාය සංවුතා
    මනසා සංවුතා ධීරා
    තේචේ සුපරි සංවුතා

    ධෛර්යවන්ත පණ්ඩිතයෝ කයින් සංවර වෙත්. වචනයෙන් සංවර වෙත්. සිතින් සංවර වෙත්. එසේ වූවෝ ඒකාන්තයෙන්ම මනාව සංවර වූවෝ බවට පත් වෙත්. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාලේ එම කාරණයයි.



    කායේන සංවරෝ සාධු... සාධු වචසාය සංවරෝ...
    මනසා සංවරෝ සාධු... සාධු සබ්බත්ථ සංවරෝ...
    සබ්බත්ථ සංවරෝ බික්ඛු... සබ්බ දුක්ඛා පමුන්චති!!

    කයෙන් සංවර වීම හොඳයි... වචනයෙන් සංවර වීම හොඳයි...
    මනසින් සංවර වීම හොඳයි... සියල්ලෙන්ම සංවර වීම හොඳයි...
    සියල්ලෙන්ම සංවර වූ භික්ෂුව සියලු දුකින් නිදහස් වෙනවා!!


    me deken wadaath hondin therenne mokadda???
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් මේ අපි හැමෝම ඔය දැල්වෙන ඉටිපන්දම් වගේ කියල දැනගත්තේ සෑහෙන කාලයක් ගිහින් නේ නේද?? (දැනටත් එහෙම පිලි නොගන්න උදවිය ඇති!! ඒක මෙතනට අදාළ නැහැ!!) ඒත් අපි හුඟ දෙනෙකුට මෙලෝ මලදානයක් නොතේරුණත්, ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළ ධර්මය කෑලි කෑලි හරි අහල, සංසාර ගමනක් කියල දෙයක් ගැන, පුනරුප්පත්තියක් කියල දෙයක් ගැන, දැනගන්න, එහෙමත් නැත්නම් අඩුම ගනනේ 'මෙහෙම එකකුත් තියනවලු!' කියල හරි දැනගන්න ලැබිල තියනවා!! ඒත් බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙලා දේශනා කරන ධර්මයත් කාලෙකදී ලෝකයෙන් සහමුලින්ම අතුරුදන් වෙලා යනවා!!! එතකොට 'සංසාර ගමන්', 'පුනරුප්පත්ති' කියන ඒවා ගැන නමටවත් අහන්න දැනගන්න ලැබෙන්නේ නැහැ!!!

    හැබැයි ලෝකයේ බුදුකෙනෙකුන්ගේ ධර්මයක් තිබුනත් නැතත්, කාලයෙන් කාලයට නිදහස් / සැහැල්ලු මනසක් තියන, යම් පමණකට හරි දියුණු කරගත් හිත් තියන උදවිය උපදිනවා!! එහෙම කෙනෙක් හුදකලාවේ තමන් ගැනම කල්පණා කලොත්, එයාත් මේ 'මම' කියන්නේ කවුද? 'මම' ඉන්නේ කොහෙද කියල තමන්ගේ ශරීරය ගැනම කල්පණා කලොත්, ඔය ඉටිපන්දම් දැල්ලක් වගේ ක්‍රියාකාරිත්වයක් නේද මෙතන තියෙන්නේ... කියල අනිවාර්යයෙන් අවබෝධ වෙනවා!!! මොකද මේ ශරීරය 'අවයව' වශයෙන් වෙන්කර කර බලන්න ඕනෙම කෙනෙකුට පුළුවන්!! (බලන්නේ නැතුව මිසක්). ඉතින් දැන්, බුද්ධ දේශනා නාමයක් වත් නැති කාලෙක කවුරුහරි ඔය බව 'දැක්කොත්' මොකක් වෙයිද???

    හෙණ ලෙඩක් වැටෙනවා!!!

    ඇයි?? තමන් දැල්ලක් වගේ කෙනෙක්! කියල දැනගත්තට, පටන් ගනිද්දිම දැක්කේ දැල්ල හටගන තියනවා විතරනේ? ඉතින් කොහොමද මේක දැල්වුනේ? කොහොමද පටන්ගත්තේ?? මාර අවුලක් නේ!! මොකද සාමාන්‍ය මනුස්සයෝ කාටවත් මේ ජීවිතයට කලින් දේවල්, ඉස්සරහට වෙන දේවල් පෙන්නේ නැහැ නේ... අනික මේ 'මම' මේ 'මගේ ආත්මය' කියල බදාගෙනමනේ වැඩේට බහින්නේත්!! නිකමට හිතල බලන්න කොයි කොයි වගේ නිගමන වලට ඒවිද කියල??

