අපාය විශ්වාස කරනවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    තර්ක බිදින්න බැරි අපි හරියටම ධර්මය දන්නේ නැති නිසා බන් ..හොද හාමුදුරු කෙනෙක් ලගට යැව්වොත් මිසක් අපි ඕකට උත්තර බදින්න ගියොත් හිර වෙන්න පුළුවන් ..එහෙම උනොත් වූ හැම තැනම කියයි බුද්ධාගම බොරුවක් කියල :dull:

    මචං උඹ කියන්නෙ හරියට අර රහත් වෙලා කියන සිරි සමන්තභද්‍ර dial එක වගේ පොරක්ද තර්කයට සුදුසු කියල? :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ධ්‍යාන ලබපු අය කිසි කෙනෙක් මිහිපිට සොයාගන්න නෑ නේ බන්. රහත් වීම කෙසේ වෙතත්. ඒකත් උගේ point එකක් තමයි. අනිත් එක තමයි දඩයම් යුගයේ හිටපු හැමෝම දඩයමින් ජීවත් වුණා නම් ඒ හැමෝම ඉපදෙන්න ඕනේ අපායේ නේද කියන එක.

    දයාන ලබපු අයට ලව්කික සැප සම්පත් වලින් වැඩක් නෑ..
    ඒ අය මට දයාන තියෙනවා කිය කිය යන්නේ නෑ..

    සතෙක් මැරුවොත් අපායේ ඉපදෙනවම කියලා දෙයක් බුද්ද දේශනාවේ නෑ..
    චේතනාවයි කර්මයට මුල් වෙන්නේ..
    කර්මයේ යම් යම් අඩු වැඩිකම් සිදුවෙනවා..
    දඩයමෙන් ජීවත්වුන අය බොහොමයකට පව් රැස් වුනා..
    ඒ අයගේ කර්මය චේතනාව මුල් වෙච්ච විදියට ගෙවලා ඉවරකරලා ඇති, සමහරු තවමත් ගෙවනවා ඇති.. මිනිසාගේ මූලික අවශ්යතාවය සදහා පවක් කරනවානම් ඒ පවේ විපාකය ගොඩක් අඩුවෙන් ලැබෙන බව ත්‍රිපිටකයේ ගොඩක් තැන් වල තියෙනවා..
    මම මිනිහෙක්ව මරනවා මගේ චේතනාව මේ මිනිහා නිසා මැරෙන්න ඉන්න ජීවිත දහස් ගනනක් බේරගන්න නම් මට පවක් සිද්ද වෙන්නේ නෑ..
    දොස්තර කෙනෙක් රෝගියෙක්ගේ කකුලක් කපනවා.. චේතනාව රෝගියාගේ ජීවිතය බේරාගැනීම.. එතනදි දොස්තරට පිනක් මිසක් පවක් සිද්දවෙන්නේ නෑ..
    තව තැනක තියෙනවා ජීවත්වීමේ අරමුනින් තමන්ගේ ශරීරය විකුනන නගරසෝබනියක් ගැන.. ඇයගේ අරමුන ජීවත් වීම සදහා රැකියාවක් කිරීම.. එතනදි ඇයට පවක් සිදුවන්නේ නෑ..

    අරුව :D

    Jason වද? ඌවනම් කලිනුත් expose වුනේ :D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔව් බන්. ගොඩක් ඒ වගේ එවුන් හොඳට ඉගෙන ගත්තු දක්ෂ (මීටර්) එවුන්. කෙල්ලෝ නම් ඉතින් fashion එකට තමයි.

    මම බුදු දහම ගොඩක් විශ්වාස කරන කෙනෙක් සහ ඒ අනුව ඊවත් වෙන්න උපරිම විදියට උත්සාහ කරන එකෙක්. බුදුන් වහන්සේ භාවනාව ගැන කියල තියෙන දේවල් මම දන්නවා ඇත්ත කියලා ඒ දේවල් අත්දැකීමෙන් ම දන්නා නිසා.

    භාවනාව ගැන ඔය දේ කිව්වම අරූ කිව්වේ මුලින්ම භාවනාව සොයා ගත්තේ ඉන්දියාවේ ඍෂිවරු කියලා.

    uba uu wishwasa karana nokarana eka gana hithanna epa
    uba wishwasa karanwm yamkisi deyak aa dey karapan :)
    meditation walin nam health benefits tiyenwa kiyala ahala tiyenwa mama nam hariyata karala naha :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචං උඹ කියන්නෙ හරියට අර රහත් වෙලා කියන සිරි සමන්තභද්‍ර dial එක වගේ පොරක්ද තර්කයට සුදුසු කියල? :lol:

    ධර්මය සර්පයෙක් ලෙස හැදින්වීමක් කරනවා..
    දර්මය ඔලුවෙන් නැතිව වලිගෙන් අල්ලගත්තොත් දර්මයම අපිට දශ්ට කරනවා..
    ධර්මය හොදටත් නරකටත් බාවිත කරන්න පුලුවන්..

