අසික්කිත සීඩී තැටිය (18+)
අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි .
"ආයේ එහෙම කරන්නෑ අම්මා "
වැරදි පිට වැරදි කරලා හැමදාමත් මම දෙන ඒ පිලිතුර අම්මා බාර ගන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා . ඒත් මොනවා කරන්නද .? මේ මම එදා පටන් ජීවත් වෙච්ච හැටි . කණට දෙකක් ගහලා "තෝ ගෙදරින් එලියට බැස්සොතින් අඬු කඩනවා" කියලා බනින්න තාත්තා උන්නා නම් අද මම මීට වඩා දහ ගුණයක් හැදිලා . අම්මගේ කටින් කවදාකවත් බැනුමක්, පරුෂ වචනයක් එලියට ඇවිදිල්ලා නෑ . කවමදාකවත් මට මහ සද්දෙන් කතා කරලත් නෑ . මම වගේ නාහෙට නාහන එකෙක් අයිලේ යන එක නවත්තන්න ඉතින් අම්මට හැකි වුණෙත් නෑ .
*******
දවසක් උදේ ඉස්කෝලේදී ජොන්ටි ගෙනද්දීපු අසික්කිත සීඩී තැටිය මගේ බෑග් එකට දාගන්න කලියෙන් මට මගේ අම්මව මතකෙට ආවා . එයා මම කරන හැම වරදකටම සමාව දෙන හැටිත් මම නිසා කඳුලු හලන හැටිත් මට සීඩී තැටියේ දිලිසෙන පැත්තෙන් මැවිලා පෙන්න වුණා .
"තෝ ඕක රහ කර කර තියාන ඉන්නැතුං දාගිය බෑක්කෙට ”
ජොන්ටිගේ තරවටුව ඇහිච්ච හැටියෙම මගේ දකුණු අත දුන්නක් වගේ ක්‍රියාත්මක වුණේ ඉබේටමයි . මම හනිකට ඒ අසික්කිත සීඩී තැටිට මගේ බෑග් එකේ තිබුනු පොතක් අස්සේ නිධන් කළා . ඒත් මගෙ හිත තාමත් මට බනිනවා .
"ජොන්ටියා මේක අහුවුණෝතින් නම් අපි කපෝතියි බං ..!”
"පික්සුද මස්ෂිනා. මෙවුවා අපි පුරුදු වෙන්ඩ කරන වැඩයෑ ?”
"තෝ නං කියාවි දැන් මේක තියෙන්නේ මයෙ බෑග් එකේනෙ . මම එපෑ විඳවන්න .”
"සඳරුවා ඉතින් නූල් සූත්තරේ දන්න එකා කියලා අපි දන්නවානේ බං ඒකනේ අපි උඹගේ බෑග් එකේ මේ වගේ වස්තු තැන්පත් කරන්නේ . ”
"අඩෝ මේ කැ* වැඩ කරන්නෙපා . මාව අහුවුණොතින් තොපි ඔක්කොමල්ලාගේ නං ගං ගෙහුං කියනවා මං පිනාට .”
"අඩෝ අඩෝ තොට තරහ ගියාද ? ඕකනේ ඉතින්..... හරි හරි ඉස්කෝලෙ ඇරෙන්න තව පැය හතර හමාරයිනේ බං තියෙන්නේ . .. ! එතකං හොඳ එකා වගේ ඔය ගණ රාජයා පරිස්සං කරහං මයෙ දෙයියා .”
"හ්ම් .” හැමදාමත් වගේ අවසානෙට මගේ කටින් හ්ම් හඩ පිට වුණා .
ඉස්කෝලේ සමිති සමාගම් වලදී , පන්තියේ උගන්වන වෙලාවේදී කවදාවත් මුල් තැනක් ගත්තේ නැති මම දහදුරා වැඩ කරද්දී නම් හැමදාමත් පෙරමුණ ගත්තා . ඇත්තටම කීවොත් ඒක සුදුස්සාට සුදුසු තැන ලැබීම කියලයි මගේ වටේ හිටිය පාප මිත්‍රයෝ කොයි කවුරුත් කීවේ . හොරෙන් තැඹිලි කඩන්න ගියත් අහල ගෙදරක වත්තට පැනලා අල ගලවන්න ගියත් , ඉස්කෝලෙන් පයින්න ගියත්,මල් ඔතන්න ගියත් අනික් එවුන් ඉන්නේ මම ඉස්සර වෙනකම් .
