අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන, දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි. මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා. පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා. ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා. ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා. ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්න මුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ. ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි. ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ. ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ. ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි. අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන්ගො ඩනගාගත්ත මිනිස්සු අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    @nadun Prabath රස්සාවක් කරලා හම්බ කරන, හැමදේම මිලට ගන්න පුරුදු වුනු පවුල් වලට මේවගේ තත්‍වයක් ආවම සරලව කීවොත් දඩෝං ගාලා වදිනවා. ඇත්තටම එහෙම සමාජයක් තමයි රටේ තියෙන්නේ. ඒ හන්දා මම බණ කියලා වැඩක් නැහැ නමුත් අර්බුධ වලින් ජනතාව අල්ලේ නටවන්න, අහිකුණ්ඨිකයෝ ගානට දාන්ඩ පුළුවන්.

    මා සතුව ක්‍ෂණික නූඩ්ල්ස් නැහැ. නමුත් ඔබ දීර්ඝ කාලීනව ස්ථාවර වන්න, සැපපහසුව ඉන්න ක්‍රමවේද හදාගන්න ඕන.

    ඔබගේ වත්ත පිටිය තියනවා අඩුම තරමින් පුවක්, පොල්, බුලත්, කරාබු වැනි දෑ හෝ එළවළු, පළතුරු තියනවා ඒවාට අවධානය යොමු කරලා අදායමක් ගන්න බලන්න. රස්සාවක් කරන ගමන්, ළමයි බලා ගන්න ඕවට වෙලා නැහැ? එහෙම නැහැ, ඔබ කාලය කළමනාකරණය කරගන්න කෙතරම් දක්‍ෂද ඒ මත ඔබට ප්‍රතිඵලය තිබේවි.

    අනෙක් එලකිරියන්ටත් කියන්නේ, ඥාතීන්ගේ පුරන් වූ කුඹුරක්වත් තියනව නම්, තමන්ට අයිති නොවුණත් ඒවා ගැන අයියා මලෝට, අක්කා නාගෝලට මතක් කරලා, සහාය දීලා අඬදබර කරගන්නේ නැතිව අස්වද්දන්න බලන්න. පවුලේ අයට හාල් ටික කඩෙන් ගන්න ඕන වෙන්නේ නැහැ.

    හැම දෙයක්ම කඩෙන් ගන්න බලන්න එපා. අඩුම තරමින් ව්‍යංජන කිහිපයකටවත් සරිලන එළවළු, පළා වර්ග ගෙදර හදා ගන්න. එතරම් අමාරු දෙයක් නෙවෙයි. ගෙදර ඉඩ නැතත් හදාගන්න ක්‍රමවේද ඕනතරම් තියනවා. ඒ මුදල් ඔබට ඉතිරි වේවි, වස කන්න වෙන්නෙත් නැහැ. ඇත්තටම ඔබගේ දරුවාටත් ඔය වස පිටි නොදී ඉන්න. හැකි සෑමවිටම මව් කිරි දෙන්න, සහ අනෙක් උචිත ආහාර පාන ලබා දෙන්න.

    ඔබ කිසියම් ක්‍ෂේත්‍රයකට හෝ විෂයකට දක්‍ෂ නම් තමන්ගේම කියලා දෙයකට අතගන්න හෝ යහපත් අදායම් මාර්ගයක් සකසා ගන්න වටපිටාව තියනවා නම්, අඩුම තරමින් තමන් රාජකාරී කරන ව්‍යාපාරික ස්ථානයට සරල සේවාවක්, අමුද්‍රව්‍යක් සැපයීමට හැකියාව තිබෙනවා නම් එය ආදායම් මාර්ගයක් කරගන්න.

