අමරදේවයන්ගේ ඔබ සිත්ගත් ගී

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අමරදේවයන්ගේ ඔබ සිත්ගත් ගී

    මන් හුගක් කැමති එකක්...ඔයගොල්ලො කැමති ඒවත් දාන් යන්න...

    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
    කවුලුව අතරින් හිරිකඩ එනවා
    මල්පැණි වඩියක උනුසුම ලබනට
    යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත
    කබාය ඉරිලා ඊට කමක් නෑ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහලු වියේ //
    පාරට බැස්සම නොවැ සීතල වැඩි
    තනිකම ඊට වැඩී
    සිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොද හැටි මතකයි
    මීවිතකින් ගත උනුසුම් වූවද
    සිත උනුසුම් වේදෝ
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    ආපසු මගෙ කුටුයට යනවා
    මා ආපසු යනවා
    කබාය ඉරිලා ඊට කමක් නෑ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහලු වියේ
    ....................................................................
    සුබ ගමන් මාස්ටර්...:nerd::nerd::nerd:


     
    • Like
    Reactions: Eranga Sandaruwan

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඇසේ මතුවන කදුළු බිදු ගෙන
    ඔබේ සිරිපා දොවන්නම්...
    හදේ මැළවෙන කැළැ මල් ගෙන
    ඔබේ සිරිපා පුදන්නම්....

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සසර වසන තුරු
    නිවන් දකින් තුරු
    පිකෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    image.php


     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙඅන් යළි වඩින්න..
    ආරාධනා...

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
    ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
    ආරාධනා

    එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
    බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
    ආරාධනා...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සඳ හොරෙන් හොරෙන්
    සඳ තරු නිහඬයි
    කොළොම්තොට නැත මහළු වී
    සසර වසන තුරු

     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා


    අඩවන් වු දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුනා ධාරා.....සමාධි බුදු පිළිමේ..


    පාවෙනා..... නිල් වලාවේ....
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    තරු අරුන්දතී
    මා මල පසු
    විකසිත පෙම්
    සඳ හොරෙන් හොරෙන්
    ආරාධනා



    godak thiyanawa bn
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ


    ඔබේ නමින් සැය බදිමි
    විමානයෙන් බසිනු මැනැවි
    ස්වර්නමාලියේ.. රූබර ස්වර්ණමාලියේ
    ස්වර්නමාලියෙ..//

    ඔබේ නමින් සැය බදිමි....


    උනා නීල වර්ණ වරල
    දැලේ මල් ගැවැසි ලියේ
    නගා ඉන්ද්‍රචාප දෙබැම
    ඇසින් විදුලි මවන ලියේ
    වනා ලැමැද කිනිහිරි පෙති
    රත්න තිලක පැලැදි ලියේ
    සිනාසිසී විමානයෙන්
    බසින්න.. ස්වර්නමාලියේ
    රූබර ස්වර්න මාලියේ.....

    අතේ ගිගිරි නාද සලබ
    නරා හඩින් හදන ලියේ
    කරේ පද්ම කැකුලු මාල
    හන්ස තුඩින් තැලෙන ලියෙ
    කනේ තෝඩු මිණි ඝන රන්
    මූණ ඔපය කරන ලියේ
    පමා නොවී විමානයෙන්
    බසින්න.. ස්වරන මාලියේ...

    බාල චන්ද්‍ර පටු නලලට
    කලක අඳුන් අඳින ලියේ
    ආලවඩන දන්ත කැකුළු
    කුන්ඩ සමන් පිපෙන ලියේ
    දැල දැල ස්වර්ණදාම
    තාල හඩට කනන ලියේ
    කෝල නොවී විමානයෙන්
    බසින්න ස්වර්ණමාලියේ....

    ඔබේ නමින් සැය බදිමි....​
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකක් කියල කියන්න අමාරුයි , එත් නිතරම මුමුණන ආස කරන මෙලඩි වලින් එකක් තමයි මේක

    ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
    ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
    ස්වර්ණමාලියේ..
    ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

    උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
    නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
    වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
    සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
    කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
    කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
    පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
    ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
    දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
    කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

    ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
    ස්වර්ණමාලියේ...