    ධර්මය බුද්දිමතුන් සදහා පමනයි..
    මා කීවට පිලිගන්න එපා, නුවනින් විමසා පිලිගන්න..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උගෙන් අහපන් එතකොට දිවය ලෝක පිළිගන්නවද කියල ?
    නැත්නම් internet කියල දෙයක් තියෙනවා පිළිගන්නවද නැද්ද කියල ?internet එක පේන්නෙත් නැහැ නේ .

    මම නම් පිලිගන්නවා .අපායක් වගේම දිව්‍යලෝක ඒවගේම අපි වගේ මනුස්ස ලෝක ඕන තරම් මේ සක්වලේ තියෙනවා කියල .
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචං උඹ කියන්නෙ හරියට අර රහත් වෙලා කියන සිරි සමන්තභද්‍ර dial එක වගේ පොරක්ද තර්කයට සුදුසු කියල? :lol:

    :lol::lol: අපෝ නෑ බන් .. මම අදහස් කලේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ත්‍රිපිටකය ගැන හොද දැනුමක් තියෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් ගැන :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;18994696 said:
    උගෙන් අහපන් එතකොට දිවය ලෝක පිළිගන්නවද කියල ?
    නැත්නම් internet කියල දෙයක් තියෙනවා පිළිගන්නවද නැද්ද කියල ?internet එක පේන්නෙත් නැහැ නේ .

    මම නම් පිලිගන්නවා .අපායක් වගේම දිව්‍යලෝක ඒවගේම අපි වගේ මනුස්ස ලෝක ඕන තරම් මේ සක්වලේ තියෙනවා කියල .

    ඕක මම ඇහුව බන්. එතකොට ඌ අහනවා එහෙනම් මම අල්ලා දෙවියන් හා දෙවියන් වහන්සේ පිලි නොගන්නත් අපාය හා දිවය ලෝකය පිලිගන්නත් හේතුව මොකක්ද කියලා. මම කිව්වා බුදුන් වහන්සේගේ ධර්මය අනුව කියලා. එතකොට ඌ අහනවා බුදුන් වහන්සේ එහෙම දේශනා කළා කියලා කොහොමද හරියටම දන්නේ කියලා. එහෙම නම් කුරානයේ සහ බයිබලයේ තියෙන දේවලුත් ඇත්ත වෙන්න ඕනේ නේ කියලා.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මරුසිරා;18994696 said:
    උගෙන් අහපන් එතකොට දිවය ලෝක පිළිගන්නවද කියල ?
    නැත්නම් internet කියල දෙයක් තියෙනවා පිළිගන්නවද නැද්ද කියල ?internet එක පේන්නෙත් නැහැ නේ .

    මම නම් පිලිගන්නවා .අපායක් වගේම දිව්‍යලෝක ඒවගේම අපි වගේ මනුස්ස ලෝක ඕන තරම් මේ සක්වලේ තියෙනවා කියල .

    oya wage gon tharka nam danna epa Jason ube yaluwata :P
    ethakota Allah , Zeus unath inna puluwan ney ban ay penne naha ney so boru karanna baha :P ... machan burden of proof kiyala deyak tiyenwa
    example ekak widiyata uba kiyawnam Alllah innawa kiyala uba prove karla penna oona Allah kenek innawa kiyala , nathuwa anith ekata kiyanna baha
    Allah kenek nahai kiyala pennapna kiyala :P
    mokada burden of proof eka tiyenny ube side ekata

    59e7294c95ed3c8cb5872895407b2d34.755x772x1.png
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    :lol::lol: අපෝ නෑ බන් .. මම අදහස් කලේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ත්‍රිපිටකය ගැන හොද දැනුමක් තියෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් ගැන :yes:

    :yes: සිරාවට මචං. මම ඔය කීව මහත්තයටත් හොඳට ත්‍රිපිටකය ගැන දැනුමක් තියනවා. ඒත් මිනිහ ඒ දැනුම විහිළුවකට අරගෙන මිනිස්සු අඬන්න පටන්ගෙන. මේ වගේ දේවදත්තල මොන නිරයකට වැටෙයිද? :sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක මම ඇහුව බන්. එතකොට ඌ අහනවා එහෙනම් මම අල්ලා දෙවියන් හා දෙවියන් වහන්සේ පිලි නොගන්නත් අපාය හා දිවය ලෝකය පිලිගන්නත් හේතුව මොකක්ද කියලා. මම කිව්වා බුදුන් වහන්සේගේ ධර්මය අනුව කියලා. එතකොට ඌ අහනවා බුදුන් වහන්සේ එහෙම දේශනා කළා කියලා කොහොමද හරියටම දන්නේ කියලා. එහෙම නම් කුරානයේ සහ බයිබලයේ තියෙන දේවලුත් ඇත්ත වෙන්න ඕනේ නේ කියලා.
    එහෙමනම් උගෙන් අහන්න වෙනවා උගේ අම්මයි තාත්තයි කියල කියන දෙන්න හරියටම උගේම අම්මයි තාත්තයිමද කියල දන ගත්තේ dna ටෙස්ට් කරලද කියල :no::no:

