අනාථ නිවාසෙකට දෙන්න ගිය උපුල් සර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනාථ නිවාසෙකට දෙන්න ගිය උපුල් සර්

    මොකද්ද සම්පූර්ණ නම?

    සන්නස්ගල සන්නස් මුදියන්සේලාගේ උපුල් ශාන්ත සන්නස්ගල.

    ඉපදුණේ?

    1964 මාර්තු 02.

    පියා.

    සන්නස්ගල සන්නස් මුදියන්සේ‍.

    මව?

    උඩගෙදර මුදියන්සේලාගේ පුංචි මැණිකා.

    පවුලේ කී දෙනයි ද?

    මමත් එක්ක 11 යි. වැඩිමලා පුංචි කාලේම මියගිහින්. ඊට පස්සේ අපි 10 දෙනයි. ගැහැනු පහයි; පිරිමි පහයි. මම පවුලේ බාලයා.

    ගම?

    හපුතලේ යහලබැද්ද ගැටහැවෙල.

    ඒක මොන වගේ ගමක් ද?

    අපේ ගමට දීර්ඝ ඉතිහාසයක් නැහැ. සුද්දා උඩරට දුම්රිය මාර්ගය හදනවත් එක්ක තමයි මේ ගම් ජනාවාස වෙන්න පටන්ගත්තේ. විවිධ පළාත්වලින් මිනිස්සු ඇවිත් තිබෙනවා; රේල් පාර හදන්න. ඒ නිසා විවිධාකාර සංස්කෘතීන්ගෙන් සුසැදි ගමක් විදියට අපේ ගම හඳුන්වන්න පුළුවන්. අපේ මුත්තා (ඒ කියන්නේ අප්පච්චිගෙත් අප්පච්චි) ඇවිල්ලා තියෙන්නෙත් රේල් පාර හදන්න.

    අපේ ගම පිහිටියේ වැලිමඩ මිටියාවතේ නොඑසේනම් වැලිමඩ සානුවේ පතුලේ. උඩ තිබුණේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ තේ වතු. මතුපිටින් හරි ලස්සනයි. මීදුම තියෙනවා; සීතල තියෙනවා. දිය ඇලි තියෙනවා. හරිම සෞන්දර්යාත්මකයි. හැබැයි මේ පතුල හරිම දුඃඛිතයි. මේක තමයි පාතාලය.

    තාත්තා වෘත්තිය වශයෙන් මොනවද කළේ?

    අප්පච්චි ගොවියෙක්. හැබැයි අප්පච්චිගේ සහෝදරයා මහාචාර්යවරයෙක්. ඒ පුංචි බණ්ඩාර සන්නස්ගල.

    පියා ගොවියෙකු වෙන්නෙත් බාප්පා මහාචාර්යවරයකු වෙන්නෙත් කොහොම ද?

    අපේ මුත්තට ඉවක් තිබුණා, ඒ ඥානය රැස්කිරීමෙන් තමයි ජීවිතය ගොඩගන්න පුළුවන් ය කියන කාරණය. ඒ නිසා මුත්තා තමන්ගේ දරුවන්ට හොඳට ඉගැන්වූවා. ලොකු අප්පච්චි මහාචාර්යවරයෙක් වුණා. නැන්දා කෙනෙක් ලංකාවේ ප්‍රථම විවාහ රෙජිස්ට්‍රාර්වරිය වුණා. ඒත් අපේ අප්පච්චි මුත්තාගේ අරමුණ සාක්ෂාත් කළේ නැහැ. එයා බිව්වා; රේස් දැම්මා, බූරු ගැහැව්වා, සහෝදරයන් එක්ක විරසක වෙලා ඉඩම් නඩු කියලා අන්ත දුගී අසරණ භාවයේ පතුලටම වැටුණා. ඒකයි වුණේ. ඒ නිසා දැන උගත් ඥාතින් අතරත් අප අතරත් ආර්ථික, සාමාජික හා සංස්කෘතික වශයෙන් විශාල පරතරයක් ඇතිවුණා. කොටින්ම ඒක ඥාති සම්බන්ධකම් පවත්වන්න බැරි තරමේ දුරස්ථභාවයක්. ඔය ක්ෂණිකා හිරිඹුරේගම ලොකු අප්පච්චිගේ දුවෙක්. මගේ ඥාති සහෝදරියක්.

