අලි-පැටියා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කරුවලගස්වැව මයිලංකුලම තේවනුවර ප්‍රදේශයේ එලාරිස්වැවේ සිටි අලි පැටවකු ප්‍රදේශවාසින් විසින් අල්ලා බාර දුන් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.

    elephant_20159281.jpg
    elephant_20159282.jpg


    elephant_20159283.jpg
    elephant_20159284.jpg


    elephant_20159285.jpg
    elephant_20159286.jpg


    elephant_20159287.jpg
    elephant_20159288.jpg


    අද උදෑසන වැවේ සිටි අලි පැටියා දුටු ප්‍රදේශවාසියකු ගමේ සෙසු අයගේද සහයෝගය ඇතිව කරුවලගස්වැව වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් පැමිණ අලි පැටියා අනුරාධපුර පශූ වෛද්‍ය කාර්යාලයට රැගෙන යන බව අඩවිවන ආරක්ෂක නිළධාරී ලක්ෂ්මන් රෝහිත මහතා පැවසීය.

    මෙම අලි පැටියාගේ වයස සති දෙකක් පමණ වන බවත් නිරාහාරව සිටීම නිසා දැඩි වෙහෙසකින් සිටින බවත් ඔහු පැවසීය. මවට යම් අනතුරක් වෙන්නට ඇතැයි අනුමාන කැරේ.