    ඔය වගේ හිස් බෙලෙක්ක එක්ක කතා කරලා කාලේ නාස්ති කරන්න එපා බන් .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;18994717 said:
    එහෙමනම් උගෙන් අහන්න වෙනවා උගේ අම්මයි තාත්තයි කියල කියන දෙන්න හරියටම උගේම අම්මයි තාත්තයිමද කියල දන ගත්තේ dna ටෙස්ට් කරලද කියල :no::no:

    ඔය වගේ හිස් බෙලෙක්ක එක්ක කතා කරලා කාලේ නාස්ති කරන්න එපා බන් .

    ඌ කියන්නේ මමත් හම්බයෝ වගේම අන්ධ විශ්වාස තුල එල්බගෙන ඉන්න එකෙක් කියලා බන් බෞද්ධ පොත් එහෙම මම නිතරම කියවනවා කියල ඌ දන්න නිසා. ඌ කියන්නේ වැරදි වැඩ නොකර ඉන්න ඕනේ පව් සිද්දවෙන නිසා නෙමෙයි ඒ මගින් අනිත් අය කරදරයට පත් වෙන එක ගැන හිතලා ඇති කරගත් ස්වයං සංයමයක් මත කියලා. තව හෙන ගොඩක් ඒවා කියනවා බන්.

    ඇත්තටම කියනවනම් ඌත් එක්ක කතා කරද්දී මට හිතෙන්නේ ඌ මට වඩා බුද්දිමත් කියල බන්. :sorry::sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :yes: සිරාවට මචං. මම ඔය කීව මහත්තයටත් හොඳට ත්‍රිපිටකය ගැන දැනුමක් තියනවා. ඒත් මිනිහ ඒ දැනුම විහිළුවකට අරගෙන මිනිස්සු අඬන්න පටන්ගෙන. මේ වගේ දේවදත්තල මොන නිරයකට වැටෙයිද? :sorry:

    අපෝ ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ මචන් ..:sorry::sorry: පව් ඉතින් ..ඉස්සර ස්වර්ණවාහිනියේ 6.30 සුපිරි බණක් කිව්වා ..පස්සේ එක පාරටම මොකක් උනාද කියල හිතාගන්න බෑ බන් ..පව් මටනම් දුකක් තියෙන්නේ ..මෙච්චර අවස්ථාවක් ලැබිලත් ගොඩ යන්න බැරි උන එක ගැන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;18994717 said:
    එහෙමනම් උගෙන් අහන්න වෙනවා උගේ අම්මයි තාත්තයි කියල කියන දෙන්න හරියටම උගේම අම්මයි තාත්තයිමද කියල දන ගත්තේ dna ටෙස්ට් කරලද කියල :no::no:

    ඔය වගේ හිස් බෙලෙක්ක එක්ක කතා කරලා කාලේ නාස්ති කරන්න එපා බන් .

    ඔය තර්කෙත් මම දැම්ම බන්. :D

    ඌ කියනවා ඌට ඒක ප්‍රශ්නයක් නෑලු. ඌව හොඳින් රැක බලාගෙන ඒ තත්වෙට පත් කාපු එක ඇතිලු. ඒ ඇත්ත අම්ම තාත්ත වුනත් නැතත් ඒ කරපු දේවල් ඇතිලු. ඒ කතාවට නම් මාත් එකඟයි බන්. :yes::yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ධ්‍යාන ලබපු අය කිසි කෙනෙක් මිහිපිට සොයාගන්න නෑ නේ බන්. රහත් වීම කෙසේ වෙතත්. ඒකත් උගේ point එකක් තමයි. අනිත් එක තමයි දඩයම් යුගයේ හිටපු හැමෝම දඩයමින් ජීවත් වුණා නම් ඒ හැමෝම ඉපදෙන්න ඕනේ අපායේ නේද කියන එක.

    Dadayam yugaye hitapu aya apaye wenna puluwan. Oyage yaluwa ehema newei kiyanne kohomada?

    Oyage yaluwa sure ekata communist karayek wenna ethi un kiyanne agam okkoma boru kiyala :)

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ මචන් ..:sorry::sorry: පව් ඉතින් ..ඉස්සර ස්වර්ණවාහිනියේ 6.30 සුපිරි බණක් කිව්වා ..පස්සේ එක පාරටම මොකක් උනාද කියල හිතාගන්න බෑ බන් ..පව් මටනම් දුකක් තියෙන්නේ ..මෙච්චර අවස්ථාවක් ලැබිලත් ගොඩ යන්න බැරි උන එක ගැන

    අමා දහර දහම් සභාව
    හරේන්ද්‍ර ජයලාල් තමයි හිටියේ :yes::yes::yes:

    මම ඔක්කොම වගේ අහල තියෙනවා.