    එතකොට අම්මා කොහොම කෙනෙක් ද?

    අප්පච්චි ආරාජිකවාදී චරිතයක් නම් අම්මා අතිශය හෘද ගෝචරයි. ඇය ධෛර්යසම්පන්න ගැහැනියක්. ඇයට ප්‍රඥාව පහළ වන්නේ අංක එක ආදරය නිසා. ඇය දරුවන්ට තියෙන අප්‍රමාණ, අනන්ත ආදරයත් එක්ක දරුවන් ගොඩනඟන්න උත්සාහ කරනවා.

    ඔබේ ගමේ ජීවිතය කොහොම එකක් ද?

    කුඩා කාලයේ මම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෙක්. කුසගින්න කියන එක මට හොඳට දැනිච්ච දෙයක්. මම ඉපදෙන කොට අපේ පවුල ආර්ථික වශයෙන් පිරිහිලා ඉවරයි. අම්මත් වයසට ගිහිල්ලා. මම තනේ කටේ ගහගෙන හිටියට අම්මට කිරි එරෙන්නේ නැහැ. ඒත් අදටත් මට ඒ කිරි සුවඳ දැනෙනවා. මාව අනාථ නිවාසයකට දාන්න යෝජනා වෙලාත් තියෙනවා. ඇත්තටම මාව එක්ක යන්න ජීප් එකකුත් ඇවිල්ලා තියෙනවා. මගේ ලොකු අක්කා තමයි මාව තේ පඳුරක් අස්සේ හංගලා මාව බේරගෙන තියෙන්නේ.

    ඉස්කෝලේ ගියේ කොහේ ද?

    මුලින්ම ගියේ යහලබැද්ද කනිෂ්ඨ විද්‍යාලයට. මගෙ අක්කා කෙනෙක් ඉස්කෝලෙට එක්ක යන අතරවාරයේ තමයි මට අකුරු කියෙව්වේ. පළමු දවසෙම මගේ ජීවිතයට විශාල ප්‍රභාවක් ලැබුණු බව මට දැනුණා. මම ශිෂ්‍යත්වය පාස් වුණා. පාස්වෙලා දියතලාවේ ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයට ආවා. එතැනින් මම සාමාන්‍ය පෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල ගත්තා.

    ඔබ කොළඹට එන්නෙ?

    මම ගෙදරින් පැනලා එනවා. මම කිව්වනේ තාත්තත් එක්ක මගේ ගැටුමක් තිබ්බ කියලා. හරියට ‘සිංහබාහු’ නාට්‍යයේ වගේ. මගේ අයියා කෙනෙක් හිටියා කොළඹ. මම එහෙ ඉඳන් පිළියන්දල සෙන්ට්‍රල් එකට ගියා. ඊට පස්සෙ තමයි ‘තර්ස්ටන්’ එකට ආවේ. එතැනින් මාව කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙනවා.

    හැට ගණන්වල ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ තිබුණු විශ්වවිද්‍යාල ජීවිතේ නෙමෙයිනේ ඔබේ යුගයේ තිබුණේ. මොකද්ද ඔබ අත්දැක්ක

    යථාර්ථය?

    මා ප්‍රමුඛ හුඟක් විශ්වවිද්‍යාල තරුණයන්ට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි කුසගින්න කියන එක. අඩුම ගාණේ පෙම්වතියක්වත් මේන්ටේන් කරගන්න අපිට ආර්ථිකයක් තිබුණේ නැහැ. ඒ නිසා යම් යම් සම්බන්ධකම් මඟහැරුණා. ඊට උත්තර හොයන්න මම විවිධ උපක්‍රම භාවිත කරලා තියෙනවා. මං පොළවල්වල ක්‍රෝට්න් වික්කා. පත්තරවලට නවකතා ලිව්වා. කුමරි පත්තරේට මං ‘සරසවි දියණියෝ’ (ඒක මගේ මුල්ම නවකතාව) ලිව්වා. එක කොටසකට රුපියල් පනහයි. මාසෙට දෙසීයයි. සමහර මාසවල සති පහක් වැටෙනකොට මට හරි ජොලි. මොකද දෙසීය පනහක් හම්බ වෙනවා. මම දෙහිවල සරණංකර පාරේ ළමයි දෙන්නෙකුට ටියුෂන් දෙන්න පටන් ගන්නවා. ඒක තමයි මගේ ටියුෂන්වල පටන්ගැන්ම.

