දම්රෝ එකෙන් බඩු අරගෙන තියනවා තාම කැඩිලා නැහැ මොනවත්
මෙට්ටයක් ගත්තා ගන්නකොටම කිවුවා මාස 3ක්ද කොහෙද යනවා කියලා මාස දෙකකින් වගේ ගෙදරට ගෙනත් දුන්නා
ඉනවෙක්ස් ප්‍රෙශර් කුකර් එකක් තිබ්බා ගෙදර, ඒක ගෙදර කවුරු හරි බිම දාල ඒකෙ මිටවල් හැඬල් කෑලි ටික කැඩිලා පුපුරලා තිබ්බා, පස්සෙ දවසක හරියට වහන්නෙ නැතිව ලිපේ තියලා ඒකෙ රබර් ගෑස්කට් එක පිච්චිලා තිබුනා, දම්රෝ එකට ගිහින් දුන්නා ලොක්ඩවුන් කාලෙම සති 3කින් විතර අර කැඩුන සේරම කෑලි ඔරිජිනල් විදියටම රීප්ලේස් කරලා ඔරිජිනල් ගෑස්කට් එකකුත් දාල රුපියල් 450ට හදලා දුන්නා. ඔන්ලයින් ගන්න තියනවා රබර් ගෑස්කට් එක විතරක් 700ක් විතර වෙනවා, ඔරිජිනල්ද දන්නෙ නැහැ, ප්ලාස්ටික් මිටවල් ටික ගන්න තියනවා ඒක 2000ක්ද කොහෙද.
තව සොෆ්ට්ලොජික් එකෙන් වයිපරේගෙ තාත්ත මහන මැසින් එකක් ගෙවන්න අරගෙන ඒක වැඩ කරන්නෙ නැහැ, මෝටරේ වැඩ ඉදිකට්ට උඩ පහල යනවා හැබැයි මැහෙන්නෙ නැති අවුලක් තිබ්බා
සොෆ්ට්ලොජික් එකට ගිහින් දීලා තිබ්බා, ගෙවපු සල්ලි වලින් වෙන මොනවා හරි ගන්න පුලුවන් හැබැයි ඒකට ගානක් අඩු කරන්න ඕන පැකේජ් ඕපන් කරපු නිසා කියලා කියලා තිබ්බා
මම ගිහින් ඕක කතා කරාම ගානක් අඩු කරන්නමයි කියන්නෙ, ඒකෙ මැනේජර් ගෑනිට අතින් පාඩුව දරාගන්න වෙනවා කියලා, මම මුල ඉඳන් කියලා දුන්නා ෆැක්ටරි ෆෝල්ට් වලට ඇයි කවුරුවත් පාඩු දරාගෙන්නෙ හරියට වොරන්ටි නං කම්පැනි යවල මේක හදාගන්න කියලා, මාත් එක්ක කියවලා කියවලා අන්තිමට ඒකි කිවුවා මම කෑගැහුවට මැශින් එක වැඩ කරනවා ඒක නිසා සොෆ්ට්ලොජික් එකට පුලුවන් මේකෙ ගානක් අඩු කරගන්න අරවද මේවද, මං කිවුවා එහෙනං මහලා පෙන්නන්න කියලා ඒ ගෑනි ඒක සෙට් කරලා ඉවරවෙලා ඉදිකට්ට උඩ පහල යනවා පෙන්නලා කියනවා මේ වැඩ කරන්නෙ කියලා, මං රෙදි කෑල්ලක් මහල පෙන්නන්න කිවුවම මැහෙන්නෙ නැති උනාම ඒ ගෑනිගෙ ඇස් දෙකෙන් කඳුලු වැටුනෙ නෝන්ඩියට, එතන වැඩ කරන එවුනුත් ඇවිත් එක එක ඒව කරනවා හරියන්නෙ නැහැ උන්ටත් පට්ට නෝන්ඩිය, එකෙක් වචනයක් කතා කරනේ නෑ ඊට පස්සෙ
අන්තිමට අර ගෙවපු ගානට වෙන බඩු වගයක් අර ගත්තා, ඒව නං අවුලක් උනේ නැහැ. මම අන්තිමට එහෙනං අපි යන්නං කියද්දි සේරම එක්ක බිම බලං හිටියා
වැලිගම සොෆ්ට්ලොජික් එකේ, මම කන්වසේශන් එක රෙකෝඩ් කරගත්තා FB එහෙම දානවද කියලා හිතලත් දැම්මෙ නැහැ වැඩේ මට ඕන විදියට විසඳුන නිසා.