1.උළු/ ඇස්බැස්ටෝස් නැතිව අමානෝ හෝ ඒ සමාන දේවල් මොනාද තියෙන්නේ
ඔය තුන තමයි ඉතින් තියෙන්නේ.ඕකට අමතරව අළුතින් එනවා ප්ලාස්ටික් ශීට් එකක්.හැබැයි ඒකේ මහා චීප් ලුක් එකක් තියෙනවා.කල්පැවැත්ම ගැන නම් දන්නේ නෑ.
2.අමානෝ වල ගොඩක් වර්ග තියනවද?
අමානෝ කිවුවට ඇත්තටමේ ඕකේ නියම නම සින්ක් ඇලුමිනියම් තහඩු කියන එක.අමානෝ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්.අමානෝ හැර වෙන කම්පැනි වලින් කරන සින්ක් ඇලුමිනියම් තහඩුත් තියෙනවා
3.අඩුවට ගන්න පුළුවන් හොඳ වර්ග මොනවද
ඕකේ ගාන වෙනස් වෙන්නේ තහඩුවේ ගණකම අනුව.ගණකම වැඩි වෙනකොට ගාන වැඩියි.කොයි කම්පැනියේ බැලුවත් එකම ගණකම තහඩු වල මිලෙහි ලොකු වෙනසක් නෑ.
4.ඒවා ට අම්බානක රස්නේ වැඩි වෙනවද?
සාමාන්‍යයෙන් ඔව්.
5.රස්නේ අඩු පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද?
රස්නේ අඩු කරගන්න පුලුවන් ක්‍රම තියෙනවා.
1.සැන්ඩ්විච් පැනල් එක පාවිච්චි කරන්න පුලුවන්.
2.සාමාන්‍ය තහඩුව පාවිච්චි කරලා තහඩුවට යටින් ෆොයිල් එක ගහන්න පුලුවන්.
3.වහලේ ඈන්ගල් එක වැඩි කරලා වහල ගහන්න පුලුවන්.
4.වහලේ උසම තැන (කුරෙන්චි බිත්තියේ මුදුන් යටලීයට යටින් ) වා කවුලුවක් තියන්න.මේක හැම කුරෙන්චි බිත්තියකම තියන්න ඕනි.
5.2,3,4ක්‍රම තුනම පාවිච්චි කරනවනම් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.