අද උසාවියේදී වෙච්ච හදියක්.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පව් වැඩේ බන් අර අසරණ දරුවෙක් ගෙ ජීවිතය විනාස වෙනව මහා උන් නිසා
 

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    ane manda tanujaka saho antimta kela wune lamaytane :sorry:
    me samajeta mkak welda ki hthnwa :nerd:
    anika oka patta diga naduwkne mona kehelmalkta bandada manda :growl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට පොඩි දෙයක් දැනගන්න ඕන..
    ඒ කියන්නේ කලින් විවහේ අවලංගු කරපු නිසානේ වෙන කෙනෙක් බැන්දේ....
    ඒ විවහෙන් දරුවෙක් ලැබුනට පස්සේ කොහොමද කලින් විවහේ වලංගු වෙන්නේ?
    ඒ වගේම නඩුකාර උන්නාන්සේ වගේම ඒ ලෝයර් උනත් හිතන්න ඕන දෙපාරක් මේ ගැන නේද...
    අර බුරුවත් දැනගන්න ඕන බොරු කියල දිනුවට, බොරුවට වැඩි ආයුෂ නැහැ කියල...
    මම නම් හරි දේවල්, නිවැරදි ලිපින කියල තමයි ඩිවෝස් එක ගත්තේ.
    ඒත් මේක කියවද්දී අවුල් උනා ගොඩක්, එහෙම දෙයක් උනොතින් අහිංසක ජිවිත පවු නේද කියල....

     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මට පොඩි දෙයක් දැනගන්න ඕන..
    ඒ කියන්නේ කලින් විවහේ අවලංගු කරපු නිසානේ වෙන කෙනෙක් බැන්දේ....
    ඒ විවහෙන් දරුවෙක් ලැබුනට පස්සේ කොහොමද කලින් විවහේ වලංගු වෙන්නේ?
    ඒ වගේම නඩුකාර උන්නාන්සේ වගේම ඒ ලෝයර් උනත් හිතන්න ඕන දෙපාරක් මේ ගැන නේද...
    අර බුරුවත් දැනගන්න ඕන බොරු කියල දිනුවට, බොරුවට වැඩි ආයුෂ නැහැ කියල...
    මම නම් හරි දේවල්, නිවැරදි ලිපින කියල තමයි ඩිවෝස් එක ගත්තේ.
    ඒත් මේක කියවද්දී අවුල් උනා ගොඩක්, එහෙම දෙයක් උනොතින් අහිංසක ජිවිත පවු නේද කියල....


    එකා උසාවිය නොමග යවලා උසාවියට බොරු කියල කරපු වෙඩක්.. මට හිතෙන්නේ නීතියෙන් දඩුවම් දෙන්න උනත් පුළුවන් ඇති එකට..

    කසාදෙන් legally devorce වෙන්නේ නැතුව, තව ගනු 100ක් බැන්දත්, ළමයි 100ක් හැදුවත්, ඒවා ඔක්කොම අවලංගු වෙනවා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් ගොඩක් ඒවල අහලා තීන විදියට එහෙම තමා
    උන් උන් දිනිනවා අහින්සක උන් තැලෙනවා පොඩි උන් අන්තිමට
    උන් ඕවල පලිය ගන්න වෙන වෙන පුද්ගලයෝ වෙනවා :yes:

    උඹ ලෝයර් ද එල නේ :P
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඩිවෝස් එකට තීන්දුව දීලා මාස 3ක කාලයක් දෙනවා නේද? ඒ කාලය තුල විවාහයක් කරගත්තු නිසා නේද මේ දෙවනි විවාහය බල රහිත එකක් උනේ..:confused: එහෙම නැත්තම් ඔප්පු කරන්න විදි තියෙනවද??
    පව් පොඩි එකා.

