මංත්රීබබා;8381888 said:![]()
සැමියා බීමතින් මහ රෑ ගෙදරට පැමිනේ.බිරිඳ හොර සැමියා සමඟ නිදිය.
හොර සැමියා- ඔයාගේ මිනිහා නේද ඔය දොරට ගහන්නේ
බිරිඳ- ඔයා සද්ද නැතිව බුදියාගෙන ඉන්න.ඌ හොඳටම බීලා ඉන්නේ.ඔයාව පේන එකක් නෑ කරුවලේ.
හොර සැමියා ඉහෙන් කනෙන් වහගෙන බුදිය.ඔහුගේ කකුල් පමනක් බෙඩ් ෂීට් එකෙන් එලියට ඇවිත් ඇත
සැමියා බීමතින් පැමින ඇඳේ ඇලවුනා. ටික වේලාවකින් ඔහු මෙසේ පැවසුවා
සැමියා- මොකද මේ කකුල් 6ක් තියෙන්නේ මේ ඇඳ උඩ .අපි දෙන්නට තියෙන්නේ කකුල් 4 යි නේ යෝදියේ
බිරිඳ- ඔයාට බීලා වැඩිවෙලා ගනන් වැරදිලා.ආපහු ඇඳෙන් බැහලා ගනන් කරනවා
සැමියා ඇඳෙන් බැස ගැන්නේය.
සැමියා - එකයි.. දෙකයි.. තුනයි.. හතරයි... ඔයා හරියටම හරි, බලනවා මට බීවත් ගනන් කරන්න පුලුවන් නේ
http://colombo50.blogspot.com/


















මංත්රීබබා;8384326 said:![]()
මගේ යාලුවෙක් මේක ඊ මේල් කරා ඉස්සර.මම එලකිරි එකට දැම්මා මගේ කිසිම දේශපාලනයක් මෙතන නැත




මේ සිද්දිය උනේ තරමක් පිටිසර පැත්තට වෙන්න වගේ තිබ්බ ගමක දැනට අවුරුදු පහලොවකට විතර කලින්....
ඔන්න ඔය ගමේ ඉන්නවා කරෝලිස් කියල මනුස්සයෙක්...
දවසක් දා ඔන්න ඔය මනුස්සයා ටවුමෙ පොළට ගිහින් ලොකු බඩුමල්ලකුත් කරතියාගෙන පාර දිගේ තනියම එනවලු..
( ඒ පැතිවල ඉතිං ඒකාලෙ වාහනයක් දකින්නෙත් කලාතුරකින් හින්ද තමයි මේ මනුස්සය විටකුත් හපහපා තමයි ඉතිං ගමට යන්නෙ... )
ඔන්න ඔය අතරෙ ටවුමට ගියපු කළුබණ්ඩා ත් ඔන්න එනවා තමන්ගෙ කරත්තෙ....
ඔන්න ඔතන ඉදන් තමයි කථාව පටං ගන්නෙ......
කළුබණ්ඩා : ආ... මේ... කරෝලිස්නෙ......... කොහෙද බං ගියෙ....?
කරෝලිස් : ආ..නේ.. මේ කළුබණ්ඩා අයියනේ... මම අද පොළට ගියා......
කළුබණ්ඩා : හරි.. හරි... නැගහන්කො කරත්තෙට.......
ඔන්න ඉතිං දෙන්නම ආගිය තොරතුරු එහෙම කථා කර කර එනවලු...
ඒත් තාමත් කරෝලිස් බඩුමල්ල කරත්කෙ තට්ටුව උඩින් තියල නැහැල්ලු....
තව ටික දුරක් ඔහොම්මම ආවලු.....
තවමත් කරෝලිස් බඩුමල්ල කරේ තියාගෙන මලු ඉන්නෙ...
කළුබණ්ඩා : කරෝලිස් ඔය බඩු මල්ල කරත්තෙ තට්ටුවෙන් තියහං බං....
කරෝලිස් : කමක්නෑ අයියෙ.......
ඔන්න ඉතිං තවත් ටික දුරක් ඔහොම්මම ආවලු....
කරෝලිස් බඩුමල්ල කරත්තෙන් කියන්නෙම නැතිලු...
කළුබණ්ඩාට ටිකක් විතර තද උනාලු...
කළුබණ්ඩා : යකෝ ඔය මල්ල තියපිය කරත්තෙ උඩින්..... මොන එහෙකටද උඹ ඕක උස්ගෙන ඉන්නවද .......?
කරෝලිස් : ආහ්...... ඕක...... මොකක්ද........ කවබණ්ඩා අයියෙ......
කළුබණ්ඩා : යකෝ ඕක තියපිය... ඕක තියන්න ඇති තරං කරත්තෙ ඉඩ තියනවානෙ......
කරෝලිස් : ඒවුනාට අයියෙ මේ සතා පවුනෙ...
කළුබණ්ඩා : මොන සතාද...?
කරෝලිස් : ඔය කරත්තෙ ඇදගෙන යන හරකා.......
කළුබණ්ඩා : ඇයි ඒ....
කරෝලිස් : නෑ ඉතිං අයියෙ ඌ මගෙ බරත් උස්සගෙන යන එකේ මගෙ බඩු මල්ලෙ බරත් පටවන්න බෑ නේ.... ඒ හින්ද මගෙ බඩු මල්ල මමම උස්සගෙන යන්නම් කෝ............
....................................... ඊට පස්සෙ මොනව වෙන්න ඇතිද.? ........................................