    මෙවන් තත්‍ව වලට සෘජුව මුහුණ දී ගොඩයන අයව බිම දාන්න ලෙහෙසි නැහැ, බොහොම ස්ථාවරයි. ඔබව ඉලක්ක කරගෙන වෙඩි තියනවා නම්, වෙන කොහෙවත් දුවලා බේරෙන්න බැහැ. සමහරු එහෙම හිතාගෙන හිටියට ඵලක් නැහැ. අනෙත් අතට වෙඩි වදිද්දී රිදෙනවා රිදෙනවා කීමත් විසඳුමක් නෙවෙයි. හොඳටම වැදුණු අයගේ දුක්බර පුවත් තමයි අපට රටපුරා අහන්න ලැබෙන්නේ. පළමුව ඔබ වෙඩි වැදීමෙන් ආරක්‍ෂා වෙන්න ඕන.

    පුංචි කරුණු 3ක් වුනාට ඔබ දක්‍ෂ නම්, දිනුම්!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මා සතුව ක්‍ෂණික නූඩ්ල්ස් නැහැ
    නූඩ්ල්ස් ගන්න රුපියල් 130 නෑ කිව්වම නූඩ්ල්ස් ගන්න එපා දීර්ඝකාලීනව කන්න සැමන් ටින් ගන්න කිව්වා වගේ කතාවක් නේ

    සැමන් ටින් එකක් ගන්න 750 ක් එකතු වෙනකං මොනා කාලද ජීවත් වෙන්නේ :lol:

    ඔබ කිසියම් ක්‍ෂේත්‍රයකට හෝ විෂයකට දක්‍ෂ නම් තමන්ගේම කියලා දෙයකට අතගන්න හෝ යහපත් අදායම් මාර්ගයක් සකසා ගන්න වටපිටාව තියනවා නම්, අඩුම තරමින් තමන් රාජකාරී කරන ව්‍යාපාරික ස්ථානයට සරල සේවාවක්, අමුද්‍රව්‍යක් සැපයීමට හැකියාව තිබෙනවා නම් එය ආදායම් මාර්ගයක් කරගන්න.

    මේකනං හරි
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
    පඩි ගෙවන්න බැරි තැනක වැඩ කරන්නේ මොකටද ? කොම්පැණිය ගොඩ යනකන් උඹ කන්නේ බොන්නේ නැතුවද ඉන්න හදන්නේ ?

    වෙන තැනක ජොබ් එකක් හොයා ගන්න.

    EPF / ETF දානවා නම් ETF එක ගන්න බලන්න.
     
    • Like
    Reactions: kinkon

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාර දුකක් දැනෙනවා බං මිනිස්සු ගැන. උබලට තරම්වත් දෙයක් කරගන්න බැරි මිනිස්සු කොච්චර ඇත්ද?? මහා උන්ට නම් වේලක් දෙකක් බඩගින්නේ හරි ඉන්න පුළුවන් ඒත් පොඩි උන්ට මොනවා කියලා තේරෙනවද උන් කන්න ඉල්ලද්දී දෙන්න දෙයක් නැතුව දෙමව්පියෝ කොච්චර අසරණ වෙනවා ඇද්ද?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හැමෝටම එකම තියරිය තමා අඩු වැඩි විදිහට. ඉස්සරහට මේව වැඩි වෙනව මිසක් අඩු වෙන පාටක් නම් පේන්නවත් නෑ. රටින් පැනගන්න එක තමා හොදම දේ මට හිතෙන විදිහට. නැත්තන් කවද වෙනකන් මේ කරුමෙ ගෙවන්නද බන්
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    නූඩ්ල්ස් ගන්න රුපියල් 130 නෑ කිව්වම නූඩ්ල්ස් ගන්න එපා දීර්ඝකාලීනව කන්න සැමන් ටින් ගන්න කිව්වා වගේ කතාවක් නේ සැමන් ටින් එකක් ගන්න 750 ක් එකතු වෙනකං මොනා කාලද ජීවත් වෙන්නේ :lol:
    තේරුම් ගත්ත හැටිනේ. මම මුකුත් කියන්නේ නැහැ. 🤗
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    :(:(:(කොහොම හරි ගොඩ යමු මචන්. මට කියලත් වෙනසක් නැ. පට්ට අමාරුවෙන් ඉන්නෙ. :(
     