    1) 'මම', 'ආත්මය' හැදුනේ අලුතෙන්මයි! ඒ වගේම මැරෙණකොට සේරම ඉවර වෙලා යනවා! එතනින් ඉවරයි!!
    2) කවුරුහරි මහා බලගතු කෙනෙක් ඉඳලා 'මම', 'ආත්මය' මවන්න ඇති! මැරුණම 'මම', 'ආත්මය' එහෙම්මම අවකාශයට මුසුවෙලා යනවා ඇති!!
    3) කවුරුහරි මවන්න ඇති! මැරුණාම ආයේ එයා ගාවටම යනවා ඇති!!

    ඇත්තටම නම් 'මම' නැතිවෙනවට කවුද කැමති?? දන්නේ නැහැනේ ඇත්ත කතන්දරය!! අන්න ඒක හන්ද හුඟ දෙනෙක් ඔය තුන්වෙනි විදියට හිතල හිත හදාගන්නවා!!! ඔය විදියට මනුස්සයෝ අතරේ ප්‍රචලිත වෙච්ච කතන්දර වලට තමයි දැන් ලෝකේ පුරාම ඉන්න බහුතරයක් අහුවෙලා ඉන්නේ!!!

    හැබැයි බුද්ධ දේශනා කියල නාමයක් වත් ලෝකේ නැති කාල වලත්, කවුරුවත් විශ්වාස නොකලට, කාටවත් කියන්න බැරි උනාට, තව අමුතුම දෙයකුත් සිද්ධ වෙනවා!!! ඒ තමයි, ඔය දැනටත් සිද්ධවෙන විදියට සමහරුන්ට තම තමන්ගේ පෙර ආත්ම මතක් වීම!! මොකද මේ, ලෝකයේ පවතින ස්වභාවික කතාවක් මිසක්, බුදුවරු කියන, බුදුවරු කරවන කෙහෙල්මලක් නෙවෙයි නේ... ඒත් ඉතින් එහෙම මතක් උනත් ඒ කාටවත් ගැලවෙන්න කිසිම ක්‍රමයක් නැහැ!!! මොකද මේ නැවත නැවත ඉපදෙන එකෙන් ගැලවෙන ක්‍රමය තියෙන්නේ බුදුකෙනෙක් දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ විතරයි!!! ඒ ධර්මය ලෝකයේ නැති කාලෙට මිනිස්සු පුදුම විදියට අසරණ වෙනවා!! අන්න ඒකයි මේ අපිට ලැබිලා තියන වාසනාවන්ත අවස්ථාවේ වටිනා කම!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කතාවට, වෙන වෙන ආගම් වල උදවිය කුලප්පු වෙන්න එපා! කවුරු කොහොම හිතාගෙන හිටියත්, අදහාගෙන හිටියත්, අපේ ජීවිත සම්බන්ධව මේ සිදුවෙන ක්‍රියාදාමය සිද්ධවෙන්නේ ඒක සිද්ධවෙන විදියටමයි!!! හැබැයි අපට මුළු ලෝකෙම වෙනස්කරන්න, සේරමලා හදන්න බැහැ!! අනික මේක යාලුවෝ, නෑදෑයෝ සේරමලා පිරිවරාගෙන එක පොදියට එකට යන ගමනක් නෙවෙයි!!! අපි එක එක්කෙනා තනි තනියෙන් මුහුණදෙන්න ඕනේ දෙයක්!!! ඒ හන්ද අදහන්නේ මොනවා උනත් කමක් නැහැ!! මෙතන වෙන්නේ මොකද්ද කියල හොඳට දැනගෙන, 'තමන්' කරදරේ නොවැටෙන්න අවශ්‍යවෙන දේවල් හරියට කරගන්න!! ඊළඟට දන්න දන්න යාලුවෝ, නෑදෑයොන්ට එහෙම මේ විස්තර කියල, එයාලටත් ගැලවෙන්න කටයුතු කරගන්න කියන්න!! එහෙමයි හොඳ යාලුවෝ, හොඳ ඥාතියෝ කටයුතු කරන්නේ. මම අවශ්‍යවෙන සේරම දේවල්, වෙනස් කම් මොකවත් නැතුව, කටත් පොදු කරුණු