ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන, දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි. මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා. පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා. ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න බැංකුවේ තිබ්බ සල්ලි ටිකත් ටික ටික වියදම් වුනා. ඊයේ වෙද්දි අවුරුදු එකහමාරෙ දරුවට පිටි එකක් ගන්නවත් සල්ලි නැතිවුනා. ගිය මාස 2 ක පඩිය එන්න තියෙනවා වැඩ කරන තැනින්න මුත් ඒ මිනිස්සුත් හිරවෙලා නිසා සල්ලි දීගන්න විදිහක් නෑ. ඇත්තටම ආයතන රටේ හුගක්ම අසරණයි. ජීවිතේ පළමු වතාවට බැංකු පොතේ රු 500 ක් ඉතුරු වුනේ. ඉල්ලගන්න පුලුවන් අයගෙනුත් ණයටම 10,000 ක් අරන් ඒ්වත් දෙන්න විදිහක් නැතුව ඉද්දි තවත් ඉල්ලන්න හිතුනෙත් නෑ. ඒ් වගේ හැඟීමක් අපි වගේ තව කීදෙනෙක්ට මේ රටේ දැනෙනව ඇතිද අද උදේ යාන්තං වැඩ කරන තැනිං රු 25,000 ක් දාලා තිබ්බ පොතට ඔන්න ඩිංගක් තව සතියක් හමාරක් ඒ්කෙන් ඇදගත හැකි. අපි සල්ලි නාස්ති කරපු මිනිස්සු නෙවෙයි, හැමදේම උත්සාහෙන්ගො ඩනගාගත්ත මිනිස්සු අපිටත් මෙහෙමනම් රටේ දුප්පත්ම මිනිස්සු කොහොම කනව ඇද්ද
@nadun Prabath රස්සාවක් කරලා හම්බ කරන, හැමදේම මිලට ගන්න පුරුදු වුනු පවුල් වලට මේවගේ තත්‍වයක් ආවම සරලව කීවොත් දඩෝං ගාලා වදිනවා. ඇත්තටම එහෙම සමාජයක් තමයි රටේ තියෙන්නේ. ඒ හන්දා මම බණ කියලා වැඩක් නැහැ නමුත් අර්බුධ වලින් ජනතාව අල්ලේ නටවන්න, අහිකුණ්ඨිකයෝ ගානට දාන්ඩ පුළුවන්.
මා සතුව ක්‍ෂණික නූඩ්ල්ස් නැහැ. නමුත් ඔබ දීර්ඝ කාලීනව ස්ථාවර වන්න, සැපපහසුව ඉන්න ක්‍රමවේද හදාගන්න ඕන.
ඔබගේ වත්ත පිටිය තියනවා අඩුම තරමින් පුවක්, පොල්, බුලත්, කරාබු වැනි දෑ හෝ එළවළු, පළතුරු තියනවා ඒවාට අවධානය යොමු කරලා අදායමක් ගන්න බලන්න. රස්සාවක් කරන ගමන්, ළමයි බලා ගන්න ඕවට වෙලා නැහැ? එහෙම නැහැ, ඔබ කාලය කළමනාකරණය කරගන්න කෙතරම් දක්‍ෂද ඒ මත ඔබට ප්‍රතිඵලය තිබේවි.
අනෙක් එලකිරියන්ටත් කියන්නේ, ඥාතීන්ගේ පුරන් වූ කුඹුරක්වත් තියනව නම්, තමන්ට අයිති නොවුණත් ඒවා ගැන අයියා මලෝට, අක්කා නාගෝලට මතක් කරලා, සහාය දීලා අඬදබර කරගන්නේ නැතිව අස්වද්දන්න බලන්න. පවුලේ අයට හාල් ටික කඩෙන් ගන්න ඕන වෙන්නේ නැහැ.
හැම දෙයක්ම කඩෙන් ගන්න බලන්න එපා. අඩුම තරමින් ව්‍යංජන කිහිපයකටවත් සරිලන එළවළු, පළා වර්ග ගෙදර හදා ගන්න. එතරම් අමාරු දෙයක් නෙවෙයි. ගෙදර ඉඩ නැතත් හදාගන්න ක්‍රමවේද ඕනතරම් තියනවා. ඒ මුදල් ඔබට ඉතිරි වේවි, වස කන්න වෙන්නෙත් නැහැ. ඇත්තටම ඔබගේ දරුවාටත් ඔය
වස පිටි නොදී ඉන්න. හැකි සෑමවිටම මව් කිරි දෙන්න, සහ අනෙක් උචිත ආහාර පාන ලබා දෙන්න.
ඔබ කිසියම් ක්‍ෂේත්‍රයකට හෝ විෂයකට දක්‍ෂ නම් තමන්ගේම කියලා දෙයකට අතගන්න හෝ යහපත් අදායම් මාර්ගයක් සකසා ගන්න වටපිටාව තියනවා නම්, අඩුම තරමින් තමන් රාජකාරී කරන ව්‍යාපාරික ස්ථානයට සරල සේවාවක්, අමුද්‍රව්‍යක් සැපයීමට හැකියාව තිබෙනවා නම් එය ආදායම් මාර්ගයක් කරගන්න.
මෙවන් තත්‍ව වලට සෘජුව මුහුණ දී ගොඩයන අයව බිම දාන්න ලෙහෙසි නැහැ, බොහොම ස්ථාවරයි. ඔබව ඉලක්ක කරගෙන වෙඩි තියනවා නම්, වෙන කොහෙවත් දුවලා බේරෙන්න බැහැ. සමහරු එහෙම හිතාගෙන හිටියට ඵලක් නැහැ. අනෙත් අතට වෙඩි වදිද්දී රිදෙනවා රිදෙනවා කීමත් විසඳුමක් නෙවෙයි. හොඳටම වැදුණු අයගේ දුක්බර පුවත් තමයි අපට රටපුරා අහන්න ලැබෙන්නේ. පළමුව ඔබ වෙඩි වැදීමෙන් ආරක්‍ෂා වෙන්න ඕන.
පුංචි කරුණු 3ක් වුනාට ඔබ දක්‍ෂ නම්, දිනුම්!