අලුත් දුරකතනයක් ගැනීමට තීරණය කලෙමි.
ඔබ සැම මට පැවසු අයුරින් මගේ සැම්සුන් මන්දාකිණි හතර වර්ගයේ දුරකථනය ළමයෙක්ට දීමට තීරණය කර මාගේ වැඩිමහලු සහෝදරයකුගේ පුත්‍රයෙකුට දුන් පසු ඔහු පැවසුවේ "අනේ මාමෙ ඔය කැඩිච්ච ජරාවල්නම් මට එපා දෙනවනම් අලුත් එකක් අරන් දෙන්න" කියාය. ඉතින් මා ඔහුට බම්බු ගසගනිමට කියා එය නැවත ගෙදර ගෙනවුත් ලාච්චුවට දමා අලුත් දුර කතනයක් මිලදී ගැනීමට තීරණය කලෙමි.
ඉදින් මා අත රුපියල් හතලිස් දාහක් පමණ ඇත. මෙම ගානට සරිලන මගේ අවශ්‍ය තාවයන්ට ගැලපෙන එනම් ඉතා හොඳ සකසනයකින්, දෙවන ද්වයාංක සංඛ්‍යාවකින් යුත් දත්ත ලිවිය හැකි හා එයින් දත්ත කියවිය හැකි මතකයකින් හා මෙගාපික්සල් අටක හෝ ඊට වැඩි පින්තූර ගන්නා යන්ත්‍රයකින් සමන්විත දුරකතනයක් ගැනීමට අදහස් කරමි.
ඔබ දාන්න හොඳ දුරකථන වර්ග (මාගේ අතේ ඇති මුදලට සරිලන) පවසා මට සහයෝගයක් දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.