ආශ්‍රයෙන්, මේකේ ලියනවා!!! plan කරලා සේරම ඉවරයි... සේරම හිතේ! ලියන්න ගියාම චුට්ටක් කම්මැලියි... එච්චරයි upset එක. ඒත් ඉක්මනටම මැරුණේ නැත්නම් මේකත් අනිවාර්යයෙන් සම්පූර්ණ කරනවා! කොහොමත් මට නම් ආගම් බේධ, ජාති භේද කතා මොකවත්ම නැහැ... මට IT පැත්තෙන් ඉක්මනට ඉක්මනට ගොඩාක් දියුණුවෙන්න උපකාර කලේ මුස්ලිම් යාලුවෙක්!! එයාට දැනටමත් මේ කතන්දර කියල දීල තියෙන්නේ. ඊළඟට ධර්ම මාර්ගයට අවශ්‍ය පසුබිම එහෙම්පිටින්ම හැදුනේ ක්‍රිස්තියානි, ද්‍රවිඩ යාලුවෙක් නිසා!! ඒත් එයාට මේ කතාව කියන්න තාම ලැබුනේ නැහැ... (ආශ්‍රයෙන් ඈත්වුන නිසා). කොහොමහරි ඒ හැමෝටම මේ අවස්ථාව මග හැරෙන්නේ නැතිවෙන්න, ඇත්ත තේරුම් කරන්න තියන උවමනාවට තමයි මම මෙහෙම ඒවාට යොමු උනෙත්! අපිනම් කවුරුත් සහෝදරයෝ වගේ!! අපිට මැටි මෝල් අදහස් අහලකවත් ඇත්තේ නැහැ!! ඇත්ත දැනගෙන අපි ගොඩ ගියා වගේම වටේ ඉන්න පිරිසටත් නිදහස් වෙන්න උපකාර කරන්න තමයි දැන් උවමනාව!! මෙහෙම හොඳ වාසනාවන්ත කාල පරිච්චේද හැමදාම හම්බවෙන්නේ නැහැ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කට්ටිය ආත්මය, විඥාණය කියන දේ සම්බන්ධයෙන් නොයෙකුත් කතන්දර අහලා තියනවා නේද?? ඒත් මේකේ magic මොකවත්ම නැහැ... සේරම සහසුද්දෙන්ම කියල දෙන්න පුළුවන්!! මොකද බුදුහාමුදුරුවෝ ඔය සේරම කියල දීල තියනවා... ඔය හුඟදෙනෙක් අහල තියන 'මනෝ කාය' නැත්නම් astral body කියන එකට වඩා ගොඩාක් කතන්දර තියනවා!!! කොහොම උනත් මේ සේරම අර දැල්වෙන දෙයකින් ඇතිවන දැල්ල සම්බන්ධයෙන් බලපාන සිද්ධාන්ත වලට යටත්වම විතරයි සිද්ධවෙන්නේ. ඊට වෙනස් විදියකට කීයටවත් වෙන්නේ නැහැ!!

    බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා, විඥාණය, රූපයක / වේදනාවක / සංඥාවක / සන්ස්ඛාරයක බැසගෙන, නැත්නම් එයින් එකක් අරමුණු කරගෙන, එයින් එකක උපකාරයෙන් මිසක් තනිව පවතින්නේ නැහැ!! තනිව ගමන්කරන්නේ නැහැ!! කියල. කවුරුහරි විඥාණය තනිව පවතිනවා, තනිව ගමන්කරනවා කිව්වොත්, 'නේතං ඪානං විජ්ජති' (ඒක කීයටවත් වෙන්නේ නැහැ!!) කියලත් බොහොම පැහැදිලිව කිව්වා. දැන් මේ රූප/වේදනා/සංඥා/සංස්ඛාර/විඥාණ කියන ඒවා ධර්ම කරුණු උනාට සරලව ගත්තොත්, ඒවයෙන් හැඳින්වෙන්නේ සකස්වෙච්ච දෙයක් හා ඒ ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරිත්වයක් කියන එකයි!!

