හැම දාම හරක් මස් කෑවම මාර ශක්තියක් නේ බන් එන්නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    මස් පිණිස ගවයන් ඇති කරන්න ඕන ගව මස් විකුනන්න වෙනම මස් කඩ කියල බදු දෙන එක නවත්තල ඕන කෙනෙක්ට මස් විකුනන්න අවසර දෙන්න ඕන.
     
    • Like
    Reactions: KOTA NIHAL

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,091
    12,054
    113
    Ohio, USA
    ඔයා කියපු කතාව සහතික ඇත්ත. ලංකාවේ බලයට පත් වුණු හැම ආණ්ඩුවක්ම කළේ මිනිස්සුන්ව මැරෙන්න නොදී, බඩගින්න නිවලා තියාගන්න එක විතරයි. එහෙම නැතුව රටේ මිනිස්සුන්ට හොඳ පෝෂණයක් තියෙන, නිරෝගී ජීවිතයක් දෙන්න කවදාවත් උත්සාහ කළේ නැහැ.

    ඔයා ඔය කියපු කතාවේ අනිත් පැත්ත, ඒ කියන්නේ මේකේ තියෙන ලොකුම අතුරු ප්‍රතිඵලය තමයි ආණ්ඩුවලට ඕන වුණේ බත් ටිකක් දීලා මිනිස්සුන්ගේ බඩ පුරවන්න විතරයි. හැබැයි මිනිහෙක්ට ජීවත් වෙන්න බත් විතරක් මදි, ඇඟට පෝෂණය ප්‍රෝටීන්, විටමින් වගේ ඒවා ඕනේ. මේ නිසා වුණේ රටේ මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම තිබ්බත්, නියම පෝෂණයක් නැති එක.
    ඒකනේ හාල් හිඟයක් ආපු ගමන් රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ නැතුව, වහාම පිටරටින් හාල් ගෙන්නන්න බලන්නේ. ඒක කරන්නේ මිනිස්සු ගැන කැක්කුමකට නෙවෙයි, බඩගින්න වැඩි වෙලා මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සොත් තමන්ගේ බලය නැති වෙයි කියන බයට.

    මේකේ නරකම ප්‍රතිඵලය තමයි අද ලංකාවේ දියවැඩියාව, ප්‍රෙෂර් වගේ ලෙඩ රෝග හැමෝටම වගේ හැදිලා තියෙන එක. අනිත් පැත්තෙන් අපේ රටේ පොඩි ළමයි සහ ගැබිනි අම්මලා ගොඩක් දෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මොකද මොළේ සහ ඇඟ වර්ධනය වෙන්න ඕන කරන මස්, මාළු, බිත්තර, කිරි වගේ පෝෂ්‍යදායී කෑම ගන්න මිනිස්සුන්ට වත්කමක් නැහැ, ආණ්ඩුවලට ඒ ගැන වැඩපිළිවෙළකුත් නැහැ.

    කෙටියෙන්ම කිව්වොත්, ආණ්ඩු හැමතිස්සෙම බැලුවේ තමන්ගේ ඡන්ද ටික බේරගන්න මිනිස්සුන්ව නොමැරී ජීවත් වෙන ගානට විතරක් තියාගන්නයි. හරක් මස්වලට විරුද්ධ වෙන එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
    BUMP
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    280
    266
    63
    මහනුවර
    උදේ 9ට ගියහම දිව පැත්තට ගියපු ඔලුව බලාගන්න ත් පුළුවන්.

    මස් 500g, ribs කෑලි 2ක්‌ වගේ ඉල්ලන්න. එතකොට ඌ ට හිනාවක් යයි. නිකන්ම හොඳ මස් දෙන්නේ නෑ කොහෙත්.
    නුගේගොඩ තියෙනවා.
    Nugegoda koheda
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    ඔයා කියපු කතාව සහතික ඇත්ත. ලංකාවේ බලයට පත් වුණු හැම ආණ්ඩුවක්ම කළේ මිනිස්සුන්ව මැරෙන්න නොදී, බඩගින්න නිවලා තියාගන්න එක විතරයි. එහෙම නැතුව රටේ මිනිස්සුන්ට හොඳ පෝෂණයක් තියෙන, නිරෝගී ජීවිතයක් දෙන්න කවදාවත් උත්සාහ කළේ නැහැ.

    ඔයා ඔය කියපු කතාවේ අනිත් පැත්ත, ඒ කියන්නේ මේකේ තියෙන ලොකුම අතුරු ප්‍රතිඵලය තමයි ආණ්ඩුවලට ඕන වුණේ බත් ටිකක් දීලා මිනිස්සුන්ගේ බඩ පුරවන්න විතරයි. හැබැයි මිනිහෙක්ට ජීවත් වෙන්න බත් විතරක් මදි, ඇඟට පෝෂණය ප්‍රෝටීන්, විටමින් වගේ ඒවා ඕනේ. මේ නිසා වුණේ රටේ මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම තිබ්බත්, නියම පෝෂණයක් නැති එක.
    ඒකනේ හාල් හිඟයක් ආපු ගමන් රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ නැතුව, වහාම පිටරටින් හාල් ගෙන්නන්න බලන්නේ. ඒක කරන්නේ මිනිස්සු ගැන කැක්කුමකට නෙවෙයි, බඩගින්න වැඩි වෙලා මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සොත් තමන්ගේ බලය නැති වෙයි කියන බයට.

    මේකේ නරකම ප්‍රතිඵලය තමයි අද ලංකාවේ දියවැඩියාව, ප්‍රෙෂර් වගේ ලෙඩ රෝග හැමෝටම වගේ හැදිලා තියෙන එක. අනිත් පැත්තෙන් අපේ රටේ පොඩි ළමයි සහ ගැබිනි අම්මලා ගොඩක් දෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මොකද මොළේ සහ ඇඟ වර්ධනය වෙන්න ඕන කරන මස්, මාළු, බිත්තර, කිරි වගේ පෝෂ්‍යදායී කෑම ගන්න මිනිස්සුන්ට වත්කමක් නැහැ, ආණ්ඩුවලට ඒ ගැන වැඩපිළිවෙළකුත් නැහැ.

    කෙටියෙන්ම කිව්වොත්, ආණ්ඩු හැමතිස්සෙම බැලුවේ තමන්ගේ ඡන්ද ටික බේරගන්න මිනිස්සුන්ව නොමැරී ජීවත් වෙන ගානට විතරක් තියාගන්නයි. හරක් මස්වලට විරුද්ධ වෙන එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
    ඒක ඇත්ත ,:yes::yes: