නෑ බන්. මගේ හොඳම යාලුවෙක් මම අපාය විශ්වාස කරනවා කිව්වම මට හිනා වුනා බන්...
දස සංයෝජන වල විචිකිච්චාව කියන දෙය අහලා තියෙනවා නේද ඒ වගේම පංච නීවරණ වලත් පස්වෙනි එක විචිකිච්චාව? ඒකේ විචිකිච්චාව හෙවත් සැකය ඇතිවෙන්න කරුණු 8 ක් තියෙනවා පිලිවෙලින්,
1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය.
2. නව ලෝකෝත්තර සද්ධර්මය පිළිබඳ සැකය.
3. ආර්ය සංඝයා පිළිබඳ සැකය.
4. ශික්ෂාපද පිළිබඳ සැකය.
5. අතීත භවය පිළිබඳ සැකය.
6. අනාගත භවය පිළිබඳ සැකය.
7. අතීත අනාගත භව දෙකම පිළිබඳ සැකය.
8. හේතු - ඵල ධර්ම පිළිබඳ සැකය.
බුදුන් වහන්සේගේ සද්ධර්මය ගැන ඇති සැකය තමයි ඔබේ යහලුවාටත් තිබෙන්නේ. උන්වහන්සේගේ දේශනා වල පැහැදිලිවම අපාය 4 ක් සහ දිව්යයලෝක 6 ක් රූපාවචර සහ අරූපාවචර බ්රහ්ම ලෝක 20 ක් ගැන විස්තර කරලා තියෙනවා. ඔහුට ඔහුගේ ධර්මය අදහන්න ඉඩ දෙන්න. ඔහුව වෙනස් කිරීමට යෑම යාහලු කමත් අවසාන කරගැනීමේ පළමු පියවරයි.