    technically මේක විද්‍යුතය හා විද්‍යුත් චුම්බකත්වය කියල කිව්වනේ... එතැනදී හැදිච්ච මාද්‍යයක (කම්බියක් කියමු) ගමන්කරන විද්‍යුතය නිසා තමයි චුම්බකත්වය ඇතිවෙන්නේ... පවතින්නේ... ඔතනදි කම්බිය නැත්නම් current එකක් යන්නෙත් නැහැ... කාන්දම් බලයක් හැදෙන්නෙත් නෑ... ඉටිපන්දම් කතන්දරේදී පන්දම නැතුව දැල්ල තනියෙන් තියෙන්නේ නැහැ වගේම තමයි!! ඒ වගේම සත්වයා සම්බන්ධයෙන්, කයක් නැතුව සත්වයෙකුට 'ඉන්න' බැහැ!!! හැබැයි සත්වයා සම්බන්ධයෙන් 'කය'වල් 3ක් තියනවා කියල බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්න!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    කයෙන් සංවර වීම හොඳයි... වචනයෙන් සංවර වීම හොඳයි...
    මනසින් සංවර වීම හොඳයි... සියල්ලෙන්ම සංවර වීම හොඳයි...
    සියල්ලෙන්ම සංවර වූ භික්ෂුව සියලු දුකින් නිදහස් වෙනවා!!


    මම ඔය රතු පාට කරලා තියෙන්නේ තුන් දොරයි. තුන් දොර කියන්නේ මොකක්ද? සිත, කය, වචනය මිසක් මොලය, කය, වචනය නෙවෙයි නේ?
     
    Last edited:

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    dakke nadda??

    හැබැයි මනස, සිත, විඥාණය, ප්‍රඥාව කියන වචන සමූහයක්ම මේ මොලගෙඩිය අස්සේ වෙන 'යුද්ධෙ' විස්තර කරන්න බුදුහාමුදුරුවෝ යොදාගෙන තියනවා. මේවා අර්ථ වශයෙන්, යෙදෙන තැන් අනුව තමයි හරියටම තේරුම්ගන්න ඕනේ!!

    මොළ ගෙඩිය අස්සේ වෙන යුද්දේ නෙමෙයි සිත ඇතුලේ වෙන යුද්දේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යම රජ;9970046 said:
    මොළ ගෙඩිය අස්සේ වෙන යුද්දේ නෙමෙයි සිත ඇතුලේ වෙන යුද්දේ.

    ඒකනේ! මූට තාම තේරිලා නැහැ නේ...

    පොරට තදවෙයිද දන්නේ නෑ? පව්! හොඳ කොලු ගැටයෙක්!!
    ඔහොම යන්කෝ....
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හලෝ ලා,

    මේ වචන බදාගෙන ඒවායේ හිරවෙන්න එපා! මෙන්න මේ basic idea එක, සරල අදහස, හිතට අරන් හොඳට මතක තියාගන්න!!

    දැන්, 'මොලෙන් කල්පණා කරලා බලන්න' 'හිතෙන් කල්පණා කරලා බලන්න' 'ණුවනින් කල්පණා කරලා බලන්න' වගේ කියන තැන් වලදී ඔය වචන සේරගෙන්ම එකම අර්ථයක් කියවෙනවා.

    'සිහිය දියුණු කරගන්න ඕනේ' 'ණුවන දියුණු කරගන්න ඕනේ' 'කල්පණාව දියුණු කරගන්න ඕනේ' 'ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ' කියනකොටත් එකම තේරුම්.

    ඒ උනාට මේ වචනයක් වචනයක් ගනනේ කියවෙන, ඒ එකකින් අඳුන්වන දෙය, ගති ලක්ෂණය, බැලුවොත් අන්න ඒවා එකකට එකක් වෙනස්!!

    මේ... මෙන්න මේ වගේ 'මොලේ උලුක් වෙන තැන්' තියන හන්දා තමයි බුදුහාමුදුරුවෝ, "මාගේ ධර්මය ප්‍රඥා වන්තයින්ට මිසක් දුස්ප්‍රාඥ උදවියට නෙවෙයි!" කිව්වේ...

