රීඩින්ග් ලිස්ට් එකක් හදාගෙන කියවන් යන එක තමා මම කරන්නෙ. වෙන මැටීරියල් පාවිච්චි කෙරෙන්නෙ නැති තරම්. මම ඕනෙනම් මුලින්ම කියෙව්ව පොත් ටික පස්සෙ දාන්නම්.
කාලයක් තිස්සෙ ඉගෙනගන්න කෙනෙක්ට තමා හොඳටම උපදෙස් දෙන්න පුලුවන්. @greenthunder මොනව හරි කියන්න තියෙනවද.
මහාචාර්ය ඩේවිඩ් කලුපහන, කේ ඇන්. ජයතිලක, වයි. කරුණාදාස සහ අසංග තිලකරත්න යන අයගේ පොතපත යෝග්‍ය වෙයි කියලා හිතනවා. හොයාගන්නත් පහසු වෙයි.
මුල් බුදුසමය සහ පශ්චාත්කාලීන බෞද්ධ චින්තනයේ වෙනස්වීම් ගැන මහාචාර්ය ඩේවිඩ් කලුපහනගෙ A History of Buddhist Philosophy - Continuities and Discontinuities පොත යෝග්‍ය වෙයි. මුලධර්ම කවර් කරන පොත් නම් ඕනෙ තරම් ඇති. වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ What the Buddha Taught වල ඉඳන් Richard Gombrichගෙ What the Buddha Thought දක්වා.