    පොඩි කාලේ ඉඳන්ම ඔබ තුළ අරගලකාරයෙක් ජීවත්වුණා ය කියල මම හිතනවා?

    ඔව්. මගේ ආතා මැරුණු වෙලාවේ (ආතා කියන්නේ අපේ ගම් පැත්තේ ස්ත්‍රි ලිංග පදයක්. ආතා කිව්වේ අපේ ආච්චිට) පාංශුකූලේ දෙන්න ආපු ලොකු හාමුදුරුවෝ වර්ණනා කළේ ලොකු අප්පච්චිව. නමුත් හැමදේම කරපු අපේ අප්පච්චි ගැන වචනයක් නැහැ. මට මේකට යකා නඟිනවා. මම හාමුදුරුවන්ට කුණු හරුපෙන් බැණලා “මගේ අප්පච්චි මැරුණුදාට මං උඹලව ගෙන්වන්නේ නැහැ” කියලා තියනවා. ඒක තමයි මගේ අරගලය පටන්ගත්තු තැන.

    ගමට සාපේක්ෂව ඔබේ කොළඹ ජීවිතේ කොහොම එකක් ද?

    කොළඹදී මට විවිධ අය ඇසුරු කරන්න ලැබුණා. පාතාලේ චණ්ඩි, ගණිකාවෝ, සමලිංගිකයෝ, පිංපියෝ, ගංජා කාරයෝ මේ හැම දෙනාම. මේ සියලු චරිතත් එක්ක මම එක්තරා කාලයක් ඉඳලා තියෙනවා. රෑට නිදාගන්න තැනක් නැති වුණාම ගෝල්ෆේස් එක ඉස්සර තියෙන බණ්ඩාරනායක පිළිමේ යට නිදාගෙන තිබෙනවා.

    ඔබත් බණ්ඩාරනායක බිහිකළ පනස් හයේ දරුවෙක්?

    ඔව්. ඒක තමයි උත්ප්‍රාසය. දවසක් එතැන හිටපු හිඟන්නෙක් එක්ක මං එක බත් එක දිග හැරගෙන කෑවා. මොකද හිඟන්නට තේරුණා මං බඩගින්නේ ඉන්නෙ කියලා. මං පස්සේ කාලේ ඒ හිඟන්නා හොයාගෙන ගියා. ඒත් හම්බු වුණේ නැහැ. මොකද ඔහු මට මගේ නෑ සනුහරේ කෙනෙක් වගෙයි මට දැනුණේ.

    ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ටියුෂන් වෘත්තිය?

    අපේ රටේ නවකතාකාරයන් 25 දෙනෙක් ගත්තොත් ඒ අතර මං ඉන්නවා කියලා මම හිතනවා. අපේ රටේ ගීත රචකයෝ 50 දෙනෙක් ගත්තොත් ඒ අතර මං ඉන්නවා කියල මම හිතනවා. අපේ රටේ විචාරකයෝ 150 දෙනෙක් ගත්තොත් ඒ අතර මං ඉන්නවා කියලා මම හිතනවා. හැබැයි අපේ රටේ ගුරුවරු ලක්ෂයක් ගත්තොත් පළමුවැනියට ඉන්නේ මං කියලා මම විශ්වාස කරනවා. පස්දෙ‍නාගෙන් එක් කෙනෙක් නෙමෙයි පළමුවැන්නා. මම ළමයින්ට උගන්වන්නේ නැහැ; සිලබස් එක හරියට කවර් කරන්නේ නැහැ කියන චෝදනා මට කවදාක්වත් ඇවිල්ලා නැහැ.

    ඔබ සිංහල උගන්වපු උසස් පෙළ සිසුන්ගෙන් සියයට කීයක් විතර මේ වන විට පාස්වෙලා තිබෙනවා ද?

    විෂයයන් තුනටම ‘ඒ’ ගත්තු සිසුන් විතරක් 13 දාහක් ඉන්නවා.

    කෙනෙකුට කියන්න පුළුවන් ඔබ ඒ අය පාස් කරලා තියෙන්නේ ප්‍රශ්න පත්තර හොරකම් කරලා කියලා? මොකද, එහෙම චෝදනාවක් 2003 දී ඔබට ආවනේ.

    ඒක විහිළුවක්නේ. මම දැන් අවුරුදු 25 ක් තිස්සේ ටියුෂන් දෙනවා. ඒ හැම අවුරුද්දකම ප්‍රශ්න පත්තර හොරකම් කරල ද මං ළමයින්ව පාස් කරලා තියෙන්නේ. ඒක සහගහන චෝදනාවක්.

    ඔබේ ගෝලයෝ වෙන්නේ කිංස්ලි රත්නායක, මොහාන් රාජ් මඩවල, තමාලි පීරිස්, සෙනේශ් දිසානායක බණ්ඩාර, පබෝධා සංදීපනී, ජයසිරි ජයසේකර, මල්කුමාරි ගීතරාණි, ප්‍රනීතා අබේවික්‍රම වගේ අය. ඔබට පුළුවන් වෙලා තිබෙනව ද මේ අවුරුදු 25 ට එක සිංහල මහාචාර්යවරයෙක් බිහි කරන්න.

    ගෝලයෝ කියනවට වඩා මම කැමැතියි ශිෂ්‍යයෝ කියලා කියන්න. මගේ ශිෂ්‍යයන්ගෙන් හුඟ දෙනෙක් අද ඉන්නේ නීති ක්ෂේත්‍රයේ. විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය මට්ටමිනුත් සමහර අය නැතුවා නෙමෙයි.

    ටියුෂන්වලින් ළමයි පාස්වන රටකට පාසල් අධ්‍යාපනයක් අවශ්‍ය නැහැනේ?

    රට ඇතුළේ තියෙන අධ්‍යාපන පුනරුදයේ ගාමක බලවේගයක් විදියට අද ටියුෂන් පවතිනවා කියලා මම විශ්වාස කරනවා.

    අද ගුරුවරුත් දූෂිතයි; විදුහල්පතිවරුත් දූෂිතයි. ඒ අය පගා ගහනවා; ලිංගික අල්ලස් ගන්නවා කියලා චෝදනා නැ‍ඟෙනවා.

    ගුරුවරුන් විතර ද? අද ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම දූෂිතයි. සමස්තය ඇතුළේ විශාල පිරිහීමක් තියෙන්නේ. එබඳු පසුබිමක ගුරු වෘත්තිය විතරක් ක්ෂේම භූමියක් වෙන්නෙත් නැහැ. ගුරුවරයා උත්තම පුරුෂයෙක් වෙන්නෙත් නැහැ.

    බැරි වේලාවක හරි අනාගතයේ ඔබට අධ්‍යාපන ඇමැති ධුරය ලැබුණොත් ඔබ මොනව ද මුලින්ම කරන්නෙ?

    මං කොච්චර අමාරුවෙන් ජීවිතේ ගොඩනඟා ගත්ත ද කියන එක තේරුම් අරන් මං වගේ අය වෙනුවෙන් මගේ පළමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. උදේට වට්ටක්කා ගෙඩියක් තම්බලා හතරට කපලා කාලා ඉස්කෝලේ යන දරුවෝ ඉන්නවා. අපි මෙහේ තොරතුරු තාක්ෂණය ගැන කතා කරනවා. පාසලට, ගෙදරට විදුලිය නැතිව ඉගෙන ගන්න ළමයි තාම ගම්වල ඉන්නවා. ඔවුන්ට ප්‍රඥාව සම්පාදනය කරන්න මම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

    ඔබ සාමාන්‍යයෙන් කඩවසම් පුරුෂයෙක්. ඒත් ටියුෂන් ගුරුවරයකු වශයෙන් ඔබ කිසිමදාක මඩ නාගෙන නැහැ. ඔබ කොහොම ද මේ විනය පවත්වගත්තේ?

    මම අත් දෙකේ හුණු ගා ගත්තා මිසක් කුණු ගා ගත්තේ නැහැ. මට මතකයි මං පුංචි කාලේ අම්මා උණු කැවුම් ගෙඩියකින් මගේ අත තවනවා. ඒ තවන ගමන් කියනවා, “මගේ රත්තරන් පුතාට කෝටියක් දේවල් ලියන්න වාසනාව, ශක්තිය ලැබෙන්න” කියලා. ඒ නිසා මේ අත් දෙකින් වැරදි කරන්නෙ නැහැ කියන අදහස මගේ උප විඥානයේ තිබෙනවා. අනෙක ශිෂ්ට සම්පන්නව ජීවත්වෙන්න ඕනැ කියන හැඟීම මට තියෙනවා. රස්සාවක් නැති කාලේ වුණත්, අසීමිතව කුසගිනි දැනුණු වෙලේ වුණත් මම මේ අත් දෙකින් නරක වැඩක් කරල නැහැ. මට සමහර වෙලාවල්වලට සමහරුත් එක්ක මරාගෙන මැරෙන්න හිතිලා තියෙනවා. ඒත් මගෙ අම්මා වම් අතින් පස්ස හෝදන්නයි දකුණු අතින් බත් කන්නයි උගන්වලා තිබුණු නිසා ඒ අවස්ථාවලදී පවා ශිෂ්ට සම්පන්නව හැසිරිලා තියෙනවා.

    ඔබ දවසකට තරුණයන් සෑහෙන පිරිසක් ආශ්‍රය කරනවා. ඔබ තේරුම් ගත්තු විදියට ඔවුන්ගේ සිතුම් පැතුම් කොයි වගේ ද?

    අද ඉන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් තියෙනවා. ඔවුන් ඒක පෙන්වන්නේ නැහැ. ඔවුන් සිගරැට් අරක්කු බොන්නෙ නැහැ. ජාතිවාදි නැහැ. ආගම්වාදී නැහැ, කුලවාදි නැහැ. ඔවුන් දන්නෙ නැහැ, තමන් ළඟ ඉන්න යාළුවා සිංහල ද නැද්ද කියලා. ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් දේශපාලනඥයන්, නළු නිළියන්, මීඩියාවල පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට හිනා වෙනවා. මොවුන් මේ අයට හොඳ බයිට් එකක්. මේ කොල්ලන්ට මං ආදරෙයි. මොවුන් පුංචි පුංචි පැළ වගේ. ඒක මහා වනාත්තරයක් දක්වා වගා කිරීමයි අපි කළ යුත්තේ.

    මේ වෙනකොට ඔබේ සමාජ කියැවීම මොකද්ද?

    ඉස්සර අපිට පුළුවන් සමාජය ගැන අනාවැකි කියන්න. ඒත් අද බැහැ. අද කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණ තියන්න විතරයි. ඊළඟ මොහොතේ වෙන්නෙ මොකද්ද කියන එක ගැන කියවන්න තරම් මෝරා වැඩුණු සමාජ විද්‍යාවක් අපි ළඟ නැහැ. මොකද, සමාජය ඒ තරම්ම සංකීර්ණයි. අපිට පුළුවන් මේ පවතින මොහොත ගැන යමක් කියන්න විතරයි.

    ඔබ ජ්‍යෝතිෂය විශ්වාස කරනව ද?

    නැහැ. මම මගේ ගෙදරට මුල්ගල තිබ්බේ මමම හදපු බොරු නැකතකට.

    ඔබේ බිරිය ඔබත් එක්ක විශ්වවිද්‍යාලයේම හිටපු ශිෂ්‍යාවක්?

    ඔව්. ඇය රසාංගනී. එයා බඳිනවා කියලා හිතාගෙන ලව් කරපු ප්‍රථම එක්කෙනා.

    ඔබේ දරුවන්?

    මට පුත්තු දෙන්නයි. ලොකු පුතා විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ. දෙවැනි පුතා ලබන පෙබරවාරියේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.

    ඔබ ඩ්‍රින්ක්ස් එහෙම ගන්නව ද?

    මම බිව්වා. ඒත් බයිපාස් එකෙන් පස්සේ මම කිව්වා; ආයෙ බොන්නෙ නැහැ කියලා. ඒ නිසා මං දැන් හොරෙන් බොනවා. මොකද මට පොඩි ඩ්‍රින්ක් එකක් නැතුව මනෝරාජික ලෝකයකට යන දොර ඇරගන්න බැහැ. ගැහැනුන්ට පුළුවන් නොබී මත් වෙන්න. ඒත් අපිට බැහැ. ගැහැනු ඇස් අඩවන් කරනවා වෙන ස්වරයකින් කතා කරනවා; කොඳුරනවා, අඬනවා. දැක්කම හිතෙන්නේ බීල වගෙ කියලා. තරුණ ජෝඩුවක් අවන්හලක සිසිල් බීම වීදුරුවක් බිබී ඉන්නකොට පෙම්වතියගේ හැසිරීම බලන්න. එක්කෝ කොල්ලගේ ෂර්ට් එකේ දිගට තියෙන අත කොට කරනවා. ඊට පස්සේ ආයේ දික් කරනවා. නැත්නම් ගෑරෙප්පුවක් අරගෙන අතේ ඇඟිලි අතරේ ඇනගෙන ඇනගෙන යනවා. මොන මොන විකාර කරනව ද? දැක්කම හිතෙන්නේ මේකී බීල ද කියලා.

    සුනිල් මිහිඳුකුල
    ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න
    - සිළුමිණ


    මේක මම ගෙඩි පිටින් ගත්තේ සී නිව්ස් එකෙන්, සී නිවිස් එක ගෙඩි පිටින් අරන් තියෙන්නේ සිළුමිණනෙන්. :lol:

    මම මේ මනුස්සයාට ඒ තරම් කැමැත්තක් නෑ. ඒත් මේක එලකිරියේ දාන්න හිතුවේ මේකෙන් මොකක් හරි දෙයක් ගන්න පුලුවන් කියලා හිතලා. හැබැයි හාමුදුරුවන්ට බැන්න කිව්වම නම් මට හිතුනේ මේ මනුස්සයා ජාතියක් ආගමක් නැති පිස්සෙක් කියලා. :angry:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    koheth ehemai ban haamuduruwo hoda kiyanne pansalata yana kena genai,, eth haamuduruwo danne ne manussayekuta salakala thiye anek miniha kiyala,,api hithin hari anith ekaa ekka hari kiyana deyak mu kelinma hamuduruwanta kiyala prasiddiye echchrai wenasa
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom
  • Apr 7, 2012
    286
    9
    48
    මගේ ආතා මැරුණු වෙලාවේ (ආතා කියන්නේ අපේ ගම් පැත්තේ ස්ත්‍රි ලිංග පදයක්. ආතා කිව්වේ අපේ ආච්චිට) පාංශුකූලේ දෙන්න ආපු ලොකු හාමුදුරුවෝ වර්ණනා කළේ ලොකු අප්පච්චිව. නමුත් හැමදේම කරපු අපේ අප්පච්චි ගැන වචනයක් නැහැ. මට මේකට යකා නඟිනවා. මම හාමුදුරුවන්ට කුණු හරුපෙන් බැණලා “මගේ අප්පච්චි මැරුණුදාට මං උඹලව ගෙන්වන්නේ නැහැ” කියලා තියනවා.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඔබ දවසකට තරුණයන් සෑහෙන පිරිසක් ආශ්‍රය කරනවා. ඔබ තේරුම් ගත්තු විදියට ඔවුන්ගේ සිතුම් පැතුම් කොයි වගේ ද?

    අද ඉන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් තියෙනවා. ඔවුන් ඒක පෙන්වන්නේ නැහැ. ඔවුන් සිගරැට් අරක්කු බොන්නෙ නැහැ. ජාතිවාදි නැහැ. ආගම්වාදී නැහැ, කුලවාදි නැහැ. ඔවුන් දන්නෙ නැහැ, තමන් ළඟ ඉන්න යාළුවා සිංහල ද නැද්ද කියලා. ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් දේශපාලනඥයන්, නළු නිළියන්, මීඩියාවල පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට හිනා වෙනවා. මොවුන් මේ අයට හොඳ බයිට් එකක්. මේ කොල්ලන්ට මං ආදරෙයි. මොවුන් පුංචි පුංචි පැළ වගේ. ඒක මහා වනාත්තරයක් දක්වා වගා කිරීමයි අපි කළ යුත්තේ.