    ඒත්, උන්වහන්සේ ප්‍රඥාව දියුණු කරගන්න විදිය කියල දුන්න. ඔයාල 'dead zero' පොරවල්, '0' පොරවල්, නෙවෙයි නම්, 0.0001 විතරවත් ප්‍රඥාවක් ඇතුව ඉපදිච්ච උදවිය නම්, ඒ ඇබින්ද දියුණු කරලා ගන්න පුළුවන්, ණිවන් අවබෝධ වෙන්නම!!!

    ශ්‍රී සද්ධර්මය තියෙන්නේ... "සත්තානං විසුද්ධියාය (සත්වයාගේ පිරිසිදුවීම පිණිසය), දුක්ඛ දෝමනස්සානං අත්තන්ගමාය, සෝක පරිද්දවානං සමතික්කමාය, ඥායස්ස අධිගමාය (ප්‍රඥාව දියුණුවීම පිණිසය), නිබ්බානස්ස සච්චිකිරියාය!! කියල නේ කියල කියා දුන්නේ. අන්න ඒක නිසා තමන්ගේ මොනම අඩුපාඩුවක් තිබුනත් පසු බසින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ!!! (මමත් කොහෙදිවත් negative thoughts දුන්නේ නැත්තේ මගේ හිතේ විශ්වාසයෙන්මයි!!! මේක කරන්න පුළුවන්!!! උනන්දුව උවමනාව තියන අහිංසක, නිහතමානී ඕනෙම කෙනෙකුට අවන්කවම උදව් උපකාර කරන්න තමයි මට ඕනේ!!

    අපේ හාමුදුරුවෝ කියල දුන්න ලස්සන කතාවක් තියනවා...

    'ප්‍රඥාවෙන් අවබෝධ කරන දේ තමයි විඥාණයෙන් දැනගන්නේ... විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ...'

    ඔතනදි විඥාණය කියන්නේ අපිට ස්වභාවිකව ලැබිල තියන එක. ප්‍රඥාව කියන්නෙත් ඒකෙම ගුණාංගයක්!! ඒත් ඒක ඉබේ ඇතිවෙන ගුණාංගයක් නෙවෙයි... බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම කරුණු පිලි අරගෙන, ධාරණය කරගෙන, ඒ කරුණුවලට අනුව නිවරදිව කල්පණාකර කර බැලීමෙන්ම තමයි ප්‍රඥාව දියුණුකරගන්න තියන්නේ... මේ බව කිව්වෙත් බුදුරජාණන්වහන්සේ මයි!! ඒ ආලවක යක්ෂයාගේ පැණයකට පිළිතුරු වශයෙනුයි.
    (අපේ හමුදුරුවොන්ට දිරවල ගියපු point එක!!)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න මෙහෙමයි 'කය'වල් පිලිබඳ විස්තරය...

    1) ඕලාරික කය - අපේ මේ ඇඟවල් නැත්නම් දෙවියන්ගේ, පෙරේතයන්ගේ වගේ සියුම් ශරීර! (හැබැයි මෙතන සියුම් කියන්නේ පුංචි / කුඩා කියන එක නෙවෙයි! අපිට පියවි ඇහැට නොපෙනෙන අතට අහුවෙන්නේ නැති ගතිය තමයි අදහස් වෙන්නේ).

