බර කරත්තයක්නම් නෑ මචන්.....
මම ඔටො මොබයිල් මගේ ෆීල්ඩ් එකත් නෙවි.... ඒ වගේම පැය 24ම මේකෙ නිදාගන්න කෙනෙකුත් නෙවි....
අනික මම perodua පදින/ පැදපු කෙනෙකුත් නෙවි. මගේ කසින්ට තියනවා. ඒකි එලයිට් (2011) , ඇක්සියා ( 2017) පදිනවා

මැලේසියා තමයි හදන්නෙ, අවුලක් නැද්ද
මැලේසියාවේ තමා හදන්නේ ඒ උනාට Toyota Parts තමා ගොඩක් තියෙන්නේ Rebrand කරලා Perodua කියන්නෙත් Toyota ම තමයි
මැලේසියාවේ හදන එක ඇත්ත.... Malaysian Brand. මා දන්නා තරමට විවා (එලයිට් එක ලන්කාවේ උනාටා විවා තමා මැලේසියාවේ ජනප්රිය) එකේ තියෙන්නෙ ටොයොටා පැසො 2007 - 2010 මොඩල් එකට සමාන අමතර කොටස්... නමුත් AXIA, BEZZA සහ MYVI වල පෙරඩුවා වලට ආවේනික කොටස් තිය්න්නේ බහුතරය..

ඔප්ශන් කොහොමද
ලොකු Option ගොඩක් දැකලා නැහැ Basic ඒවා තියෙනවා කියලා දැක්කා යන කොට ( Power Sutters )
ඇත්ත... කොහොමත් බජට් කාර් එකක ලොකු ඔප්ශන් බලාපොරොත්තු වෙන්න බෑ. eco idle වත් නෑ මන් දන්නා තරමට

තෙල් වැඩ කිරිල්ල කොහොමද?
හොඳටම තෙල් වැඩ කරනවා.
එලයිට් ( 13 - 14 per KM city limit) එක කරනවා ඇක්සියා (12 per KM city limit) එකට වඩා... (මැනුඑල් දන්නේ නැත. ඔටෝ ගැන කිව්වේ)

පාර්ට්ස් එහෙම තියෙනවද, සර්විස් එකට කොච්චර යනවද මෝමල්
Parts තියෙනවා ඇති වෙන්න ලංකාවේ නැත්නම් පංචිකාවත්ත තේ සිසිල මෝටර්ස් එකට කියලා ගෙන්වා ගන්න පුළුවන්
Service නම් අඩුම ගානක් යනවා ඇති පිටින් කරොත් Unimo දැම්මොත් නම් හොඳ ගානක් ගලවයි
පාර්ට්ස් වල අඩුවක් තිබුනේ නෑ... නමුත් දැන් බඩු ලංකාවට එනවා අඩුයි..

එන්න බලන කොමන් ලෙඩ මොනවද?
දන්න තරමින් ලෙඩ නැහැ Perodua වල කොහොමත් Interior design quality නැහැ Paint එක කාලයක් යනකොට පිච්චෙනවා
default errors දන්නා තරමට නෑ... එලයිට් එක අවුරුදු 5ක් , ඇක්සියා එක අවුරුදු 3+ පේන්ට් ප්රශ්න ඇවිත් නෑ.. නඩත්තුව අනුව වෙන දෙයක්ද කියන්න දන්නෙ නෑ...