ප්රශ්නේ මේකයි. මන් ඉඩමක් ගත්තා 2021 ජුලි වල. එකට මුද්දර ගාස්තු ලොයර් ට දුන්නේ. අද ගෙදරට ලියුමක් ඇවිල්ල තියෙනවා. මේක මොකක්ද කියල ලෝයර් ගෙන් ඇහුවම පොර කියනවා මේක තව එක්කෙනේක්ටත් ඇවිල්ල තියෙනවා මේ වෙලාවේ ආණ්ඩුවට සල්ලි නැති නිසා ලගදි ලියපු ඔප්පු වලින් කියක් හරි කඩා ගන්න හදන්නේ කියල. ගිහිල්ල ගෙවන්න වෙයි කිව්වා නැත්නම් ප්රශ්නයක් වෙන්න පුළුවන්ලු. මන් ඇහුවා අපි දැන් කලිනුත් ගෙව්වනේ කියල. එතකොට පොර කියනවා ඔව් මේ අඩු ගානට ලියපු නිසා මෙයාලා ආපහු කියක් හරි ගලෝගන්න හදන්නේ කියල. මට ඒ උත්තරේ එච්චර සැහීමකට පත් වෙන්න අමාරුයි. කියක් විතර ගෙවන්න වෙයිද ඇහුවත් පොරගෙන් හරි උත්තරයක් නැහැ, මේක ගත්තේ ලගම යාලුවෙක්ගෙන් ඒ නිසා අඩුවට දුන්නේ වටේ පිටේ තත්වේ වගේ දේවල් නිසා වටිනාකමත් අඩුයි ඒ නිසා මේ ගානට දුන්නේ කියන්නලු. මේක ආව කවුරුහරි ඉන්නවද ? මෙහෙම සල්ලි ගන්න පුලුවන්ද කලින් මුද්දර ගාස්තු ගෙවපු එකකකට.