1. H

    චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

    ඔය ඒ රටෙ කාමර උෂ්නත්වයෙදි අතේ තියන් ඉද්දි දියවෙන කෑමක් මෙ රටේ රස්නෙත් එක්ක කඩේක විකුණන එක ප්‍රයෝගිකද?
  2. H

    බිරිඳගේ අනියම් සැමියාගේ ඝාතකයා වසර හයකට පසු අත්අඩංගුවට

    ඔය කියන විදිහට මේ මනුස්සයා ඒ කාලෙම හමුදාවෙන් පළා ගිය අයෙක්ලු. එතකොට හමුදාවෙන් හෙව්වේ නැද්ද? ඊ ගාවට අවුරුදු ගාණක් කිසිම හෝඩුවාවක් නැතිව මේ මනුස්සයා කොහොමද නොදන්න පළාතක ගිහිල්ලා කරගෙන හිටියේ?
  3. H

    🔴 මස් මාළු එලවලු ගිනිගණන් යයි..මහජනතාව අමාරුවේ...

    මාළු නම් ගණන් යන්න එක හේතුවක් වාරකන්. අනික මේ වගේ දේවල් මිල පාලනයකට යටත් නෑනේ. මේ කියන විදිහට එළවළු,මස් වලට පාලන මිලක් දැම්මම ඒ ගාණට දෙනවද බලන්න නිලධාරීන් යවන්න ඕන. ඒවට ගෙවන්න ඕන. වාහන වලට ගෙවන්න ඕන. ඒ ගාණට දෙන්නෙ නැත්නම් නඩු දාන්න ඕන. ඒවට නිලධාරීන් ඕන. වියදම් වෙනවා. එතකොට ඒ සල්ලි හොයාගන්න ඕන...
  4. H

    සුද්දෙක් ලංකාව නොන්ඩි කරයි. රැඩිකල් පොන්නයෝ සුපුරුදු පරිදි පුක දෙයි

    මෙතන මේ මනුස්සයා කාපු බීපු තැන් ගැන හරියට දාලා නැතිව මේ වගේ මුළු ලංකාවෙම කෑම මෙහෙමයි කියන එක හරි නෑ. තමන් වෙලාව අරන් හොයනවා නම් සාමාන්‍යයෙන් town එකක කෑම variety එකක් හොයන්න පුළුවන්. Vegetarian කෑම නම් සයිවර් කඩ. ඒවයේ ඉන්දියන් වගේ කෑම තියෙනවා. මුස්ලිම් කඩ වෙනම තියෙනවා, ඕන නම් ලොකු town වල fine...
  5. H

    Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා

    Loan වල පොළිය අඩු කරලා තැන්පතු වල පොළිය වැඩි කරන එක කරන්නෙ නෑ බැංකු. එකම දේ පොළිය වැඩි වෙන කොට ලංකාවේ ලියන්නො කෑ ගහනවා ණයක් ගන්න බෑ ණය පොළිය වැඩියි, අහවල් රටේ නම් පොළිය මෙච්චරයි කියලා. ඊට පස්සේ පොළිය අඩු වෙනකොට කෑ ගහනවා FD එකෙන් ජීවත් වෙච්ච එකා හාන්සියි කියලා.
  6. H

    උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

    ඉතින් දැන් ලංකාවේ ඉන්න බෑ කියල රට පනින උන් යන්නෙ එහෙම රටවලටද? නැත්නම් එහෙම රටවල් ලෝකේ තියෙනවද?
  7. H

    උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

    දැන් ලංකාව ගොඩ යනවා කියන්නෙ මොන වගේ තත්ත්වයක්ද?නිකකම්ම අපි හැමෝම හොඳින් ඉන්නවා වගේ නෙවෙයි, නිශ්චිතව කියනවා නම් මොන වගේ තත්ත්වයක්ද?(ඒ කියන්නෙ තව මාසෙකින් ලංකාව ඔය කියන ගොඩ යාම වෙනවා නම් එතනදි වෙන වෙනස්කම් මොනවද?)
  8. H