    2) මනෝමය කය - මේක තමයි ඔය near-death experience එකේදී එහෙම කතාවෙන කය! හැබැයි near-death මිසක්, මැරිච්ච කෙනෙක්ගේ ආත්මයක් වෙනම පවතින කතාවක් මෙතන නැහැ හොඳද? ඕක බුදුහාමුදුරුවෝ ලස්සනට කිව්වා, උන්වහන්සේට උවමනා වෙලාවට 'තණකොළ ගහකින් ගොබේ එලියට ඇදල ගන්නවා වගේ' මේ ඕලාරික සිරුරෙන් මනෝමය කය එලියට ගන්න පුළුවන් කියල!!! ඒක ඔය චුම්බක ක්ෂේත්‍රය එහෙට මෙහෙට කරනවා වගේ වැඩක්... අර කටවල් දෙකේ ලිප්වල දැල්ල පොඩ්ඩක් වෙන්කරලා ගන්නවා වගේ situation එකක්!! හැබැයි ඉතින් source එක, 'ශක්ති ප්‍රහවය' බලවත් වෙන්න වෙන්න මෙහෙම වෙන්කරගන්න කොටස, 'මනෝ කාය' ඈතට ඈතට යවන්න පුළුවන්!!! ලොකු ගිනි ගොඩවල් වලදී 'ගිනිගුලි' එලියට පැනල, ටිකකින් නැතුව යන්නේ... අන්න ඒ වගේ!! බුදුරජාණන්වහන්සේට නම් විශ්වයේ ඕනෙම තැනකට මොහොතින් ගමන්කරන්න පුළුවන්!!! ඉර්දිමත් ශ්‍රාවක පිරිස් දක්වපු හැකියාවල් ගැනත් දේශනා වල සඳහන් වෙනවා!!! මට නම් එහෙම එව්වා නැහැ... ඉතින් දේශනා වලින් ඉගෙන ගත්තු දේට වඩා යමක් දන්නේ නැහැ!! ඒත් electro magnetic radiation සම්බන්ධයෙන් දන්න කරුණු වලින් හිතල බලනකොට, හිත දියුණු කිරීමට සීමාවල් නැහැ!! එහෙම කරගත්තු කෙනෙකුගේ හැකියාවල් වලටත් සීමාවල් නැහැ!! සේරටම වඩා මේ 'මහප්පරාන කතන්දර' ජීවිතය අවබෝධ කරගන්න, සංසාර ගමනෙන් එතෙර වෙන්න, කොහෙත්ම ඕනේ වෙන්නේ නෑ!!! කිසිසේත්ම අදාලත් නෑ!!!

    3) සංඥා කය - මේක තමයි සත්වයා පවතින සියුම්ම (කුඩාම) අවස්ථාව! ළමයෙක්/පැටියෙක්/අලුත් ජීවියෙක් හැදෙන්න පටන් ගන්නේ සයිල දෙකක එකතුවෙන් නේ... කොච්චර කුඩාද?? අන්න එහෙම එකකට set වෙන වෙලාවේ සත්වයා ඒ තරමටම පුංචියි!!! මොකද විද්‍යුත් සංඥා වලට 'ප්‍රමාණය' කියන මානය අදාළ නැහැ!! කලින් කිව්වා නේ... වැඩේ තියෙනේ ඒක නෙවෙයි, මහා professor කෙනෙක්, මුළු ලෝකෙම තියන පොත් කටපාඩම් කෙනෙක්, උනත් ඔය සයිල දෙකක ප්‍රමාණයේ 'store කරන්න' පුළුවන්!!!:yes: ඒවා මොනවද? මේ හැම කෙනෙක්ගෙම මතකයේ කල්ප කෝටි, ප්‍රකෝටි ගණනක් තිස්සේ එකතුවෙච්ච මතකය (පංචුපාදානස්කන්ධය) තියනකොට!!! මතක් කරගන්න විතරයි බැරි!! හිත දියුණු කලොත් බැරිත් නැහැ!!! මෝහනය කරලා සැහෙන දුරට මතක් කරවන්නත් පුළුවන්... හැබැයි මේවා off-topic.
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    good thread reading whole pages..


    Damith Ayya thank for you thread ; I did Buddhist Civilization for A\L

    There is nothing called "Athmaya " or "Mama" Because these words stated that there is a something that "NOT CHANGING" So in Buddhism "Every thing is CHANGING" = "ANATHMA" ---- What we know as me is equal to === "FLOW OF THINKING PATTERN" Because we have "THANHAWA" We STICK to something EVERY TIME. So because of this "WE ARE KEEP GOING IN THIS called "SANSARAYA" When a person "DIE " Means ="FLOW OF THINKING PATTERN" will stick in to another FORM called "ANTHARA BHAWAYA" Or called "Gandabba" where he will TRANSFER TO A NEXT LIFE FORM it may either this world as a man , as animal (If you are soo bad) or you might go to hell!!!!!!!!! It DEPENDS on the things you do in this world -- EVERY ACTION YOU DO THERE WILL BE A REACTION " Its like you throw a ball to a wall IT WILL BOUNCE BACK!!!!!!!!!!!! SO if you want to get rid of this CYCLE you MUST FOLLOW "ARYA ASHTANGIKA MARGAYA" -- DO meditation -- ofcourse this is NOT EASY But that is the ONLY WAY OUT !!!!!!!!!!!!!!!!!!! This is the true Buddhism which i learned IT IS UPTO YOU BELIEVING OR NOT Any questions ???

    this is what i learn.. its like summry of everything...