    රෙප් ++
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ කියන්න හදන්නේ අද පානදුර දිසා උසාවියේදී වෙච්ච ඇත්තම සිදුවීමක් ගැන.
    කතාව මෙහෙමයි.
    එක්තරා පවුලක සැමියයි බිරිදයි දෙපැත්තකට වෙලා ඉදල තියෙන්නේ. මේ දෙන්නට දරුවෙක් ඉන්නවා.
    කොහොමහරි මේ බිරිද තමන්ගේ සැමියාගෙන් නඩත්තු ඉල්ලලා මුලින්ම නඩුවක් ගොනු කරලා තියෙනවා මීට අවුරුදු 9කට කලින්.
    කොහොමහරි මේ නඩුව ගොනු වෙද්දීම මේ කාන්තාවගේ සැමියා එයාව හම්බවෙලා කියල තියෙනවා ඔයා මට අපේ ළමයාගේ භාරකාරත්වය දෙනවනං මට එයා එක්ක ටික කාලයක් ඉන්නකොට ආයේ මගේ හිත හදාගෙන ඔයා එක්ක සමාදාන වෙන්න පුළුවන් කියල.
    මේ කාන්තාව මේක එයාගේ ලොයර්ට කියල, එතැනදී ලෝයර් කියල හොදයි මහත්තය සමාදාන වෙන්න කැමතිනං ළමයාගේ භාරකාරත්වය එයාට දීල පස්සේ දෙන්න සමාදාන වෙන්න කියල.
    අන්තිමට මේ කාන්තාව නඩත්තු නඩුවත් අයින් කරගෙන ළමයාගේ භාරකාරත්ව එයාගේ සැමියට දීල කතාව එතනින් ඉවර වෙලා.

    කතාව එතනින් ඉවර වෙලා කිව්වට ඇත්තටම කතාව පටන් ගන්නේ එතනින්.
    මොකද මේ මිනිහ ඔය සේරම කතා අස්සේ තමන්ගේ බිරිදට විරුද්ධව හොරෙන් දික්කසාද නඩුවක් පවරලා කූට නීතිඥවරයෙක් හරහා.
    මේ දෙන්න එක ගෙදර විසුවත් මේ සැමියා වගඋත්තරකාර තමන්ගේ බිරිදගේ ලිපිනය විදිහට සදහන් කරලා තියෙන්නේ බොරු ලිපිනයක්.
    එහෙම ලිපිනයක් මුළු පානදුරේම නෑ. කොහොමහරි මේක නිසා අර කාන්තාවට සිතාසි ලැබිල නෑ.
    කලක් මෙහෙම යද්දී උසාවියෙන් මේක එක පාර්ශවීය නඩුවක් විදිහට අහන්න තීරණය කරලා තියෙනවා.
    නීතියේදී මේවට කියනවා ex-parte action ගන්නවා කියල.
    කොහොමහරි මේ ඒක පාර්ශවීය නඩුව අවසානයේ බිරිදට හොරෙන්ම සැමියා තම බිරිදගෙන් දික්කසාදය අරගෙන.
    අන්තිමට මේ මිනිහ තමන්ගේ ලමයවත් අරගෙන මේ කාන්තාවව අතහැරලා යන්න ගිහිල්ල.

    ඊට පස්සේ මේ කාන්තාව මේ ලබාගත්ත දික්කසාදායට එදිරිව නැවත උසාවියේ නඩුවක් පවරලා තියෙනවා.
    ඒ ex-parte decision එක ශූන්‍ය සහ බලරහිත කරන්න කියල.
    ඒවාට කියනවා decision එකක් null and void කරනවා කියල.
    කොහොමහරි මේ නඩුව අද අවරුදු 5කට පස්සේ ඉවර උනා.
    කලින් දික්කසාදේ නඩුව ගත්ත සැණින් අර මිනිහ වෙන කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා.
    ඒ කසාදෙත් දැන් අවුරුදු 3ක ළමයෙක් ඉන්නවා.

    අද ඒ නඩුවේ තීන්දුව ලැබුන. උනේ මොකද්ද දන්නවද.
    උසාවිය නියෝගයක් දුන්න ex-parte decision එක ශූන්‍ය සහ බල රහිත කරලා.
    ඒ කියන්නේ කලින් දික්කසාදේ වලංගු නෑ කියල ප්‍රථම විවාහය නැවත බලාත්මක උනා.
    එහි අතුරැ ප්‍රතිපලයක් වශයෙන් මිනිහගේ දෙවැනි විවාහය අවලංගු වෙලා ගියා.

    එකෙන් වෙච්ච නරකම දේ මොකද්ද දන්නවද, අර දෙවැනි කසාදෙ ළමගේ සුජාතභාවය ගිලිහිලා ගිහිල්ල අද ඒ ළමය අවජාතක භාවයට පත් උනා.
    උසාවියේදී කෙලින්ම ප්‍රකාශ උනා ඒ ළමයාගේ අවජාතභාවය.
    විනිසුරුකරුත් සිරාවටම පට්ට අපහසුතාවයට පත්වෙලා අපේ පැත්ත බැලුව.
    කරන්න දෙයක් නැතුව ඉතින් අපි සෙට් එකත් බිම බලාගත්ත.

    මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
    මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
    උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
    අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
    එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
    මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
    ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.


    මචන් එතකොට විනුසුරුතුමා සානුකම්පිතව බලනවා නේද? මේවගේ වෙලාවට