    meka ape elakiri eke inna boho kattiyata adala nawai.................
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    නාකි ඉලන්දාරියා;16085640 said:
    මගේ ආතා මැරුණු වෙලාවේ (ආතා කියන්නේ අපේ ගම් පැත්තේ ස්ත්‍රි ලිංග පදයක්. ආතා කිව්වේ අපේ ආච්චිට) පාංශුකූලේ දෙන්න ආපු ලොකු හාමුදුරුවෝ වර්ණනා කළේ ලොකු අප්පච්චිව. නමුත් හැමදේම කරපු අපේ අප්පච්චි ගැන වචනයක් නැහැ. මට මේකට යකා නඟිනවා. මම හාමුදුරුවන්ට කුණු හරුපෙන් බැණලා “මගේ අප්පච්චි මැරුණුදාට මං උඹලව ගෙන්වන්නේ නැහැ” කියලා තියනවා.

    අපේ ගෙදරත් ඕකම වුනා ,ගෙදරින් අච්චිව එලවපු බාප්පාව විතරයි හාමුදුරුවෝ වර්ණනා කලේ තාත්තනම් ගණන් ගත්තේ නෑ,හැබැයි ලග හිටපු කෙනෙක් කිව්වා දන්නේ නැති මගුල් කියවන්නේ නැතිව ඉන්න හාමුදුරුවනේ කියලා,හාමුදුරුවෝ shape එකේ කට වහ ගත්තා,අපේ පන්සලේ හමුදුරුවොන්ටත් ආධාර දෙනවනම් හරක් මස් කඩ කාරයත් එකයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම බිව්වා. ඒත් බයිපාස් එකෙන් පස්සේ මම කිව්වා; ආයෙ බොන්නෙ නැහැ කියලා. ඒ නිසා මං දැන් හොරෙන් බොනවා. මොකද මට පොඩි ඩ්‍රින්ක් එකක් නැතුව මනෝරාජික ලෝකයකට යන දොර ඇරගන්න බැහැ. ගැහැනුන්ට පුළුවන් නොබී මත් වෙන්න. ඒත් අපිට බැහැ. ගැහැනු ඇස් අඩවන් කරනවා වෙන ස්වරයකින් කතා කරනවා; කොඳුරනවා, අඬනවා. දැක්කම හිතෙන්නේ බීල වගෙ කියලා. තරුණ ජෝඩුවක් අවන්හලක සිසිල් බීම වීදුරුවක් බිබී ඉන්නකොට පෙම්වතියගේ හැසිරීම බලන්න. එක්කෝ කොල්ලගේ ෂර්ට් එකේ දිගට තියෙන අත කොට කරනවා. ඊට පස්සේ ආයේ දික් කරනවා. නැත්නම් ගෑරෙප්පුවක් අරගෙන අතේ ඇඟිලි අතරේ ඇනගෙන ඇනගෙන යනවා. මොන මොන විකාර කරනව ද? දැක්කම හිතෙන්නේ මේකී බීල ද කියලා.

    :oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගැහැනුන්ට පුළුවන් නොබී මත් වෙන්න. ඒත් අපිට බැහැ. ගැහැනු ඇස් අඩවන් කරනවා වෙන ස්වරයකින් කතා කරනවා; කොඳුරනවා, අඬනවා. දැක්කම හිතෙන්නේ බීල වගෙ කියලා. තරුණ ජෝඩුවක් අවන්හලක සිසිල් බීම වීදුරුවක් බිබී ඉන්නකොට පෙම්වතියගේ හැසිරීම බලන්න. එක්කෝ කොල්ලගේ ෂර්ට් එකේ දිගට තියෙන අත කොට කරනවා. ඊට පස්සේ ආයේ දික් කරනවා. නැත්නම් ගෑරෙප්පුවක් අරගෙන අතේ ඇඟිලි අතරේ ඇනගෙන ඇනගෙන යනවා. මොන මොන විකාර කරනව ද? දැක්කම හිතෙන්නේ මේකී බීල ද කියලා.
    :P:P:P
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කතා ගොතන්න බැරිනම් ඉතින් සිංහල උගන්නන්න බෑනේ


