අල්ලපු ගෙදර මිට්ටා උගේ පර බල්ලව කක්ක දාන්න ගේනවා. හාමු මහත්තයා වගේ ඇවිත් ගේට්ටුව ඉස්සරහා බෙට්ට දම්මන්නේ. අපේ ගෙදර බල්ලා ගේට්ටුව යටින් බලං බුරනවා පණ යනකං.
දවසක් වෙනදා නැති හෙන ලතෝනියක් ඇහෙනවා,
බුදාම්මෝ..... මෙන්න කනවෝ..... අය්යෝ...... මුං බල්ලා දාලෝ.....
බේරගනියෝ...... ගගා.
බලනකොට බල්ලා උඩ පැනලා ගේට්ටුවේ ලොක් එක පන්නලා අරූගේ බල්ලව පෙරලගෙන මස්කරනවා. හපන එක නවත්තගන්නම බැරිවෙලා වතුර බාල්දියක් ගහලා බේරගත්තේ.
මිට්ටගේ බල්ලගේ ඉල ඇට කූඩුව තැනින් තැන පේනවා

ඌට කෙඳිරි ගාන්නත් පණ නෑ. ඉක්මනට වෙට් කෙනෙක් ළඟට ගෙනියලා සතාව බේරගත්තා.
පස්සේ අරූ කියනවා උඹලා බල්ලව එව්වලු.
ඌ පිලියන්නේම නෑ බල්ලා ඇරං ආපු කතාව. තාත්තා කිව්වා ඊළඟ පාර ගේ ඉස්සරහා රෙවලා තිබුනොත් උඹට කියලම එවනවා කියලා


.
කෝකටත් එදයින් පස්සේ ඉබ්බෙක් ගෙනල්ලා දැම්මා ගේට්ටුවට.