    • Like
    Reactions: Ryan08

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන,
    දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි.
    මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා.
    පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා.
    ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා.
    ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා.
    ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්
    නමුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ.
    ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි.
    ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ.
    ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ.
    ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද
    අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට
    ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි.
    අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන් ගොඩනගාගත්ත මිනිස්සු
    අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
    සාප වේවා තිරිසන් පාලකයිනේ තොපිට...
    අල්ලගෙන ඉඳපන් මචං.... දවසක අපිටත් හරියයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,338
    113
    එකමත් එක රටක
    එකම විදියක් අල්ලාගෙන ඉන්නේ නැතුව පුලුවන් තරම් income sources වැඩි කරගන්න. ඕන තරම් අවස්ථා තියනව හම්බ කරන්න .. බය නැති කරගෙන වැඩ කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Ryan08

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔව් බන්.
    දැන් ව්‍යාපාරය සේරම කඩා වැටිලා තියෙන්නේ.
    ඉස්සර මමත් රිදෙන්න හම්බ කලා.
    දැන් එහෙම බෑ බන්.
    බිස්නස් වලින් කියලා ලොකු ගාණක් එන්නේ නෑ, අමාරුවෙන් දුවාගන්නේ.
    වහන්න බැරි කමට දුවනවා
     
    • Sad
    Reactions: Ryan08

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    අඩේ ලයිට් බිල වැඩි කර ගමන් කඩවල් වල කෑම බීම ඔක්කොම වැඩි කරයි නේ බන්😔😔

    අනෙක් එලකිරියන්ටත් කියන්නේ, ඥාතීන්ගේ පුරන් වූ කුඹුරක්වත් තියනව නම්, තමන්ට අයිති නොවුණත් ඒවා ගැන අයියා මලෝට, අක්කා නාගෝලට මතක් කරලා, සහාය දීලා අඬදබර කරගන්නේ නැතිව අස්වද්දන්න බලන්න. පවුලේ අයට හාල් ටික කඩෙන් ගන්න ඕන වෙන්නේ නැහැ.
    අපෙ කුඹුරක් තියනවා. වෙනදට අස්වැද්දුවම වී ගෝනි (50kg) 8 ක් ගන්න පුලුවන්.මේ පාර පෝර නැති හින්දා 4ක් වත් නෑ. වියදම් කරපු ගාන විතරයි කවර්. අනික පෝර දෙන්නෙ නෑ ලේසියෙන් ගොවිජන සමිතියෙ උන්ට දීල ඉතුරුවුනොත් විතරයි අනික් උන්ට ගන්න පුලුවන්. ( ඉතුරු වෙන්නෙ නෑ.)
     
    • Sad
    Reactions: Ryan08

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    නූඩ්ල්ස් ගන්න රුපියල් 130 නෑ කිව්වම නූඩ්ල්ස් ගන්න එපා දීර්ඝකාලීනව කන්න සැමන් ටින් ගන්න කිව්වා වගේ කතාවක් නේ

    සැමන් ටින් එකක් ගන්න 750 ක් එකතු වෙනකං මොනා කාලද ජීවත් වෙන්නේ :lol:

    සමහරු තේරුම් ගන්නෙ නෑ ප්‍රායෝගික පැත්ත. කිව්වට තේරුම් ගන්නෙ නැති ඒ වගේ මිනිස්සුත් රටේ ආණ්ඩු හදන්න දායක වෙනවා. එවුන් හිතන්නෙ තම තමන්ගෙ වරදින් තමා ඔක්කොම වෙන්නෙ කියලා.

    එහෙම ගොඩ දෙනෙකුට මේ පාර ගෝතයා තේරුම් කරල දුන්නා. එකෙන්ම රෙස්පෙක්ට් ඒකට නං. 😍
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඔව් මචං අපිටත් එහෙමයි... :( මොනා කරන්නද මංද
    තියෙන ඇදුම් දෙකතුනෙත් පාට පිච්චිලා
    ඇදුමක් ගන්නව තියා හරියට කන්නවත් සල්ලි නැතුව ඉන්නෙ
    @Sandy_Fdo @tharakaf Patthen plug weegena enawa kauda manda 🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    gXKCUP5.jpeg