    ඔබ හරි සහෝ ,මෙයාගේ භාෂාවෙන්ම කිව්වොත් ඔය වයසේ කෙල්ලෝ කොල්ලන්ට හොඳ ෆැන්ටසියක් නැතුව පන්තිවලට අද්දගන්න බෑ ,ඔය ජීවිත කතාව පන්තිවල කෙල්ලන්ට කිව්වම උන් අඩනවා ඇති ,ඔය ඔක්කොම පන්තිවලට ළමයි අද්දගන්න ගහන ගැට ,මෙයාගේ තරම අර අක්ෂරය ගැන කියපු ඒවා ලියපු ඒවාගෙන්ම තේරුම් ගන්න පුළුවන් .මහලොකුවට අම්මගේ ගුණ කියනවා .හදපු කුනුහර්පේ මෙයාටම තේරුම් ගන්න බැරුව ඇති
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක share කරාට thanks මචන්. මම උපුල් ශාන්ත සන්නස්ගල කියන පුද්ගලයාගෙන් ඉගනගෙන නැහැ, පුද්ගලිකව දන්නේ අඳුනන්නෙත් නැහැ. එත් මම මේ චරිතයට ගරු කරනවා. අද වෙනකොට ලංකාවේ සමාජයීය ආර්ථික අද්යාපන දේශපාලන කොයි පැත්තෙන් ඉහලට ආපු පුද්ගලයෙක්වත් තමුන් පුංචි කාලේ බඩගින්නේ දුක්වින්ද කියල ආඩම්බරයෙන් කියන්නේ නැහැ. ඒ අදාළ චරිත එතනට ගෙන්න බඩගින්නේ දුක් වින්ද අම්ම තාත්තල අද වෙනකොට බහුතරයක් දෙනා තමුන්ගේ audience එකට හඳුන්වල දෙන්නේ නැහැ. ඒ අතින් බැලුවම උපුල් ශාන්ත කියන චරිතය තමුන්ගේ දුක්වින්ද අතීතය ගැන හරිම ආඩම්බරයෙන් කතාකරනවා. එතන තමයි තියෙන්නේ personality එක. මේ විදිහ personality එකක් තියන කෙනෙක් කවදාවත් වට්ටන්න බැහැ . අද සමාජයේ ටයි කෝට් දාන මහත්තරුන්ගේ රෙද්ද හැට්ටේ අඳින අම්මල, සරම බැනියම අඳින තාත්තල තමුන්ගේ යාළුවන්ට හඳුන්වල දෙන්නේ නැති තරම්. බහුතරයක් රඟපාන්නේ නෙලුම් මලෙන් උපන් ගානට. එහෙම බොරුවෙන් පිරුන advance ජීවිත බහුතරයක් ඉන්න කාලෙක මේ චරිතය හරිම සරලයි.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹ කියන එකේ ඇත්තක් තියෙනවා ,ඒත් මම හිතන්නේ ඒ ඔක්කොම ට්යුෂන් ගුණ්ඩු කියලා ,කියන දේයි කරන දේයි සෑහෙන වෙනසක් තියෙනවා මෙයාගේ .මම දන්නේ නෑ උඹල දැකලා තියෙනවද කියලා මෙයා අර පැන්නුවා කියන paper එක ,මචන්ල හිතපන් සිංහල චේදේක හරියටම ඒ තැනින් පටන් ගන්නේ කොහොමද ? ඒ වගේම මෙයා හැදුව ෆිල්ම් එකත් ලංකාවට ගැලපෙනවද කියන එක සෑහෙන ලොකු ප්‍රශ්ණයක්
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අද ඉන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් තියෙනවා. ඔවුන් ඒක පෙන්වන්නේ නැහැ. ඔවුන් සිගරැට් අරක්කු බොන්නෙ නැහැ. ජාතිවාදි නැහැ. ආගම්වාදී නැහැ, කුලවාදි නැහැ. ඔවුන් දන්නෙ නැහැ, තමන් ළඟ ඉන්න යාළුවා සිංහල ද නැද්ද කියලා. ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් දේශපාලනඥයන්, නළු නිළියන්, මීඩියාවල පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට හිනා වෙනවා. මොවුන් මේ අයට හොඳ බයිට් එකක්. මේ කොල්ලන්ට මං ආදරෙයි. මොවුන් පුංචි පුංචි පැළ වගේ. ඒක මහා වනාත්තරයක් දක්වා වගා කිරීමයි අපි කළ යුත්තේ.
    මේක පට්ට කතාව