මදන විසේ ඉහට ගහලා තිබුන කාලේ නිසා වෙන්නැති හරි කොතැනද වැරදි කොතැනද කියලා මම ඒ වෙනකොට දැනං උන්නේ නෑ . ඉතින් එදත් මගේ මිත්‍රයෙක් රුපියල් තුන්සීයක් දීලා කොහේදෝ මන්දා ඈත දීපංකරේකින් ගෙනාපු අසික්කිත සීඩි එකක් මගේ බෑග් එකේ හංඟාගන්න මට සිද්ද වුණා .
මගෙ මිත්‍රයා ජොන්ටි කවදාවත් ඉස්කෝලෙ එනකොට බෑග් එකක් ගෙනාවේ නෑ . පුස් බයිසිකලේ පැදං එනකොට ගොයිජන සේවා එක ගාව තියන මහා පල්ලමෙදී බ්රේක් කරන්න අමාරුයි කියලා ඌ හැමදාමත් පොත් ටික ඉස්කෝලේ බංකුවක් අස්සේ හංඟලා ගෙදර ගියා ඉතින් ඌට බෑග් එකක් කවදාවත් උවමනා වුණේ නෑ .
සීඩී එකක් බලන්න හයිය තිබුනත් ඒක හංඟලා තියාගන්න හිත හයිය නැති මගේ ගැන්සියේ හිටි කොල්ලෝ සෙට් එකත් අමුතු අමුතු කතා කියලා සීඩී එක මගේ මල්ලටම පැටෙවුවා . ඒක බලන්න කැමැත්තත් මගේ හිතේ කොනක තටමමින් තිබුණ හන්දා මමත් සීඩී එක මගේ භාරයේ තියනවාට අකමැති වුණේ නෑ . කවුරුවත් එක වරම කඩා පැනලා මගේ බෑග් එක ඇතුලට අත දාලා සීඩි එක මගෙන් උදුරලා ගනීවි කියලා මට බයක් තිබුනෙත් නෑ .
වෙලාව ගත වෙලා ඔරලෝසු කටු කැරකිලා පීරියඩ් එකින් එක ඉවර වුණා . පන්තියට ආපු ගණිත සර් කළු ලෑල්ලේ මොකක්ද මන්දා බයිලයක් කරලා මට හුණු කොට්ටෙනුත් පතබාලා යන්න ගියා . ඉංගිරීසි ටීචර් කලු ලෑල්ලේ ලියාපු එකම වචනයක්වත් මට කියෝගන්න බැරි වෙච්ච නිසා හිත හොඳටම රිදිලා ඒ අසරණීත් පන්තියෙන් යන්න ගියා . විද්‍යාව උගන්වාපු සෑර් නම් මට පන්තියට ඇතුලු වෙනකොටම ආදරෙන් කතා කරලා "පුතා ඔයාට නිදි මතයි නම් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .
විවේක කාලය ඉවර වෙලා පටන් ගත්තේ සිංහල පීරියඩ් එක . කෑම දිරවන වේලාවට පන්තියේ බොහොමයක් ළමයි ඉගෙන ගන්න අකමැතියි .ඒ වෙලාවට සමහරු වැසිකිලියේ පැලපදියං වෙන අතරේ තව සමහරු ස්වේච්චාවෙන්ම පාසල් වත්ත සුද්ද පවිත්‍ර කරන්න පටන් ගන්නේ වැටෙන සැර අවුවවත් ගණනකට නොගෙනයි .
එදා සිංහල පීරියඩ් එකේදී කවුරු පන්තියෙන් කට්ටි පැනලා ගියත් මම පන්තියේම රැඳිලා හිටියේ සීඩි එක පරෙස්සම් කරගන්න හිතාගෙන නම් නෙවේ . ඉස්කෝලේදී උගන්නාපු විශයන්ගෙන් මම කැමති වුණ මට තේරුණු එකම විශය සිංහල වෙච්ච හන්දයි .
"කෝ අද මේ පන්තියේ දරුවෝ උන් කොහා පනං වුණාද ?”
සිංහල උගන්වන්න ආපු අශෝක සෑර් පොත් මිටිය මේසේ උඩ අත අරින අතරේ පන්තිය පුරාවටම බැල්මක් දාලා මගෙන් එහෙම ඇහැවුවා .
"වීදි සංචාරයේ ගිහිං වගේ සෑර් !”
"එතකොට මේ දැරිවියෝ ටිකයි සඳරුයි විතරයි පන්තියේ ?”
"ඕ"
"උඹ මේ දැරිවියෝ මුර කරනව වෙන්ටැ ?”
"අනෙ නෑ සෑර් මම ඉතින් හිංඟල මිනිහා නේ"
හඬ නඟා හිනා වෙච්ච අශෝක සර් මගේ පිටට තට්ටුවක් දාලා ලේසුවෙන් අත පිහගත්තා .