    Free health free education දීලා අස්වැසුමත් නිකන් දෙන නිසා මාත් ගන්න ආවේ ඉති୦

    ඔය මිනිස්සුන්ගේ අහිංසක කම් නම් බලාගන්න තිබ්බා හරියටම ගෙවල් වලට ගිහිල්ලා, වතගොත හොයනවා නම්. මේ කියන විදිහට මෙයාට හොරට එයාගේ පුතා සහනාධාර හදලා දීලා නම් සේරටම කලින් එක ඒ පුතා ගෙන්ම අහන්න වෙනවා. පාරේ කියවන්න නෙවෙයි.
  9. H

    SITC Campus

    ඔය කාම්බෝජ uni එකේ ranking මොකක් වුනත් ඔය කියන diploma විදිහට එක කරලා අවුරුදු 2 degree එක ලංකාවේ වත් job එකකට යන්න පිළි ගනියිද?ඔය institute එකේ වැඩි හරියක් online. අනික හරියටම අහන්න, SITC එක UGC approved එකක්ද?
  10. H

    1962 idala

    ඔයාට අදාළ ප්‍රාදේශීය ලේකම් එකේ ඉඩම් නිලධාරී හම්බ වෙන්න. එයාලා ගාව තියෙනවා පුරාණ ගම් සිතියම්. ඒවයින් පිටපතක් ගන්න ක්‍රමයක් අහන්න. තව ඔතන ගත්ත පරණ photo එහෙම තියෙනවා නම් ඒවත් ලෑස්ති කර ගන්න. ඔතනට ඉස්සර කාලේ ලියුම් එහෙම ආවා නම් ඒවත් තියාගන්න.
  11. H

    මාවුස්සාකැලේ ඉඩමක් හා ජලාශය මැද දූපතක් අරාබියට..

    ආයෝජනයකට බදු දෙන එකේ වරද මොකක්ද?
  12. H

    ඇයි මාළු වලට එහෙම පාලන මිලක් නැත්තේ

    තමන් මොකක් හරි මිලට ගන්න ගිහින් ඒක තමන්ට ගන්න අමාරුයි කියලා ඒකට පාලන මිලක් කියන තැනට තල්ලු වෙනවා කියන්නෙන් තව දුරටත් මිනිස්සු දැවැන්ත රාජ්‍ය අංශයක් බලාපොරොත්තු වෙනවා කියන එක. ඕකට පාලන මිලක් දැම්මොත් ඒ මිලට දෙනවද කියලා බලන්නෙ කොහොමද? තොග හංගනවා නම් මොකද කරන්නෙ? හැම දේටම රජයේ අත පෙවීම ප්‍රයෝගිකද...
  13. H

    අස්වැසුමෙන් වුන අසාධාරණයට නාමල් රාජපක්ෂ පෙරට..

    මෙහෙමයි. ඔය මොන සහනාධාරේ හෝ වේවා ඒවා ලැබෙන්න කියලා තොරතුරු දෙන්නේ ගමේ ඉන්න නිලධාරීන්නේ. එතකොට ඒ මනුස්සයා ඇත්තම ඇත්ත කියලා තියනවා නම්, කෑ ගහලා වැඩක් නෑ. මොකද රස්සා නොකරන මිනිස්සු රජයේ ඉඩම් අල්ලගෙන ඒවයේ වගා කරල. ඇහුවම ඉඩමක් නෑ කියලා කියන්න පුළුවන්නේ.
  14. H

    කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    ඒවා ඉතින් වෙනමම research papers වල හොයලා බලලා ඒ මොන පදනමකින් එහෙම (හරි හෝ වැරදි) කියනවද කියලා බලන්න ඕන. මෙතන වැඩේ මේක නරකයි කියලා කියලා තියෙන්නේ කවුද කියලා අහලා එහෙනම් කමක් නෑ කියන එක හරියට අර ලෙඩෙකුට වතුර inject කරන්න කියලා ඇයි ලෙඩාට වතුර නරකයි කියලා තියෙන්නේ මොන පොතේද කියලා අහනවා වගේ. සාමාන්‍ය...
  15. H

    කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

    කොකා කෝලා වල හොඳ නරක කියන්න, මේ ඕවට වඩා fruit juice තියෙනවා අරකේ තියෙනවා නෙවෙයිනේ ඕන. ඕකෙන් තියෙන හොඳේ මොකක්ද කිව්වා නම් ඉවරනේ. මේක නිකම් හරියට ගමේ එකෙක් කුණු පුච්චද්දි ඕක නවත්තන්න කිව්වම අර ඇමරිකාවේ ලැව් ගිනි තියෙනවා, ඉන්දියාවේ වායු දූෂණය තියෙනවා කියලා ඒක සාධාරණීකරණය කරනවා වගේනේ.
  16. H

    නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්

    එක්තරා දේශපාලන agenda එකකට කඩේ ගිහින් මළා නම් උන් විරු සිසුවො. හැබැයි උන්ගේ ඒ අමුතු එක ප්‍රශ්න කරපු ජපුරේ සමන්ත විරු සිසුවෙක් නෙවෙයි. අනෙක මෙතන ත්‍රීමාව අත් අඩංගුවට ගන්න කොට එයා ගාව මොනවද තිබ්බෙ? කොහෙද හිටියේ? අන්න ඒවත් හෙළි කරමුකො පොටො එකත් එක්ක.
  17. H

    නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්

    http://transyl2014.blogspot.com/2023/06/blog-post_21.html මෙතන තවත් කතාවක් කියනවා.
  18. H

    කොන්දොස්තර නොමැති බස්වල ආදායම ලක්ෂ 10කින් වැඩි වෙයි

    අධිවේගී මා ර්ගයේදී අතරමග මගීන් නගින්නේ බහින්නේ නෑ. එතකොට කොන්දොස්තර ඒ වැඩේට ඕන වෙන්නේ නෑ. ඒත් අවදානම තමයි, හදිසියේ රියදුරුට යම් අසනීපයක් වගේ වුනොත්, අඩුම තරමේ බස් එක පැත්තකට හේත්තු කර ගන්න වත් කෙනෙක් නැති කම.
  19. H

    දවස් ගණන් යනව කිව්වට ඇත්තටම ගරාජ් එකේ වාහන repair කරන විදිහ

    වෙලා යන්න හේතු ගොඩයි. parts හොයන්න කාලේ යනවා. ඊළඟට ගරාජ් වල කලින් භාර ගත්ත වාහන තියෙනවා. ඒවා ඉවර කරලා තමයි අනික්වට යන්නේ. ඊ ගාවට මූලිකම දේ ගරාජ් බාස් ගෝලයෝ එකෙක් දෙන්නෙක් දාගෙන වැඩ. කට්ටියක් හිටියත් මේ වගේ වාහනේකට team එකක් බස්සන්න විදිහක් නෑ. එතකොට ගෝලයො ගන්නෙ අඩු පඩියට ඒ නිසා හොඳට වැඩ දන්න...
  20. H

    රනිල්ගෙන් ලෝක උරුමයන් බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලීමක්…

    මම මේ දැන ගන්න ඕන හින්දා අහන්නේ. දැන් පුරා විද්‍යා බිම් කියලා පන්සලකට/පල්ලියකට/කෝවිලකට අක්කර සිය ගාණක් දෙන්න ඕනද? අනෙක ලංකාවේ කොහොමත් අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන එකේ, කොළඹ වුනත් කොහේ හරි යටටම හෑරුවොත් මොකක් හරි පුරා වස්තුවක් ලැබෙන්න බැරි කමක් නෑ. එතකොට ඒ ඉඩමත් වෙන් කරලා අයින් කරන්න වෙනවද...

    No contents