මුලු ඉස්කෝලෙන්ම මට වැඩියෙන්ම ආදරේ කරපු ගුරුතුමා වුණේ අශෝක සර් . එතුමා උගන්වන සිංහල වදන් මගේ පපුවේ හිට්ටේ ගලේ කොටාපු අකුරු වගේ .
"ළමයිත් නැති එකේ මම යනවා යන්න . මුන්ට ඉගෙන ගන්න ඕනෙ නැත්තං මං මොනාට මෙහෙට්ට වෙලා කාලෙ කන්නේ ?”
එහෙම කියාපු අශෝක සර් පොත් මිටියත් අරන් පන්තියෙන් එලියට බැහැලා ගුරු විවේකාගාරය දිහාට ඇවිදගෙන ගියා . සිංහල සර් පන්තියෙන් ගියා විතරයි වීදි සංචාරයේ නිරත වෙලා උන්නු කොල්ලෝ හැම එකෙක්ම ආයෙ පන්තියට දුවගෙන ආවා .
"අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ !”
පද්මේ සින්දුවකුත් කියාගෙන ඇවිදින් මගේ මූණ ඉම්බා . මම උගේ අහවල් එකට පා පාරක් දෙන්න හැදුවා විතරයි ඌ ඩෙස් පුටු පෙරලාගෙන මගේ ලඟින් ඈත් වුණා . අද සීඩ් එක බලන නිසා පන්තියේ කොල්ලෝ කවුරුත් හිතේ පුදුම සතුටකින් ඉන්න වග මට හොඳටම තේරුණා . ඒත් කවුද හිතුවේ ඒ සතුට ගෝනි බිල්ලෙක් අරගෙන යාවි කියලා .
තිබහක් හැදුන නිසාම මම කෙල්ලෙකුගේ වතුර බෝතලෙන් වතුර උගුරු දෙකක් බොන්න ලැහැත්ති වුණා විතරයි උසස්පෙළ පන්තියේ ජෙමා කියන නසරාණි ශිෂ්‍ය නායකයා අපේ පන්තියට කඩා පැන්නේ තවත් ටයි පොලු එල්ලගත්ත සහයක ඩැනීලා දෙදෙනෙකු සමගිනුයි .
"බෑග් පෙන්නහල්ලා හැමෝම !”
ජෙමාගේ හඬට මෙච්චර වෙලා මරිය කඩේ වගේ තිබුණ පන්ති කාමරේ මෝචරිය වගේ නිහඬ වෙලා ගියා .
"බෑග් විතරද ?”
ජොන්ටි එහෙම අහද්දී ජෙමා උගේ මූනට එබුණා
"ඔවු ඩෝ !”
ජොන්ටි පැත්තක වුණා
පන්තිය පුරාම තිබුණ කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ බෑග් මලු සහ ඩෙස් පියන් අතර සෝදිසි මෙහෙයුමක් දියත් කරපු ත්‍රිපුද්ගල ශිෂ්‍ය නායක කණ්ඩායම මගේ බෑග් එක ගාවටත් ආවා . මගේ බෑග් එක ඇවිස්සුවොත් සීඩි එක අහුවෙන බව මම හොඳාකාරවම දැනං උන්නා . ඒ සීඩි එක අහුවුණෝතින් මට මගේ ජීවිතේට අලෝගත හැකි අමුම අමු ජරා නාමය වන වනචරයා කියන නාමය ලැබෙන බවත් ගුරුවරු ගුරුවරියෝ මගේ දිහා බලලා කෙල ගහන තත්වෙට මම වැටෙන බවත් මට තත්පරෙන් තේරුම් යද්දී ජෙමා මා ගාවට කිට්ටු කලා .
"බෑග් එක ඇරහං සඳරු !”
"ඇයි ඒ ? මයෙ බෑග්ගෙට එහෙම අත දැම්මොත් අත කඩනවා .”
"ආ උඹ ලොකු සීන් ද ? මෙහෙ දිය බැග් එක"
ජෙමා මගේ බෑග් එක උදුරන්න හදනකොටම මම මගේ බෑග් එක ජොන්ටි ගාවට වීසි කලේ ආලෝකයේ වේගයෙන් ! . ජොන්ටිත් ඒක වෙන එකෙක් ගාවට පාස් කලා .
"කීවම අහලා බෑග් එක දාපං !”
ජෙමා කෑගෑවේ ඉස්කෝලෙන් බාගයකටම ඇහෙන තරම් මහ හයියෙන් ජෙමාගේ සද්දේ හන්දා අහල පන්තියක උගන්වමින් හිටි ගුණපාල සර් අපේ පන්තියට දුවගෙන ආවා .
"මොකෝ මේ සද්දෙ මම කොහොමද යකුනේ උගන්නන්නේ ?”